IMG-LOGO

කච්චතිව් මංගල්‍යයට එන්න බැතිමතුන්ට අවසර නැහැ

(ප‍්‍රදීප් කුමාර) 

 
පෙබරවාරි 26 හා 27 යන දින වලදී පැවැත්වීමට සැළසුම් කර තිබු යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍ය මෙවර දේව මෙහෙයකට පමණක් සීමා කිරීමට යාපනය කිතුණු සභාව හා අදාල අංශවල නිලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව කච්චතිව් දුපතට කිසිම හේතුවක් මත බැතිමතුන්ට අවසර ලබා නොදීමට මෙහිදී තීරණය කර ඇත.
 
ඒ අනුව යාපනය කිතුනු පුජකවරුන් කීපදෙනකු පමණක් නියමිත දිනයේ කච්චතිව් ශාන්ත අන්තොනි මුණිදුන්ගේ දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබේ.
 
සාමාන්‍යයෙන් මෙරට කිතුණු බැතිමතුන් හා ඉංදියාණු කිතුණු බැතිමතුන් වාර්ෂිකව කච්චතිව් දුපතේ මංගල්‍ය සදහා දින දෙකක් දූපතට පැමිණ දේව මෙහෙයේ නිරත වන අතර මෙවර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බැතිමතුන්ට සහභාගී වීමට අවසර ලබා නොදේ.
 
නාවික හමුදාව වෙනත් වසරවල මෙන් සහභාගී වන පිරිස සදහා පහසුකම් පිළියෙළ කිරීමක්ද සිදු නොකරණු ලබයි.
 
ඒ අනුව ඉන්දියානු බැතිමතුන්ටද මෙවර කච්චතිව් දුපතේ වාර්ෂික මංගල්‍යය නොපැවෙත්වෙන බැවින් එහි නොපැමිණෙන ලෙසට දැනුම්දී තිබේ.



අදහස් (4)

කච්චතිව් මංගල්‍යයට එන්න බැතිමතුන්ට අවසර නැහැ

Lakmal Tuesday, 23 February 2021 05:15 AM

කොරෝනා හින්දා මිනිස්සුන්ගේ ආගමික කටයුතු පාලනය කරනවා නම් ඊට කලින් තැබෑරුම් ටික වහන්න ඕනේ. සිගරට් අලෙවිය තහනම් කරන්න ඕනේ... මිනිස්සුන්ට හිත හදා ගන්න තියන හැමදේම නවත්තලා දුරාචාරය විතරක් කරන් යන්න ඉඩදෙන එක වැරදියි.

:       7       9

සමන්තTuesday, 23 February 2021 09:59 AM

බයිබලයේ කොතැනවත් සඳහන් කරලා නෑ. පල්ලියට ඇවිත් වඳින්නම කියලා. කියලා තියෙන්නේ දෙවියන්ගේ මග යන්න කියලා. පල්ලියට ගහින් වැන්දා කියලා කරන්නේම දස පනතට විරුද්ධ දේ නම් දේව රාජ්‍යයට ළං වෙන්න බෑ. හිත සැනසීම දෙවියන් ගැන සිහිකර නිවසේදී වුවද සිදු කිරීමට හැකියි.

:       1       6

බද්රානි Tuesday, 23 February 2021 01:17 PM

අනේ, මට ඕවා නොතේරෙන නිසයි අහන්නේ, එතකොට අර ලෝක ප්‍රසිද්ධ ගායකයාට ඒ පැත්තේ පෙරහැරකින් රවුමක් ගොස් එන්නත් තහනම්ද?

:       3       5

BamunuarachchiSaturday, 27 February 2021 02:30 PM

නොතේරෙන මගුල් මොකට අහනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site