(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තු වටරවුමේ විරෝධාතාවේ නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 100 ක කාලයක් පුරා රිමාන්ඩ් බන්ධනාගාර පසුවන අන්තරේ කඳවුම්කරු ඇතුලු පස් දෙනකට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා ඊයේ (9) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපිට විරෝධාවේ නිරත ව සිටි අන්තරේ විරෝධාතාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මේ සම්බන්ධයන් කඩුවෙල පොලිසිය අද (10) අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද හෙතෙම කීය.
මෙම පිරිස විරෝධාව පවත්වන අතරතුර අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කර ඇති බවත්, අධිකරණයයේ විභාග වන නඩුවකට බලපෑමක් ඇති වන අයුරින් කටයුතු කළ බවත්, ඔවුන් ක්‍රියාකාරකම් නිසා අධිකරණයේ දේපළ වලට යම් හානියක් සිදුව ඇති ද යන්න සොයා බලන ලෙසට ඉල්ලමින් අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් කඩුවෙල පොලිසියට කළ පැමිණිල්ලකට අදාලව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම පිරිස අධිකරණ සංවිධාන පනත යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ, මෙන්ම පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකර ඇති බවට ආනවරණය වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා කියා සිටියේය.
අධිකරණයේ විභාග වන නඩුවකට බලපෑමත් ඇති වන ආකාරයට විරෝධතාවක් දැක්වීම අනුමත කළ නොහැකි බවත්, පොලිසිය මෙම පිරිසට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
කොතලාවල පනතට එරෙහිව පසුගිය අගෝස්තු මස 8 වැනි දින අන්තරේ ඇතුලු සංවිධාන රැසක් විරෝධතාවේ නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුලදිගේ, පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම් චමීර කොස්වත්ත, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරිණි කෝෂිලා හංසිනී, සහ රජරට විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගම් සාමාජික ෂෙහාන් හර්ෂණ යන පිරිසක් මෙලෙ රිමාන්ඩ් බාරයේ පසුවෙති.
කඩුවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කඩුවෙල අධිකරණය ඉදිරිපිට විරොධතාවේ අන්තරේ පිරිස සොයයි