IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටියක් වන්දි ඉල්ලූ සෙබළාගේ පෙත්සමේ විභාගය මැයි 4 දා

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

උද්ඝෝෂණයකදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධවීම වෙනුවෙන් රජයෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ආබාධිත සෙබළෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන මැයි 4 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් කිහිපදෙනෙකුගේ නම් සහ තනතුරු සංශෝධනය කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දුන්නේය. ඒ අනුව පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය මැයි 4 වැනිදාට කල් තැබීමට විනිසුරු මඬුල්ල නියම කළේය.

විශ්‍රාම වැටුප් ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා 2016 වසරේ නොවැම්බර් මස 7 වන දා කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය අවට තමා ඇතුළු ආබාධිත සෙබළුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකළ බවත්, එම උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් අත්තනෝමතිකව එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර වලින් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බවත් , ඉන් තමා සදාකාලිකවම දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්වූ බවද පෙත්සමින් කියා සිටී.

මෙම පෙත්සම්  ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

මාතර ප්‍රදේශයේ පදිංචි ආබාධිත සෙබළෙකු වන කම්කානම්ගේ නිශාන්ත මිහිරාජ් නැමැත්තා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවකට කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න , පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරි ඩී.ටී.එච්.ප්‍රශාන්ත, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක , ආරක්ෂක ලේකම් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

 

පෙත්සම ඉදිරිපත් කළ ආබාධිත සෙබළා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයකු වූ තමා 1996 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවති සටනකදී තුවාල ලැබූ බවයි. එහිදී එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් සිය ගෙළට දැඩි හානි සිදුවූ බවත් පසුව 2009 ඔක්තෝබර් 29 වැනිදා වෛද්‍ය හේතූන් මත යුද හමුදා සේවයෙන් ඉවත් වූ බවද පෙත්සම්කරු කියා සිටී.

 

මාතර දිස්ත්‍රික් රණවිරු එකමුතුවේ සභාපති ලෙස කටයුතු කළ පෙත්සම්කරු වසර 12කට අඩු සේවාවක් ඇති ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ තිබුණ ද එවකට පැවති රජය එය ලබා දීමට කටයුතු නොකළ බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

 

මේ තුළින් තමා දැඩි අපහසුතාවකට පත්ව සිටින බවත් , එම කෲර ප්‍රහාර එල්ල කිරීමෙන් , පොලීසිය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දු කරන ලෙසත් , පෙත්සම විභාගයට අවසර දෙන ලෙසත් , තමන්ට සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් කෝටියක මුදලක් රජයෙන් අය කර දෙන්නැයි ද පෙත්සම්කාර ආබාධිත සෙබළා සිය පෙත්සමින් ඉල්ලා සිටී.

 

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ කළ්‍යානන්ද තිරාණගම මහතා පෙනී සිටියේය.

 



අදහස් (2)

කෝටියක් වන්දි ඉල්ලූ සෙබළාගේ පෙත්සමේ විභාගය මැයි 4 දා

Champa Tuesday, 15 September 2020 04:48 PM

සාධාරණ ඉල්ලීමක්....

:       2       264

suranimala Wednesday, 16 September 2020 04:30 AM

රට වෙනුවෙන් ජීවිත පූජාකරලා පොලිසියෙනුත් ප්‍රහාරවලට ලක්වීම ඉතා කණගාටුදායක සිදුවීමක්... කෝ රණවිරුවන් රකින්න කියපු අය?

:       0       134

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site