(ජයන්ත සමරකෝන්)
වාහන කාණ්ඩ 7කට අයත් මෝටර් කාර් රථ, ද්විත්ව කාර්ය වාහන, සියලු ලොරි රථ සහ ආසන 30ට අඩු, මගී ප්‍රවාහන බස් රථ ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව වාහන කාණ්ඩ අංක 31, 32, 64, 65 ජී.ඒ සිට ජී.ඉසෙඩ් දක්වා, එච්.ඒ සිට එච්.ඉසෙඩ් දක්වා සහ ජේ.ඒ සිට ජේ.ඉසෙඩ් දක්වා වන වාහන ඊට ඇතුළත් වන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
එම වාහනවලට අයත් මුල් ලිපිගොනු වේරහැර කාර්යාලයෙන් ගෙන්වාගෙන පරීක්ෂා කර, වාහන ලියාපදිංචි කිරීමට ගත් තීරණය මීට හේතු වී ඇතැයිද ඒ මහතා කීය.
එම මුල් ලිපිගොනු පරීක්ෂා නොකර මෙතෙක් එක්දින සේවා යටතේ ලියාපදිංචි කිරීම් සිදුකළ අතර, නව ක්‍රමය යටතේ එම වරප්‍රසාදය තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.