(රංජන් කස්තුරි)
දරුවන් දිගින් දිගටම ඔන්ලයින් අධ්‍යාපනයේ නිතරවීම නිසා ඔවුනට අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් ඇතැයි කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානී වේවැල්ල මහත්මිය පවසන්නීය.
ඔන් ලයින් පන්තිය අතර තුර දරුවන් ඇස්පිල්ලන් ගැසීමට උනන්දුවක් දැකිවිය යුතු බව ද විටින්විට ඇස් වෙනත් දිශාවන්ට යොමු කළ යුත් බව ද විශේෂඥ වෛද්‍යවරිය කියන්නීය.
එකදිගට ලැප්ටොප් එකක් දිහා හෝ ජංගම දුරකතන තිරයක් දෙස බාලසිටීම නිසා ඇස්පිල්ලන් ගැසිම නතරවන අතර එමගින් ඇස්වල වියලි ස්වභාපයක් හටගන්න බව ද වේවැල්ල මහත්මිය කිවාය.
ඇස්වල වියළි ස්වභාවය නැති කර ගැනීමට ඇස්පිල්ලන් ගැසිය යුතු බව ද ඔන් ලයින් පන්තිය අතර තුර විනාඩ් 20කට වරක් තත්ත්පර 20ක්වත් ඇස්පිල්ලන් ගැසීම අත්‍යවශ්‍ය බව ද විශේසඥ වෛද්‍යවරයි පැවැසූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, එය භයානක ප්‍රතිඵල ගෙනදෙනවා. මම දන්නා උසස් පෙළ දරුවන් 4 දෙනෙක් ඉන්නව වෛද්‍ය උපදෙස් දැනටමත් අරගෙන. සමහර පාසල් තිබුණා උදේ 8.00 ඉඳලා 1.30 දක්වා සාමාන්‍ය පාසල් වේලාවම ඔන්ලයින් උගන්වන.... එයාලා හිතුවේ ඉතාමත් සාර්ථකයි කියලා. නමුත් දරුවන්ට ඉතාමත් අහිතකර බව තේරුම් ගත්තේ නැහැ. දවසටම පැය 2ක් හොඳටම ඇති...
විශ්ව විද්‍යාල වල තත්වය ඔයිට වඩා බරපතලයි .ළමයි ,කතිකාචාර්යවරු ඔක්කොම ඉන්නේ විෂාදය වගේ තත්වයට ලං වෙලා .හැබැයි පාලනය කරන අයට තියෙන්නේ ඉහලට එක දමා ගැනීමේ අරමුණ .වේගය වැඩියි යන .එපා කියලා නෙමෙයි කියන්නේ .මානසික රෝගී තත්වයක් අවොත් ජීවිතේම අඳුරේ .ලොකු ලොක්කන්ට ඕනේ මේක කළා කියලා කියන්න .
දරුණු ගැටලුවකි .එම නිසා අප පරිස්සම්