IMG-LOGO

‘කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බව ජී. එල්. කියයි


කතානායකවරයා   විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව  අමු අමුවේම දෙවතාවක් උල්ලංඝණය කර ඇතැයි  ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණු සභාපති මහාචාර්ය ජී එල් පීරීස් මහතා පැවසීය.


  මේ වන විට  බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ  පැවැත්වෙන ‘ රටම රකින ජන මහිමය ‘ රැලිය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.


 ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කිරීමෙන් පසු එය වෙනස් කිරීමට කතානායකවරයාට බලයක් නැතැයිද  ජී එල් පිරීස් මහතා පැවසීය.


කතානායකවරයා විසින් අද නිකුත් කළ නිවේදනයේ සඳහන් පරිදි කතානායකවරයාට උපකාරකිරීමට ජනාධිපතිවරයා බැදී සිටිනවා යන්න සඳහන් කිරීමම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කණපිට හැරවීමක්  බව පැවසු ජි.ල් පිරිස් මහතා  වැඩිදුරටත් සඳහන් කළේ කතානායක වරයා කටයුතු කරන්නේ  කතානායක හැටියට නොව එක්සත් ජාතික පාක්ෂිකයෙක් ලෙස බවයි.

(36698)

 



අදහස් (20)

‘කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බව ජී. එල්. කියයි

ඇත්ත සත්‍යපාල Monday, 05 November 2018 09:50 AM

ගමේ ඉතුරුවෙලා ඉන්න යුඇන්පී කාරයෝ එකා දෙන්නට ගුටි අන්නන තැනට තල්ලු කරන්න එපා. එජාපය හැමදාම හදන්නේ රටේ ලේ වගුරුවන්නට. මේ හදන්නේ ඒකට. එජාපය පැහැදිලිව දන්නවා තමන්ට ඡන්ද පදනමක් නෑ කියලා. ඒ නිසාම දිගින් දිගටම ඡන්ද කල් දැම්මා. දැන් ජනාධිපතිවරයාත් ආපසු හැරුන තත්වයක් තුළ සහ මහබැංකු මංකොල්ලය සැබෑවක් බව රටම දන්නා තත්වයක් තුළ ඔවුන්ට ඉතිරිව ඇත්තේ සුළු ජාතික ඡන්ද සහ කැපුවත් කොළපාට ඡන්ද ටික පමණි. එසේ තිබියදී එජාප නායකත්වය නවීන් බෑණනුවන්ට ලබා ගන්නට හැකිවෙයි සිහින මවමින් කතානායක පිස්සු කෙළිමින් සිටියි. මේ හරහා ඇතිවෙන කෝලාහල ජාතිවාදී කොලාහලයක් දක්වා වුවද තල්ලු වී යා හැකිය. එජාපය පසුපස සිටින බළල් අත වන බටහිර රටවල වුවමනාවද මෙයයි. රටේ ඇතිව තිබෙන අර්බුදකාරි තත්වය මැද කාගේ අණ පිළිපැදිය යුතුද කියන ගැටලුවකට මැදිවන ආරක්ෂක අංශ වල්මත් වනු ඇත. මෙය දඩමීමා කරගෙන සුළු ජාති ආරක්ෂා කරන මුවාවෙන් ඉන්දියාවේද ආශීර්වාද මැද බහුජාතික හමුදා ගොඩ බැස රට බෙදා වෙන්කර දැමීම අවසන් ප්‍රතිඵලයයි.

:       5381       3484

kapMonday, 05 November 2018 10:33 AM

ඔයාට පව් !!!

:       242       495

ගලබොඩ අත්තේ චමින්ද Monday, 05 November 2018 11:47 AM

නියම ගෝත්‍රිකයෙක්ගේ ස්වරූපය. ඔයා වගේ චණ්ඩි තමා පොහොට්ටුව වටේ ඉන්නේ. ව්‍යවස්ථාව කඩලා රට අරාජික කරලා, පගාව දීලා ඔළුගෙඩි මාරුකරන එක ඔබ පිළිගන්නවද? මහින්ද කරත්, රනිල් කරත් වැරැද්ද වැරද්දමයි. 2015 ට කලින් ඒ රජයේ අය හොරකම් කලේ නැද්ද? දැනුත් අහිංසක මිනිසුන්ව පාර්ලිමේන්තු වටරවුමට ගෙනල්ලා නටවනවා. ගොබ්බ සංදර්ශන... හැමදාම කෙසෙල් කන්න... එතකොට මොලේ වැඩෙනවා.

:       278       855

AmilaMonday, 05 November 2018 12:33 PM

මැතිවරණ පහු කරේ සිරිසේන මහත්තයා. ඔහුට තිබුණු දේශපලන අස්ථාවරභාවය නිසා ඔහු බොරුවට කිව්වා අලුත් ක්‍රමේට මිසක් පරණ ක්‍රමේට ඡන්ද එපා කියලා. බලන්න ෆයිසර් ඇමති කියපු දේවල් සහ පියදාස ලේකම් කියපු දේවල්.. සිරිසේන මහත්තයා තමයි මේ සියලුම දේවල් අැනලා රටේ මේ ගැටලුව නිර්මාණය කරලා තියෙන්නේ...

:       0       139

rajith Monday, 05 November 2018 09:55 AM

දැන් ද ව්‍යවස්ථාවක් තියෙනවා කියලා මතක් වුණේ?

:       1153       1680

අනුර ඉලන්කෝන් Monday, 05 November 2018 09:57 AM

කොහෙන්ද අප්පා මේවට හිනාවෙන්නේ...

:       835       1138

Amila Monday, 05 November 2018 10:00 AM

දැන් එතකොට ක්ෂණිකව අගැමති එලවලා අලුත් කෙනෙක් පත්කරපු විදිය හරිද? දැන් නිකන් මාලු බානවා වගේ දවසට එක දෙක අනිත් පක්ෂ වලින් ගන්න එක හරිද? ඊළඟ ඡන්දයකදී පහසුවෙන් දිනන්න තිබුණු අවස්ථාව ඔබතුමාලා මේ විකාරයක් අටවාගෙන නැති කරගත්තා. හරි හමන් අලුත් පක්ෂයකට මේකතමයි හොඳම අවස්ථාව.. මේ යූ.එන්.පී, පොහොට්ටු පක්ෂ අතුගාලා දාන්න.

:       1091       1367

hemantha Monday, 05 November 2018 10:31 AM

අනේ මෙහෙමත් මහාචාර්යවරයෙක්...

:       826       1312

rocky Monday, 05 November 2018 10:47 AM

උගත්කමත්, ප්‍රඥාවත් අතර විශාල වෙනසක් තිබෙනවා. මහා ලොකු උගතුන් අතරේ වුණත් මොලේ කළඳක් නැති මොට්ටයෝත් ඉන්නවනේ!

:       1       523

Nihal Monday, 05 November 2018 10:50 AM

ගිය සැරේ බඩ ගියා... මේ සැරේ පන යන්නේ...

:       10       329

Ashan Monday, 05 November 2018 11:12 AM

සත්‍යපාල අමතක කරන්න එපා.. ලංකාවේ වැඩිම ඡන්ද පදනමක් තියෙන තනි පක්ශය එජාපය කියලා. ඒක වෙනස් කරන්න කාටවත් බැරි නිසා තමයි හැමදාම හවුල් ආණ්ඩු හැදුවේ..

:       1041       214

RNG Monday, 05 November 2018 12:28 PM

ඒ ඉස්සර.. එහෙනම් පහුගිය ඡන්ද වලිනුත් ඒ බව ඔප්පු කරලා තියෙන්න එපැයි...

:       92       69

josapin Monday, 05 November 2018 11:15 AM

බැනුම් අහගන්නේ නැතිව ඉන්නවද ජී එල්.?

:       11       193

හසිත Monday, 05 November 2018 11:18 AM

මෙතුමාට ව්‍යවස්ථාව අර්ථකතනය කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. එය එතුමා ගැතිකම් නිසා නැති කරගෙන.

:       33       127

ලක්ෂ්මන් Monday, 05 November 2018 12:39 PM

දැන් ඔබතුමාට වයස වැඩියි. දැන් ඔය වැඩවලින් ඉවත්වෙලා අදහන ආගමට අනුව පරලොවට වැඩක් කරගන්න.

:       1       65

Rata Perata Monday, 05 November 2018 12:47 PM

අනේ මේ මිනිස්සු දන්න නීති... වාසියට හදන නීති නම් මේ ඔක්කොම දන්නවා. රට කනවා.

:       0       36

Don Monday, 05 November 2018 01:11 PM

ඔහු මහාචාර්යවරයෙකි.

:       136       1

Chanak Los angelesTuesday, 06 November 2018 01:48 AM

ඔය ඇත්තමද කියන්නේ ?

:       0       7

ranTuesday, 06 November 2018 08:08 AM

උගත් සහ බුද්ධිමත් කියන්නේ දෙන්නෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 16 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2159 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 666 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site