(යොහාන් භාසුර)
අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ස්ථානයක් සහ දුම්රිය මාර්ගයේ ස්ථාන රැසක් නායයෑමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථනය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක් නායයෑමට ලක්ව කඩිගමුව දුම්රිය ස්ථානයේ කොටසක් ද නායයෑමට ලක්ව ඇති බවත් ඉහළ කෝට්ටේ සහ බලන යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් නායයෑමට ලක්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් මඳුරන්කුලිය උප දුම්රිය ස්ථානය අසල මාර්ගය සහ බංගදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවත් අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම, පස්කඳු හා විශාල ගල් කඩා වැටීම සහ දුම්රිය මාර්ග නායයෑම වැනි ආපදා හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා ඇති වී තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කඩිගමුව දුම්රිය ස්ථානය නාය යයි