(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "අරුග්ගොඩ සලිදු" නැමැත්තාට අයත් රුපියල් කෝටි 45 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළු දෙදෙනෙකු හොරණ දික්හේනපුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා පාතාල නායකයකු වන මිදීගම චින්තක හෙවත් "හරක් කටා" නමැත්තාගෙන් මත්කුඩු තොගය ලබාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හොරණ දික්හේනපුර ප්‍රදේශයේ දී තවත් පුද්ගලයකුට ලබාදීම සඳහා පැමිණෙමින් සිටියදී ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යුද හමුදාවට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් මත්කුඩු කිලෝ 45කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් සමඟ පොලිසිය බාරයට ගෙන ඇත.
හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හමුදා නිල ඇඳුමින් සැරසී සිටි බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් හමුදා සෙබලුන් දෙදෙනා අත්තිඩිය සහ මරදාන හමුදා කඳවුරු දෙකට අනියුක්තව සේවය කරන්නන් බවත් වෑන් රථය අත්තිඩිය හමුදා කඳවුරේ බ්‍රිගේඩියර්වරයකුට අයත් එකක් බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෝටි 45ක මත්කුඩු හොරණින් අල්ලයි
සෙනෙවිරත්න Thursday, 25 February 2021 03:20 AM
සේරටම හමුදා පුහුණු දෙන්න.. විනය අතින් ඉහළයි.. හැබැයි එක රණවිරුවෙක්වත් සිරගත කරන්න එපා...
Raveendra Thursday, 25 February 2021 04:16 AM
ගෝඨාභය සර්, කමල් සර්, ශවේන්ද්‍ර සර්.. එකෙන්ම රෙස්පෙක්‍ට්.. එනපාරත් අපි ඡන්දෙ දෙනවාමයි සර්...!!!
Ruhunu Thursday, 25 February 2021 06:18 AM
කුඩු විකුණන කෙනාත් පාර්ලිමේන්තුවට යන රටක මේ වගේ දේවල් සිදුවීම සාමාන්‍යයයි... ඉතින්.
rocky Thursday, 25 February 2021 07:03 AM
ඔය ඉන්නේ රණ විරුවෝ..!!!
අජිත් Thursday, 25 February 2021 07:37 AM
වැටත්, නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ දුක.. මේවා මෙහෙම නම් රටේ අහිංසක මිනිස්සුන්ට ඇති ආරක්ෂාව කිම..?
Demuni Uduwara Thursday, 25 February 2021 12:16 PM
වැටත්, නියරත් ගොයම් කා නම්...?