(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවලට අද 6 සවස 4.30ට පමණ පතිත වු ධාරානිපාත වර්ෂා සහිත කාලගුණික තත්වය හේතුවෙන් කෑගල්ල නගරය වැසි ජලයෙන් යටවු බව නගර වැසියන් පවසතී.
ගොලහැල මාවත කළුගල්ල සහ සිද්ධාර්ථ විහාරස්ථාන මාවත මෙලෙස කාණු පද්ධතිය අවහිර වී ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ඇති විය.
මීපිටිය කරඩුපොන හරහා ගලා බසින කරඩුපොන ඇල උතුරා යාම නිසා කරඩුපොන ප්‍රදේශයේ වෙලදසැල් සහ නිවාස කිහිපයක් ජලයෙන් යට වී අලාභා හානි සිදුව ඇත.
කෑගල්ල රඹුක්කන මාර්ගයේ රංදෙණිය සර්වෝදය අසල මාර්ගයේ අඩි 03ක් පමණ ජලය පිරි තිබු අතර රඹුක්කන කෑගල්ල මාර්ගයේ පැය භාගයක් පමණ ගමනාගමනට බාධා ඇතිවිය.
අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් මීපිටිය ප්‍රදේශයේ කාණු පද්ධතියක ජලය මාර්ගයට පැමිණිමත් සමග කොළඹ නුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවිය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කැගල්ල නගරය ජලයෙන් යටවෙයි
සම්පත් බණ්ඩාර Thursday, 07 January 2021 01:25 AM
කියන්න දෙයක් නැහැ... බලධාරීන් ඔවුන්ගේ ඉඩකඩම් රැකගැනීමට ඇලවේලි පටුකර මාර්ග සැකසුවනේ. මේවා ඒවායේ ප්‍රථිඵල විය නොහැකි යැයි කියන්න පුළුවන්ද?