(දයාරත්න ඇඹෝගම)
ආරාවුලක් දුර දිග යාමෙන් පසුව ගල්කඩවල ප්‍රදේශයේ නිවසක් තුලදි 34 හැවිරිදි පුද්ගලයෙකු කැත්තකින් කපා කොටා ඝාතනය කොට ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ නවම් මාවත,කොළඹ 02 යන ලිපිනයේ පදිංචිව සිටි මල්ලව ආරච්චිගේ පැතුම් මල්ලව ආරච්චි(34)නැමති අයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කඩවල අනුරාධපුර යන ලිපිනයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් කැත්තක්ද සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමග සැකකරුගේ නිවසට පැමිණ ඇති අතර එහිදි සිදුවු බහින් බස් විමක් දුරදිග ගොස් කැත්තකින් පහරදි ඇතැයි පොලිසිය කියයි.
එම පහර කෑමෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
සැකකරු අද (11)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කැත්තෙන් මරුවා එයි