( රංජිත් රාජපක්ෂ)
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහළ අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති නිසා කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඉකුත් 22 සහ 23 යන දෙදින තුළ ගුවන් හමුදාව විසින් සාර්ථකව සිදු කරනු ලැබුහ.
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහළ බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා එම ජලාශයේ ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ පුජා කටයුතු ප්‍රදේශවාසින් විසින් දිනපතා සිදු කරන අතර 1917 දි ඉදි කරන ලද එම කෝවිල සම්පුර්ණයෙන්ම කළු ගලෙන් ඉදි කර ඇත.
එම හින්දු කොවිලේ අලංකාරය සදහා කුළුණු වල ගල් කැටයම් සිදු කර ඇති අතර එම ගල් කැටයම් තවදුරටත් ආරක්ෂිතව පවති.
මේ අතර කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසි නිසා 1979 වර්ෂයේ කොත්මලේ ජලාශය ඉදි කිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වෙමින් පවති. එම ජලාශයේ 34% ජල ධාරිතාවක් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.
වර්ෂා පතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ
පවතින අධික වර්ෂාවත් සමඟ ඌවපරනගම අඹගස්දොව රේන්දපොල මාර්ගයේ මාගා ගල්වල අසලදී අද (18) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව
වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල්
ගාල්ල තනි පොල් ගහ හන්දිය ප්‍රදේශයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය අලවි වෙළඳ සැලක ගින්නක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව ලෝක උරු
කළුතර ධර්මරාජ මාවතේ ඇල ඉවුර ආසන්නයේ අබිලි ද්‍රව්‍ය ගොඩගසා තිබු ස්ථානයක අද දහවල් ගින්නක් හටගෙන ඇති බව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි .
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කෘතිම වැසි ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවයි
චමින්ද Tuesday, 26 March 2019 11:16 AM
ඉහළ අහසේ ජලවාෂ්ප හා වැහි වලාකුලු නොමැති නිසා කෘතිම වැසි ව්‍යාපෘතිය නවතා ඇත. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහල අධ්‍යාපනයක් නොලත් මට අහසේ වැහි වලා සහ ජලවාෂ්ප නොමැති වීමට හේතු ලෙස පෙනෙන්නේ වනාන්තර එළිපෙහෙලි කිරීමත් භූමිය ගස්වැල් වලින් තොරකිරීමත් කියල හිතෙනවා. මම අධිවේගී මාර්ග සඳහා අකමැති නැතත් ඒවායින් භූමිය ගස්වැල් වලින් තොරව වියලී යන බවක් පේනවා.අධික හිරු රැසින් භූමිය (අධිවේගී මාර්ග හා මහා මාර්ග)රත්වීමෙන් අහසේ තිබෙන ජලවාෂ්ප තවතවත් ඉහලට ගමන් කරනවා. දුම්රිය මාර්ග ඇතිකලොත් මෙවැනිදේ නොවේවි කියලත් හිතෙනවා.
kuleTuesday, 26 March 2019 12:58 PM
හිතවත, අධිවේගී මාර්ග ලංකාවට වඩා පිටරටවල් වල තිබෙනවා එහි ගමන්කරන වාහනද අපේ අධිවේගී මාර්ගවල ගමන්කරන වාහනලට වඩා බොහෝ වැඩයි වැඩිවෙන ජනගහනය අනුව ඉදිවෙන යටිතල පහසුකම් අනුව පරිසරහානියක් සිදුවෙනවා තමයි.එම ප්‍රමාණය අවම කිරීමට තමයි උනන්දුවිය යුත්තේ මේ කාලගුණ විපර්යාසය ලෝකෙටම බලපානවා අපේ රටෙනම් තුරු ලතා විශාල ලෙස කපා විනාශකිරීමෙන් මේ ව්‍යසනය ඇතිවෙලා තියෙන්නේ අද වනසන්හාරය ඉතා ප්‍රබලව සිදුවෙනවා නීතිය දුර්වලයි. දඩුවම් දෙන්නේ සුලු වශයෙනුයි රජයට සම්බන්ද බලවතුනුත් මර බලය ඇති බලවතුනුත් වන විනාශය සිදුකරනකොට මෙයට වඩා දරුණු ව්‍යසනයන් ස්වභාවික ව්පත් ඉදිරියේදී ඇති වීමට පුළුවන් වගකිවයුත්තන්ගේ නිහැඩියාවෙන් ඒ ව්‍යසනයන් ඉක්මන් වීමටත් පුළුවන්.
weerakoonTuesday, 26 March 2019 01:32 PM
නැවතත් අපි ගල් යුගයට යමු... අල බතල කමු. ලයිට් එපා. පහට නිදා ගමු..... එවිට ඔබ කියන දේ නිවැරදි කල හැකිය.
chandimaTuesday, 26 March 2019 04:50 PM
වැඩක් නැහැ මල්ලියේ ඔයා සාමාන්‍ය පෙළ දක්වා ගිහින් ඔයටික තෙරුම්ගත්තට, අර පාර්ලිමේන්තුවේ ඉන්න චීන උෟරෝ වැඩි දෙනෙක් අටේ පන්තියට විතරයි ගිහින් තියෙන්නේ. ඒ යන කාලෙත් කසිප්පු පෙරාපු හොරපොල් කඩපු උන් තමයි ඉන්නේ...
සමන් ඔස්ට්‍රලියා Wednesday, 27 March 2019 08:51 PM
හරියට හරි චමින්ද මල්ලි . දැනුම තියෙන්නේ උපාදි වල නෙවෙයි . සකස් කඩ නොකී කට උගේ කට හුබස් කට කිව්වලු මේ ටියුෂන් අධ්‍යායාපනය නිසා හුගක් අයට පොතේ දැනුමත් සීමිතයි. මම අහගෙනයි අපේ විදුලි ඇමති කියනවා ලයිට් දෙකක් නිවන්න කියලා. දැන් හුගක් පාවිච්චි වෙන් ලයිට් වලට යන්නේ වොට් 5- 10. නමුත් රීමොට් එකෙන් ඔෆ් කල උපකරණයක් වොට් 10- 20 මුළු දවසෙම ගන්නවා. පොන් චාජර් දවසෙම ගහල තියෙනවා ඒවා වොට් 5- 10 ගන්නවා
d.upul Tuesday, 26 March 2019 11:40 AM
මේවා තමයි ශාප....
SAMPATH Tuesday, 26 March 2019 12:11 PM
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නැහැ.
du Tuesday, 26 March 2019 01:51 PM
පූර්ව අධ්‍යයනවලින් තොරවද මෙවැනි දේ කිරීම් අරඹන්නේ?
saman Wednesday, 27 March 2019 04:28 AM
මමත් ආදීවේගී මාර්ග වලට කැමති වගේම සිදුවෙන පරිසර හානිය නිසා එයට කොහෙත්ම කැමති නැත......
vipula Wednesday, 27 March 2019 06:20 AM
අද ලංකාවේ හැම තැනකම සිමෙන්ති වලින් හැදු පොඩි ගල් වලින් පොලොව වහගෙන යනවා. මිනිස්සු තේරුම් ගන්න ඕනේ පොලොව වහගෙන ජීවත් වෙන්න බැහැ
chaminda Wednesday, 27 March 2019 09:00 AM
රෑට රෑට කව්ද අහසට ෆ්ලෑෂ් ලයිට් හතරක් පහක් ගහනවා, මේවයින් වලාකුළු විසිරිලා වැස්ස නැති වෙනවා කියල තම කියවෙන්නේ, මේ දේවල් කාගේ උවමනාවට කවුරු කරනවා ද කියල හිත ගන්න අමාරුයි
DMS Friday, 29 March 2019 01:09 PM
කාලගුණ විපර්යාසවලට කාටවත් දොස් කියන්නවත් ඒවා වෙනස් කරන්නවත් කාටවත් බෑ. මිහිකත උණුසුම් වීම ප්‍රධාන හේතුව වන අතර මෙය වැළැක්වීමට දැනටමත් බොහෝ දේ සිදුවෙනවා. ගැටලුව මේ සියලු දේ දන්නා අනෙක් රටවල් විකල්පවලට හෝ තිබෙන විදුලිය නිෂ්පාදන ක්‍රම වැඩි දියුණුකර විදුලිය නොනවත්වා සපයනවා. ජල විදුලිය මත පමණක් බලාපොරොත්තු තබා ගැනීම අවදානම්. අපි සැවොම මිහිතලය උණුසුම් වීම නැවත්වීමට කටයුතු කරන අතරම නියඟයකදී විකල්ප සඳහා යා යුතු වෙනවා.