IMG-LOGO

2025 අගෝස්තු මස 30 වන සෙනසුරාදා


කඩිනම් විසඳුම් නැත්නම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න

(ඩයනා උදයංගනී)

ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ විසඳුම් ගෙන එන ලෙස ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එසේ නොකරන්නේ නම් යළිත් මධ්‍යම කාරක සභාව රැස්වී ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයට එළඹෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.  

මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය ජනාධිපතිවරයාට යොමු කරන බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ජනාධිපතිවරයාට යොමු කරන අවසන් ලිපිය වනුඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටින බවත් ජනතා ප්‍රශ්න කඩිනමින් නොවිසඳුව හොත් ජනතාවගේ පැත්තේ සිටගෙන ආණ්ඩුවෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නැති බවත් ප්‍රචාරක ලේකම්වරයා කීය.

ඉදිරි සති කීපය තුළ මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි  එම පක්‍ෂ මූලස්ථානයේදී අද (1) පස්වරුවේ රැස්විය.

රටතුළ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සහ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 

 



අදහස් (9)

කඩිනම් විසඳුම් නැත්නම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න

Sanath Kandy Friday, 01 April 2022 10:36 PM

සිරිසෙන වගේ දේශපාලන ගල් ආඳෙක් තවත් නෑ. ඒත් දැන් ජනතාව මුන්ට රැවටෙන්නේ නෑ ආයෙත්.

:       0       0

gunarathna Saturday, 02 April 2022 06:46 AM

දැන් ඔය භාරකාර ආණ්ඩුවේ ඉන්නේ කවුද? මේ රොත්තම නේද? භාරකාර ආණ්ඩුවක් ආවොත් ගෑස්, ඩීසල්, ඩොලර් ලංකාවට තොග ගානෙ එනවද?

:       0       5

ගජමිතුරු Saturday, 02 April 2022 10:34 AM

භාරකාර ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ඔක්කෝමලා ඉල්ලලා අස්වෙන්න.. එතකොට ජනතාව කැමති කෙනෙක් පත්වේවි...!

:       0       16

BamunuarachchiMonday, 04 April 2022 08:04 AM

පත්වෙච්ච එක්කෙනා රටට ඩොලර් හොයන්නේ කොහොමද?

:       0       0

de silva Saturday, 02 April 2022 11:01 AM

භාරකාර ආණ්ඩු වැඩක් නැත. එහෙම කළොත් ඒකෙත් වැඩි වෙන්නේ පරණ ඔලුගෙඩි සෙට් එක. කරුණාකර ආණ්ඩුව විසුරුවා හරින්න. ජනතාව කැමැති කෙනෙකු පත්කරගනීවි...

:       0       15

සමන් Saturday, 02 April 2022 02:21 PM

මේ කට්ටිය එනපොට හොඳ නැතිනිසා වෙන ගේමක් ගහන්න යන්නේ. භාරකාර ආණ්ඩුවකට මේ කට්ටිය ඕන නෑ...!

:       0       7

de silva Saturday, 02 April 2022 02:23 PM

මේ අවස්ථාවේ ඡන්දයක් තිබ්බොත් මේ ගොල්ලන්ට ඇපත් නැතිවෙනවා. ජවිපය වගේ පක්ෂයක් බලයට ආවොත් මේගොල්ලන්ට හිරේ යන්න වෙනවා. මේ බලන්නේ මේගොල්ලන්ගේ දේවල් ආරක්ෂා කරගන්න මිසක් අපේ ප්‍රශ්න විසඳන්න නොවේ...

:       1       8

BamunuarachchiMonday, 04 April 2022 08:10 AM

ඔය කතා කොරන්නේ ජෙප්පෝ බලයට එන්න දඟලපු 1989 කාලේ අමතක වෙලාද? 2020 වෙනතුරු එපා උන ජෙප්පෝ එකවර ඕනේ උනේ ඔවුන් රටට මොනවා කරපු නිසාද? ඔවුන්ගේ කතාවද ඔවුගේ හැකියාවද? ඔවුගේ හැකියාව පෙන්නුව නිසයි ජනතාවට ජෙප්පෝ එපා උනේ. ඒ ජෙප්පොයි මේ ජෙප්පොයි හැරෙන්න වෙන ජෙප්පෝ ජාතියක් මේ රටේ නැහැ. ජෙප්පෝ ජෙප්පොම තමයි.

:       0       0

ජනක Saturday, 02 April 2022 08:17 PM

කොහෙන් හරි බලේ රැඳෙන්න බලන්නෙ මුන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15412 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 520 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 277 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site