IMG-LOGO

කොකේන් කිලෝ 769 විනාශ කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 යි ග්‍රෑම් 469 ක ප්‍රමාණය විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හා ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්. එම්. එම්. නිෆාර් මහතාගේ අධීක්ෂණය යටතේ අද (01) සිදුකෙරිණි.

දියර ලෙස සකස් කර කොළඹ සිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන ආ කොකේන් තොගය පුත්තලම ඉන්සි ඉකෝසයිකල් සමාගමේ සෙල්සියස් අංශක 1800 -2000 ක උෂ්ණත්වයකින් යුතු උදුනක් තුළ විනාශ කිරීම සිදුකෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති උත්සවයකදී අදාළ කොකේන් තොගය විනාශ කිරීම ආරම්භ කෙරිණි.

පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව යටතේ අදාළ කොකේන් තොගය විනාශ කිරීම සිදුවිය.

මේ අවස්ථාවට අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

 



අදහස් (9)

කොකේන් කිලෝ 769 විනාශ කරයි

nali Monday, 01 April 2019 06:50 PM

ඉතා හොඳ වැඩපිළිවෙලක් . ඒ උනාට මෙය උත්සවයක් ද , අධිකරණ නියෝගයක් මත කෙරෙන නෛතික ක්‍රියාන්විතයකද ?

:       1       11

smn Tuesday, 02 April 2019 01:55 AM

දැන් නම් පොඩි පහේ සැනසීමක් දැනෙනවා…..තවත් තියෙනවනේ විනාශ කළ යුතු ගොඩාක් …….

:       1       4

chinthaka Tuesday, 02 April 2019 02:16 AM

පුරවැසියන් විදියට ජනාධිපතිතුමාට උත්තමාචාරය....... මෙතුමා ආණ්ඩුවේ හොරුන්ගෙන් පොලිසිය ගලවාගෙන තැනගේ යටතට ගැනීමෙන් පසු මේ ඉතිහාසගත සේවය කිරීමට හැකිවූ බව රටම දන්නා කරුණක් ඔබතුමාට වැඩකට නිකම්මු ගෙදරම යවල තනියම රට කරන්න පුලුවන්නම් තව අවුරුදු දෙක තුනකින් මේ රට සුර පුරයක්

:       4       10

dilan Tuesday, 02 April 2019 02:19 AM

අපගේ ප්‍රණාමය!!!!!! කෝ අර රූකඩ සහ ජාවාරම්කාරයන්ට ඕන නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියල මර හඩ තලන රතු අලි පැටවූ ටික???

:       7       14

සුපුන් Tuesday, 02 April 2019 03:40 AM

"අද පැවැති උත්සවයකදී" හ්ම්ම්..

:       1       5

Amila Tuesday, 02 April 2019 05:00 AM

කොකේන් විනාශ කිරිමේ මහ උත්සවය ! ඒකටත් ඉතින් කෝටි ගානක් යන්න ඇති !

:       1       25

Bamunuarachchi Tuesday, 02 April 2019 07:12 AM

ප්‍රති අපනයනය කලානම් රජයට විශාල මුදලක් සොයා ගන්න තිබුනා. මෙක්සිකෝවට පුලුවන්නම් අපිට බැරි ඇයි?

:       2       0

Bamunuarachchi Tuesday, 02 April 2019 07:16 AM

දේශපාලුවන්ට උත්සවයක් උසාවියට නීතිය ක්‍රීයාත්මක කිරීමක් කුඩු කාරයින්ට විශාල නාස්තියක් ජනතාවට දැනෙන කිසිවක් මෙතන නැත.

:       2       0

Bamunuarachchi Tuesday, 02 April 2019 11:37 AM

මුහුණවල් බැඳගෙන මොනවාදෝ යන්ත්‍ර වගයක් සවිකරගෙන කොකේන් විනාස කොරන්න කරන මේ ජරමරය කොකේන් බීලා විනාස වෙන මිනිස්සු වත් කරන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site