(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අප්‍රේල් 21 ප්‍රහාරයේදී බෝම්බයක් පුපුරවා කිහිපදෙනෙකු ඝාතනය කර, තවත් පිරිසකට තුවාල සිදු කළ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත, කඩු 6000 ක් මෙරටට ආනයනය කර ඇතැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (5) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඒ බව දැනුම් දුන්නේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදිය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද කැඳවනු ලැබිය.
එම පෙත්සම සළකා බැලීම සඳහා ලබන 31 වැනිදා යළි කැඳවීමට එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේය.
ආරක්ෂක අංශ සිදුකළ විමර්ශණවලදී මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ අවශ්‍යතාව මත මොහොමඩ් සෆ්රාස් නමැත්තා කඩු 6 000ක් ආනයනය කර ඇති බවත් , ඉන් කඩු 600 ක් රටතුළ බෙදා හැර ඇති ආකාරය හෙළි වී ඇතැත් සෙසු කඩු 5400 පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ දක්වා සොයා ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකි වී ඇති බවත් කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් අධිකරණයට පෙන්වා දී ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කඩු 6000 ට කළ විමර්ශන ගැන නීතිපති යළි විමසන්න යයි
Nuwan Friday, 05 March 2021 10:09 AM
අනේ ඕවා තණකොළ කපන්නනේ ගෙනාවේ...
kumaraFriday, 05 March 2021 12:03 PM
නෑ නෑ... මුස්ලිම් කඩ ගිනිතියලා මංකොල්ල කද්දී ඕනෑ වෙනවනේ? ඒකට ගෙනැල්ලා තියෙන්නේ..
NuwanFriday, 05 March 2021 01:18 PM
අනේ පව් බබ්බුනේ... ඒගොල්ලන්ගේ කඩ කඩන්න නේද මොහමෙඩ් මහත්තයෝ... ?
BamunuarachchiSaturday, 06 March 2021 01:53 AM
කඩ කඩන්න ඕනේ නැහැ... වර්ජනය කළාම ඒවා නිකන්ම කැඩෙනවා.
BamunuarachchiSunday, 07 March 2021 03:53 AM
මෙයාට අමාරු වෙලා තිබෙන්නේ කඩ කැඩිල්ලයි. අපි අලුත් ක්‍රම භාවිතා කරනවා.. ඒවා කැඩිල්ලට වඩා හොඳයි.
Dewa Saturday, 06 March 2021 05:49 AM
එතකොට අර පොලිසිවලට බාරදුන්නා. අපේ කඩුවලට මොකද වෙන්නේ?
Bamunuarachchi Sunday, 07 March 2021 03:50 AM
සහරාන්ගේ බෝම්බ සෙල්ලමේ ඉතුරු හරිය කරන්නයි මේ කඩු ගෙනාවේ. මේ කඩු තවම නිදැල්ලේ නිසා බෝම්බ පලවෙනි කෙරුවාව තවම ඉවර නැත. එහි කොටසක් තව ඉතිරිව ඇත. මේවා ගැන සෙවීම අතපසු කරන්නේ කාගේ වුවමනාවටද?