(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඖෂධ මිල සියයට 29 කින් වැඩි කිරීමට මිල පාලන කමිටුව අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය
ඇතැම් ඖෂධ ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට මුදල් අමාත්‍යාංශය අවශ්‍ය පහසුකම් සලසාදී ඇතැයිද ඔහු කීවේය.
රටේ ඖෂධ හිඟයක් කෘතිමව ඇතිවුණේ ඖෂධ මිල වැඩිවේ යැයි සිතා ඇතැම් අලෙවිකරුවන් ඖෂධ රඳවාගෙන සිටීම නිසා යැයිද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
ඖෂධ මිල කිසිම අයකුට හිතුවක්කාරි ලෙස පාලනය කළ නොහැකි බව සඳහන් කළ චන්න ජයසුමන මහතා ආනයනකරුවන් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවද ප්‍රකාශ කළේය.
රජයේ ගබඩාවල මාස හයකට ප්‍රමාණවත් ඖෂධ ඇති බවත් රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැති බවත් ඔහු පැවසීය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ඖෂධ මිල වැඩි කරන්න අවසර
චන්දන Friday, 11 March 2022 10:42 PM
ඒ කියන්නේ පැරසිටමෝල් පෙත්තත් රුපියල් 5ක් වෙනවා. සතුටේ බෑ...
BamunuarachchiSaturday, 12 March 2022 05:23 PM
රුපියල් 2500ක් පමණ වියදම් කරලා පහුවෙනිදාට ගන්න ඔලුවේ කැක්කුම රුපියල් 5ට නැතිකර ගත්තාම සතුටු නැද්ද? ඒකත් පිනටද කරගන්න හදන්නේ?