(සුජිත් හේවාජුලිගේ )
තමාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කළොත් ඊට මුහුණ දීමට සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය
"විනය පරීක්ෂණ තියලා උසාවි ආවම වෙන්නේ මොනවද කියලා අපි බලමු" යයිද ඔහු සඳහන් කළේය.
තමා අද ඊයේ දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් තමා කතා කළේ ජනතාවගේ ප්‍රශ්න ගැන මිසක් වෙන දෙයක් නොවන බවත් ඔහු පැවසූවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
'ඕනෑම පරීක්ෂණයකට සූදානම්'
Siri Saturday, 08 January 2022 11:00 AM
අන්න හරි.. කැත්තට පොල්ල වගේ ඉඳිමු..
NMSaturday, 08 January 2022 08:14 PM
අද ඊයේ දේශපාලනයට පැමිණි අයෙකු නොවූවත් ඔබගේ ක්‍රියාකලාපය අද ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි කෙනෙකුට වඩා පහළ මට්ටමක පවතී. ඔබ හිතන පරිදි වසර 20ක පාර්ලිමේන්තුවේ සිටීම නිසා ඔබ පරිණත දේශපාලකයකු නම්, අවංක දේශපාලකයකු නම්, වසර දෙකක් පමණ ඔබ සිටියේ බංකුවක නම් කොන්ද කෙලින් තබාගෙන තනතුරුවලින් ඉල්ලා අස්නොවුයේ ඇයි?. ඔබ කියා සිටින්නේ ඔබව නෙරපූ බවකි. නමුත් ඔබගේ ප්‍රකාශයන් සහ ඔබගේ බොඩි ලැන්ග්වේජ් හොඳින් අධ්‍යයනය කිරීමේදී ඔබ සිටින්නේ ඉතා කණගාටුවෙන් බව ඕනෑම පොඩි දරුවකුට වුවද තේරුම් ගැනීමට හැකිවේ. රජයේ වැඩපිළිවෙල නිවැරැදි නොවේ නම් ඔබව නෙරපීමට පෙර ඔබගේ අත්ම ගරුත්වය රැකගෙන තනතුරු වරප්‍රසාද පසෙකලා රජයෙන් එළියට නොපැමිණීම ඔබ පරිණත දේශපාලකයකු නොවන බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නොමැත. තනතුරු සහ වරප්ප්‍රසාද වෙනුවෙන් පනින තණකොළ පෙත්තන් අවසානයේ සිදුවන්නේ කුමක්ද? අද ඔබ සහ තවත් පිරිස පරිණත දේශපාලකයින් වශයෙන් ඔබලාම හඳුන්වා ගත්තද සත්‍ය එසේ නොවන බව ඔබලා විසින්ම ජනතාව දැනුවත් කර හෝ කරමින් තිබේ...
kamal Saturday, 08 January 2022 04:06 PM
සැබෑ පරීක්ෂණේ එන්නේ මහ ජනතාවගෙන්...
ddd Saturday, 08 January 2022 09:32 PM
ඔබතුමා මේ වෙනකොට වාහන පර්මිට් කීයක් අරගෙන තියෙනවද? මම දැනුවත්ව පර්මිට් 4යි. ඒවටමොකද කළේ? ඇයි ත්‍රිරෝද රථවල ගිහිල්ලා ඇඩ් එක දාන්නේ... මෙහෙම ජනතාව ගොනාට අන්දපු කාලේ ඉවරයි..