IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්

(දයාරත්න ඇඹෝගම)

 

අනුරාධපුර දැයට කිරුළ පැවති ඔයාමඩුව ප්‍රදේශයේ ඇති  භුමියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවි ඇති බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අද (14) දින අනුරාධපුර පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසුව  මාධ්‍යට අදහස්  දැක්වූ  රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  මහචාර්ය චන්න ජයසුමනමහතා මෙසේ ද පැවසිය.

ඔයාමඩුව ප්‍රදේශයේ ඇති  භුමියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා අවශ්‍ය  කටයුතු   මේවන විටත් සිදු වෙමින් පවතිනවා.මේ සදහා  දේශීය  ආයෝජකයන්  ඉදිරිපත් වි සිටිනවා. ඉදිරි  වසර පහ තුළ  රටට අවශ්‍ය ඖෂධ වලින් 50% ක් මෙරට නිපදවීමට කටයුතු  කරනවා.

පෞද්ගලික රෝහල් වලින් සේවාවන් ලබාගැනිමේදි විවිධ මිල ගණන් මෙන්ම අධික මිලක් අයකිරිම පිළිබදව ජනතාවගෙන් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබුණා. විශේෂයෙන් රසායනාගාර පරික්ෂණ ගාස්තු, පෞද්ගලික රෝහල් ගාස්තු සම්බන්ධයෙන්. මේ නිසා  ජනතාව පීඩාවට පත්කරන මෙම ගාස්තු  අයකිරිම  පාලනය කිරිමටත් දිවයින පුරා එකම මිලක් යටතේ ගාස්තු  අයකිරිමටත් අවශ්‍ය ක්‍රමවේදයක් සකස්  කරනවා.

මේ සදහා ඉතා කඩිනමින්  එම සේවවාවන් සදහා මිල සමිකරණයක් ඉතා ඉක්මණින්  හදුන්වා දි අධික මිල ගණන්  අයකිරිම නවතා ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළක් කඩිනමින්  ආරම්භ කිරිමට පියවර ගන්නා බවද   රාජ්‍ය අමාත්‍ය  මහචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසීය.

 



අදහස් (13)

ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්

Raveendra Monday, 14 September 2020 11:06 AM

ඉතාම හොඳ යෝජනාවක්... හැකි ඉක්මණින් නිෂ්පාදන වැඩ ඇරඹීමට හැකි වේවා...!!!

:       37       545

Pradeep Monday, 14 September 2020 12:32 PM

අති විශිෂ්ඨයි සර්...

:       4       206

Asanga Monday, 14 September 2020 02:07 PM

ඉතා හොඳ වැඩපිළිවෙළක්... ජයවේවා ජනාධිපතිතුමනි,...

:       0       202

අනුර Monday, 14 September 2020 02:38 PM

පේනවා නේද ශීලාචාර අයගේ ආකල්ප කොතරම් විශිෂ්ඨද මේ වගේ අය මුළු ඇමති මණ්ඩලයේම සිටියි නම් මේ රට කොතරම් සුන්දරද?

:       7       175

සේනානායක Monday, 14 September 2020 03:42 PM

දැනට ශ්‍රී ලංකාවේ කිසිදු ඖෂධයක් නිෂ්පාදනය නොකරයි. ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා අනෙකුත් ආයතන කරනුයේ ඖෂධය වෙනත් රටකින් ආනයනය කර අවශේෂ දෑ එකතු කර පෙති කරල් සෑදීමයි. ඖෂධ නිෂ්පාදනය සඳහා තාක්ෂණය හෝ විද්‍යාඥයින් අප රට සතුව නැත..

:       142       228

ranaTuesday, 15 September 2020 01:46 AM

අපේ රටේ සොයා ගත් බෙහෙත් නම් අපට උවමනා පරිදි සාදාගත හැකිය. නමුත් වෙනත් වර්ග නිපදවීමට අවසර ලබාගත යුතුයි නේද? ඇයි මේ ජනතාව රවට්ටන්නේ..?

:       0       0

sharm warnTuesday, 15 September 2020 03:26 AM

මේක තමයි ඖෂධ මාෆියාවේ ඇත්ත තත්වය. නොදන්නා අය මේකට අකමැත්ත පල කලාට කරන්න දෙයක් නැහැ.

:       0       0

BamunuarachchiWednesday, 16 September 2020 04:08 AM

මම ඒ ගැන තව සොයාබලා කතා කරන්නම්.. ඔබටත් ඔහොම කියන්න හේතු ඇතිනේ.

:       0       0

Bamunuarachchi Tuesday, 15 September 2020 07:48 AM

එහෙමනම් කොහොමද මැත්ෆෝමීන් සත 6ට දෙන්නේ? 

:       0       0

sharm warnTuesday, 15 September 2020 08:11 AM

බමුණු, මෙහෙ හදනවයි කියන හැම බෙහෙතකම, විශේෂයෙන් පෙති වර්ගවල මිශ්‍රණය කුඩු වශයෙන් මෙරටට ගෙන්වන්නේත් පුද්ගලික ඖෂධ සමාගම්වලින්. අපේ ඔසුසල කරන්නේ ඒ අමුද්‍රව්‍ය එයාලගෙන් මිලට අරන් පෙති සහ අනෙකුත් ඖෂධවර්ග නිපදවන එකයි. ඒකයි ඇත්ත. නිෂෟපාදන පිරිවැය අඩු නිසා සත 7ට දෙනවා.

:       14       2

L A.Fernando.. Monday, 14 September 2020 03:47 PM

මෙවැනි දෑ හදුන්වා දී කරන දෙයක් වීම උසස්. සතුටුයි. බේත් හිඟය, දරන්න බැරි මිල ගණන්, දොස්තර මහතුන්ගේ බේත් නියම කරන විදිහ, දොස්තර මහතුන් හමුවන්න කරන ගෙවීම් සාධාරණ වීමත් විය යුතුයි.

:       0       116

Bamunuarachchi Tuesday, 15 September 2020 07:45 AM

ඔය වැඩේට බැස්සාම ඖෂධ සමාගම්වලින් ලැබෙන පිටරට චාරිකා ලබාගන්න එපා. මතකනේ ඖෂධ ප්‍රතිපත්තිය ගෙනාව කෙනාට වුණු සන්තෑසිය.

:       0       1

kamal Tuesday, 15 September 2020 08:58 AM

ඕනෑම බෙහෙතක් ගෝනිවලින් ඉන්දියාවෙන් ගතහැකියි. පිල් ප්‍රෙස් මැෂිමක් ගෙනාවාම ඖෂධ කර්මාන්ත ශාලාවක් හදන එක වැඩක් නෙමේ..

:       52       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දේශීය ආදායම් පනත සම්මතයි
2025 මාර්තු මස 20 72 0

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20)සංශෝධන රහිතව සම්මත විය.


විදුහල්පති දරුවාගේ පොත් වවුචරයටත් විදලා
2025 මාර්තු මස 20 86 0

තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබා දුන් රුපියල් 6000 ක වවුචරය කදුරුවෙල වෙළෙද ආයතනයකට ලබාදී විදුහල්පතිවරයා‍ෙ භාණ්ඩ ලබාගත් බවට චෝදනා කරමි


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වේ
2025 මාර්තු මස 20 213 0

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.


නුවරඑළියෙත් 26ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 1659 0

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙ


මාතලේ කණ්ඩායම් 14ක් ප්‍රතික්ෂේපයි
2025 මාර්තු මස 20 1915 0

2025 පළාත් පාලන මැතිවරණයේදි මාතලේ පළාත් පාලන අයතන 13ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වූ බව මාතලේ තේර


ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට
2025 මාර්තු මස 20 522 1

තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 459 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1037 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site