IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘ඔළු තුනේ බුරුවා පන්නා දමා අළුත් පාලනයක් සඳහා එක්විය යුතුයි‘‘

(මුදිතා දයානන්ද)

කණ්ඩායම් තුනක් වගේ පෙන්වාගෙන එක එක මුහුණු වලින් ජනතාව රවටා මෙතෙක් රට පාලනය කළ ඔළු තුනේ බුරුවා පළවා හැර අළුත්ම පාලනයක් සඳහා එක්වීමට කාලය එළැඹ ඇතැයි හිටපු අමාත්‍යංශ ලේකම් , මැතිවරණ සීමා නිර්ණ කොමිසමේ හිටපු සභාපති අශෝක පිරිස් මහතා අද (07) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ ජාතික විද්වත් සංවිධානයේ විශේෂ සමුලුවක් අමතමිනි.

මෙම සමුලුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී කැඳවනු ලැබූ අතර ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට සහය පළ කිරීම එහි අරමුණ වී තිබිණ.

එහිදි තවදුරටත් පිරිස් මහතා මෙසේද පැවසීය.

       ‘‘අපේ රට මෙතෙක් පාලනය කළේ කණ්ඩායම් තුනක් වගේ පෙනුණත් ඒ ඔළු තුනක් හා එකම කඳක් ඇති බූරුවෙක් වගේ ප‍්‍රතිපත්තිවලින් වැඩපිළිවෙලින් කිසිම වෙනසක් නැති එකම කණ්ඩායමක්. මේ බුරුවා පළවා හැර අළුත් ප‍්‍රතිපත්තියක් අළුත් වැඩපිළිවෙලක් යටතේ රට හැදිය හැකි නායකත්වයක් ගෙන ආ යුතුයි.

පසුගිය වසර හත්තෑ එකේ මේ රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එයට සම්බන්ධ පෙරමුණු. 2015දී ප‍්‍රධාන පක්ෂ දෙකටම රට පාලනය කරන්න අවස්ථාව ලබාදුන්නා. වසර හතරක් තුළදී ඔවුන් ඔප්පු කර තිබෙනවා. දෙගොල්ලන්ට එකතු වෙලාවත් මේ රට ගොඩගන්න බැහැ කියලා. තමන් එයට අසමත් කියලා.

ඒ නිසා දැන් අවශ්‍ය කරන්නේ මේ අයගේ ප‍්‍රතිපත්තියට වැඩපිළිවෙලට සපුරා වෙනස් වූ මේ රට හැදිය හැකි වැඩපිළිවෙලක් ප‍්‍රතිපත්ති මාලාවක් ජයග‍්‍රහනය කරවීමයි. එය ක‍්‍රියාවට නැංවිය හැකි බලවේගයක් බලයට ගෙන ඒමයි. මේක තමයි අපිට තිබෙන අන්තිම අවස්ථාව. මේ අවස්ථාව මගහැරියොත් අනාගත පරපුර අපට දොස් කියාවි මේ ක‍්‍රමය පවත්වාගෙන යාමට අපි නිහඬ අනුමැතියක් ලබාදුන්නා කියලා. ඒ අළුත් ගමන යන්න අළුත් මාවතක් දැන් අපි ආරම්භ කර තිබෙනවා. ඒ මගට එක්වන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.



අදහස් (0)

‘‘ඔළු තුනේ බුරුවා පන්නා දමා අළුත් පාලනයක් සඳහා එක්විය යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site