(යොහාන් භාසුර)
ඖෂධ සඳහා පනවා තිබෙන පාලන මිල වර්තමානයට නොගැලපෙන බැවින් එය ඉවත් කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගල්කන්ද මහතා අද (11) පැවසීය.
සිමෙන්ති, කිරිපිටි වැනි භාණ්වල පාලන මිල ඉවත්කළ ආකාරයෙන්ම ඖෂධවල ද පාලන මිල ඉවත් කිරීමෙන් රට තුළ උද්ගතව ඇති ඖෂධ හිඟය මඟහරවා ගැනීමට හැකි වන බව ද ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
ඖෂධ බෙදාහරින ආයතන දින කීපයක සිට ඖෂධ ශාලාවලට බෙහෙත් නිකුත් කිරීම අත්හිටුවා තිබීම නිසා හෙට සිට ජනතාවට ඖෂධ නිකුකළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඖෂධ නොලැබීමෙන් ඖෂධ ශාලා මේ වන විටත් හිස් වී ඇති බවත් ගල්කන්ද මහතා කීය.
අධි රුධිර පීඩනය, ස්නායු ආබාධ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් විශාල සංඛ්‍යාවක හිඟයක් මේ වන විට පවතින බව කී ගල්කන්ද මහතා ඖෂධ ආනයනකරුවන් සියයට 30 ක මිල වැඩිවීමක් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගල්කන්ද මහතා කොළඹදී අද (11) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
’’ඖෂධ පාලන මිල ඉවත් කරන්න’’
uk ran Friday, 11 March 2022 08:02 PM
ඒකත් මේ අයට වාසි ගන්න... ලංකාවේ ඉන්න අවස්ථාවාදී ව්‍යාපාරිකයෝ. ඩොලර් එක වැඩිවුණේ මේ සතියේ... බෙහෙත් ගෙනාපු අයවත් වැඩියෙන් ගන්න මේ අය හදන්නේ...
Bamunuarachchi Saturday, 12 March 2022 08:34 AM
ඔව් හිතුනු හිතුනු ගාණට බෙහෙත් විකුණන්නද? මොවුන් බෙහෙත්වලට අසාධාරණ ලෙස අයකරන බව ඖෂධ සංස්ථා බෙහෙත්වල මිලෙන් තේරෙනවා...