IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කතානායක නිවේදනය අනුව අගමැති අසුන ගැන තර්කයක් නෑ

අංජුල මහික වීරරත්න
 
පාර්ලිමේන්තුව කැඳවන දින අගමැති අසුන හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවැසීය.


පාර්ලිමේන්තුව කැඳවූ විට අගමැති අසුන හිමිවිය යුත්තේ කාටදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.


“නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති නායකත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි” යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ අගමැති අසුන කාටදැයි තර්කයක් නැති බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.


ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලෙස කතානායකවරයා විසින් පිළිගෙන තිබෙන බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.


කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය  හමුව පැවැත්විණි.



අදහස් (8)

කතානායක නිවේදනය අනුව අගමැති අසුන ගැන තර්කයක් නෑ

Ratne Monday, 05 November 2018 09:15 AM

ජනාධිපතිතුමාගේ පත් කිරීමක් නොසලකා ඉන්න තරම් කථානායකතුමාට බලතල ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රමුඛ ලෙස සැලකිල්ලට ගෙන සැබෑ ජනමතය නියෝජනය කරන රජයක් පිහිටු වීම සඳහා වහාම මැතිවරණයකට යාම වඩාත් උචිත බව පෙනී යයි. නැත්නම් මන්ත්‍රී තනතුරු මුදලට පාවා දීම සත්‍ය හෝ අසත්‍ය චෝදනා දිගින් දිගටම දැකිය හැකිවෙයි.

:       1       1202

ආනන්දMonday, 05 November 2018 12:57 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට ජනාධිපති ඇතුළු සියළුම දෙනා දිවුරුම් දී තිබෙනවා. ජනාධිපතිටවත් ව්‍යවස්ථාවට උඩින් යන්න බැහැ! 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල සීමා කර තිබෙනවා. අගමැති ඉවත් කරන්න ජනාධිපතිට බලයක් නැහැ!! මහින්ද අගමැති වශයෙන් පත් කිරීම අභියෝගයට ලක්ව ඇත්තේ ඒනිසාය. මුදල් කුට්ටි දී මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම නිසා උගත යුතු පාඩම් නම් 01. මෙවැනි පුද්ගලයන් වහාම පක්ෂයෙන් නෙරපා ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කළ යුතුය. 02.කිසිම දිනෙක ඔවුන්ව නැවත පක්ෂයට වැද්ද නොගත යුතුය. 03.නැවත කිසි දිනෙක ජනාධිපතිවරණය වැනි අවස්ථාවක එජාප අපේක්ෂකයාට මිස වෙනත් පුද්ගලයන්ට කිසිසේත් සහාය නොදිය යුතුය. 04. වර්තමාන දේශපාලන හෙයියන්මාරුව නිරාකරණය සඳහා කවර යෝජනාවක් ඉදිරිපත් වුවද එජාප නායකත්වයෙන් පිට කිසිම අයෙකුට පරිවාස හෝ කවර හෝ රජයක් අගමැති පදවිය නොදිය යුතුය. 2015 පොදු අපේක්ෂකයා වශයෙන් සිරිසේන පත් කිරීමෙන් සිදුවූ හරිය ඇස් පනා පිට පෙනෙන හෙයින් එවැනි මෝඩකම් මින් ඉදිරියට නොකළ යුතුය.!!!

:       0       11

sirimal Monday, 05 November 2018 09:54 AM

කතානායක වරයාගේ ප්‍රකාශය මෙවැනි ඉතාම බරපතල වගන්ති වලින් පිරී ඇත. "රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් ගරු මහජන නියෝජිතයින්ට වරදාන ලබාදෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වේ. "උතුරේ දෙමල ජනයා වෙත නාමල් මන්ත්‍රීවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයකින් "එල්ටීටීඊ සිරකරුවන් සියල්ල නිදහස් කරන" බව දන්වා තිබේ. මේ පිළිබඳව ලෝක මාධ්‍ය ඉහළ ප්‍රචාරයක් දී තිබුණි. කරුණා අම්මාන් "කර්නල් කරුණා නමින් ඔහුගේ ට්විටර් පිටුවේ "මහින්දට කැමැත්ත ලබා ගැනීම උදෙසා දෙමළ සන්ධානයේ මන්ත්‍රීන් කිහිපදෙනෙක් සමඟත් ඒ අයට සහය දක්වන විදේශ දෙමළ ඩයස්පෝරාවේ කිහිපදෙනෙකුත් සමගත් කල සාකච්ඡා සාර්ථක වී ඇති බව සඳහන් කර ඇත. 3 වෙනිදා අනුරාධපුර ථූපාරාමය අසලින් ‘රන්වැලි සෑ සියපත් වන්දනා’ නමින් අලුත් පූජා වර්ගයක් අරඹමින් ගෝඨාභය රාජපක්ෂ කියා ඇත්තේ "අලුත් රජය මුලින්ම කරන්නේ රණවිරුවන් සියලු චෝදනා වලින් නිදහස් කරන" බවයි. මොකද්ද මේ දෙපැත්තම කන සෙල්ලම?

:       1095       1859

DD Monday, 05 November 2018 10:27 AM

කථානායක කොහොමද එක පක්ෂයක පැත්තක් ගන්නේ? එයා ස්වාධීන විය යුතුයි. අනිත් එක එයා කොහොමද ජනාධිපතිවරයාගේ නියමය ඉක්මවා යන්නේ?

:       833       697

chapa Monday, 05 November 2018 12:30 PM

කරුගේ සුද පේන්නේ ඉගිලෙන කොටලු...

:       127       15

sandy123 Monday, 05 November 2018 12:46 PM

ඒකට තමා කියන්නේ කතානායකගේ වරප්‍රසාද කියලා... සිරිසේනට, මහින්දට හරි දේ කිව්වානම් කතානායක හරි හොඳයි. නැතිනම් හරිම නරකයි.

:       0       19

shan saudi Monday, 05 November 2018 01:16 PM

මේ ව්‍යස්ථාව ගැන අබමල් රේණුවක් නොදන්නා අය ගංජා ගහලා වගේ මේකට බයිලා ගහනවා. ව්‍යවස්ථාවේ නැත්නම් වැඩි ඡන්දය හිමි කෙනාට අගමැතිකම හිමියි කියල කතානායක කියන්නේ වීරවංස වගේ කෙනෙක්ද? කටට එන දේවල් කියවන්න එපා. පාර්ලිමේන්තුව පටන් ගන්නකල් ඉන්න. එදාට බලාගන්න පුළුවන් වෙන්නේ මොකද්ද කියලා..

:       0       8

Nandalal DE SILVA - France Tuesday, 06 November 2018 03:52 PM

පාර්ලිමේන්තුව රැස්වූ විට අපට ලස්සන "සංගීත පුටු තරඟයක්" බලාගන්න පුළුවන් වේවි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 566 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 326 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site