(ක්‍රිෂාන් ජීවක ජයරුක්) 
කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය.
එම නිසා අඛණ්ඩව පරිගනකයේ හෝ ජංගම දුරකතනයේ තිරය දෙස නොබලන ලෙසත් මිනිත්තු 20 න් 20 ට අඩුම වශයෙන් තත්පර 20 ක හෝ විවේකයක් ගන්නා ලෙසත් ඒ මහතා පාසල් හා සරසවි සිසු සිසුවියන්ට දැනුම් දී සිටී.
විශේෂයෙන්ම මේ දිනවල වමනය, ක්ලාන්තය, ඇස් වේදනාව, ඇස් වලින් කදුලු ගැලීම ආදී රෝග ලක්ෂණ සහිත දරු දැරියන් වැඩි වශයෙන් තමාගෙන් පෞද්ගලිකව හා රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බව කී ඉද්දවෙල මහතා ඒ සෑම අයෙකුගෙන්ම තමා පලමුවෙන්ම විමසන්නේ ඔන් ලයින් පාඩම් වැඩ කරනවාද බවත් ඔවුන්ගේ පිලිතුර “ඔව්”වන බවත්ය.
ඒ අතරින් ඇතැම් දරුවන්ගේ රෝග තත්වය උත්සන්න වී සී.ටී. හා එම්.ආර්.අයි.වැනි මිල අධික වෛද්‍ය පරික්ෂණ වලට භාජනය වී ඇති බවත් පසුව ඔවුන් ඊට අදාල විශේෂඥ වෛද්‍යවරුන් විසින් අක්ෂී සායනය වෙත යොමු කරන බවත් ඒ මහතා සදහන් කලේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඉද්දවෙල මහතා මෙසේද කීය.
“මිනිසා වානරයගෙන් තමයි පරිණාමය වෙලා තියෙන්නේ.ඒ නිසා අපේ ඇස් එක දෙයක්ම දිහා එක දිගට බලා ගෙන ඉන්න තරම් හුරුවක් නැහැ. දැන් දරුවන් පැය ගණන් එක දිගට ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙලා පරිගනකය හෝ ජංගම දුරකතනයේ තිරය දෙස බලා ගෙන සිටීම නිසා දෘෂ්ටි රෝගාබාධ වලට ලක්වී තිබෙනවා. මේ දිනවල මා හමුවට පැමිණෙන පාසල් හා සරසවි සිසු සිසුවියන්ගෙන් සියයකට 60 කට වඩා මේ තත්වය තිබෙනවා.
ලමා අක්ෂී සායනයට එන දරුවන්ගෙන් සියයට 80 කට වඩා මේ තත්වය දැක ගන්න තිබෙනවා. මේක එතරම් හොද දෙයක් නොවෙයි.එම රෝග ලක්ෂණත් සමග ඇතැම් දරුවන්ගේ හැසිරීම් රටාව පවා වෙනස් වෙලා. ඔවුන්ට වෙනදට වඩා කේන්ති යනවා.තරහා යනවා. පවතින තත්වය තුල ඔන් ලයින් අධ්‍යාපනය සිදු විය යුතුයි. හැබැයි ඒ ගැන කවුරුත් දැනුවත් විය යුතුයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙයට කියන්නේ කම්පියුටර් විෂන් සින්ඩ්රොමි කියලයි.
පරිගනකයට වඩා ජංගම දුරකතනයේ තිරය පොඩියි. ඒ නිසා ඇස් තවදුරටත් වෙහෙස මහන්සී වෙනවා වැඩියි. ඇසේ වේලීම වැඩි කරනවා.තෙත් ගතිය නැති වෙනවා.අපේ ඇස ගත්තොත් කාර්යක්ෂම සියුම් පේෂීන් 6 ක් තිබෙනවා. කුමක් හෝ දිහා බලන විට ප්‍රතිබිම්බය ඒ පසුපස යනවා.
අවම වශයෙන් හැම විටම පේෂීන් 02 ක් 04 ක් වැඩ කරනවා. ලග බලන විට 4 ක් සංකෝචනය වෙනවා. එක දිගට එකම තැනක් දිහා බලද්දී ඒ සංකෝචනය දැඩි බවක් ඇති කරනවා. එය මොලයට මෙන්ම ඇහැට ද දැනෙනවා.එහි ප්‍රතිඵලය ඇස් වටේ දැවිල්ල, කදුලු ගැලීම, හිසරදය, වමනය යාම දක්වා වෙන්න පුලුවන්.මේ නිසා ඇතැම් දරුවන්ට ඇස් කණ්ණාඩි පවා නිර්දේශ කරන්න සිදු වෙලා තිබෙනවා.
දැනට කල යුත්තේ විනාඩි 20 න් 20 ට තත්පර 20 ක හෝ විවේකයක් ගැනීමයි. එසේ නොමැති නම් මෘදුකාංගයක් තිබෙනවා විනාඩි 20 න් 20 ට තිරය ඔටෝ ඕෆ් වී නැවත දිස්වන.ඔන්ලයින් පන්ති කරන ගුරුවරුන් මේ ගැන දැනුවත් වී දරුවන්ට ඒ ආකාරයට විවේකය ලබා දිය යුතුයි. ඒ වගේම ඔන්ලයින් ඉගෙන ගන්න හැටි දරුවන්ට කියා දීමට රජය මැදිහත් විය යුතුව තිබෙනවා.
සමහර විට තව අවුරුදු හැට හැත්තෑවකින් අපේ ඇහැ ඔන්ලයින් අධ්‍යාපනයට හුරු වේවි.නමුත් තවම එහෙම හුරුවීමක් නෑ. සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන් පවා අපේ ගාවට එනවා. ඔවුන් අහනවා එතකොට අපි රැකියාව නොකර ඉන්නද කියලා. එවිට ඔවුන්ට පැහැදිලි කර දීලා පරිගනකයට ඇස විටින් විට විවේකය අරන් හුරු වන විදිය කියලා දෙනවා. කුඩාම දරුවන්ට මේක ඒ තරම් බලපෑමක් නෑ .මොකද ඔවුන් එක දිගම අවධානයේ යොමු කර ගෙන ඉන්නේ නෑ. 06 ශ්‍රේණියෙන් ඉහල තමයි වැඩිපුර තිබෙන්නේ.
ඒ වගේම අපේ ඇසෙන් පැය ගානක් ඒ දිගට බලා ගෙන හිටියත් හොදට මතකයේ තියෙන්නේ අවසන් මින්ත්තු 20 ක ඒවා විතරයි කියලයි නවීන විද්‍යාවේ කියන්නේ.ඒ නිසා පැය දහය දොලහ එක දිගට ඔන්ලයින් වලට යොමු වීමට වඩා ක්‍රමාණුකූලව ඒ ගැන අවබෝධයෙන් ඉගෙන ගැනීම වඩාත් සාර්ථක වේවි.”
COMMENTS
ඉවරයක් නැති ඔන්ලයින් අධ්‍යාපනය නිසා අනාගතයේ ඉතා දරුණු ඵළවිපාක වලට අපේ අනාගත දරු පරපුරට මුහුණ දීමට සිදුවනවා. දෘෂ්ඨි ආබාධ විතරක් නොවෙයි, ස්නායු ආබාධ ඊටත් වඩා දරුණු ඵලවිපාක ගෙන දේවි. බොහෝ ආයතනවල දිගින් දිගටම කම්පියුටර් භාවිතා කරන අය බෙල්ලට ගාඩ් එකක් දානව මම දැකලා තියෙනවා. ඇහුවහම දෙන පිළිතුර තමයි, දිගටම කම්පියුටරේ වැඩ නිසා. ඒ නිසා වෛද්‍යවරු සමාජය මෙහෙම දැනුවත් කරන එක ඉතා වැදගත්. මේවාට ගොඩක් අවධානය යොමුකල යුතුයි. එසේ නොවන්නට ඔන්ලයින් අධ්‍යාපනය නිසා අනාගත දරු පරපුර බොහෝ රෝගාබාධවලට ගොදුරු වීම කිසිසේත්ම නතර කල නොහැකිය.
බොහෝම ළමයින් ගොඩක් ඉතාම අසහනයෙන් අසහනයට පත්වෙල තිබෙනවා මේ ඔන්ලයින් වසංගතය නිසා. හැමෝම හිතනවා කවදාහරි ඉස්කෝලේ පටන් ගත් දවසක අපි පස්සට යාවි කියා... දෙමාපියන් කොම්පුටෙර් කබල් උස්සාගෙන එහෙ මෙහෙ දුවනවා. කොම්පියුටර් මුදලාලිලාට, ෆෝන් මුදලාලිලාට රජ මගුල්...
ඕස්ට්‍රේලියාවෙ ළමයින් සියයට 100ක් පාසල් වැඩ කරන්නේ පරිරැගණක ඔන් ලයින් වලින්... මෙහෙනම් ඔහොම බහුබූත අහන්න ලැඛෙන්නේ නැහැ.. රටටම බාලගිරි දෝසේ... මොකක් හරි පැණියක් වත් දෙන්න වෙයි මුලු රටටම...
පවර් පෝම් කියලා වින්ඩෝස්වල මෘදුකාංගයක් තියෙනවා. මිනිත්තු 25න් බ්‍රෙක් එකක් ගන්න එළාම් එකක් වදිනවා. pomodoro තාක්ෂණය කියලා කියන්නේ .... ඒක පාවිච්චි කරන්න.
ඔන්ලයින් පිටින් දාලා ගේම් ගැහුවද? මූණට වැදෙන්න ෆෑන් එක දාගෙන හිටියද කියන එකත් අහන්න අමතක කරන්න එපා. දන්න හින්දා කියන්නේ...
ඔබතුමා වානරයෙක්ගෙන් පරිණාමනය වෙන්න ඇති. ඒත් අපිනම් එහෙම නැහැ.
අහෝ වියත්මග !!!
මේක අමු බොරුවක්. ළමයි ඔය කියන විදියට ඕක දිහාම බලං ඉන්නේ නෑ. එයාලා පාඩමට යොමු කර ගන්නෙත් හරි අමාරුවෙන්... යාන්තං හරි ටිකක් ළමයි ටික එක ක්‍රමයකට හැදීගෙන එනකොට මොකක් හරි මරාලයක් කඩාගෙන වැටෙනවා. ඔයිට වඩා එයාලා චැට් කරන්න ෆෝන් එක ඉස්සරහ කාලෙ ගතකරනවා. මේක සමාජයට යවන්න එපා. ඒ අයට ඉගෙන ගන්න දෙන්න.
අපි නම් වානරයන්ගෙන් පැවත එන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඇති අවුරුදු 30 ක් විතර පරිගණක සමග වැඩ කරලාත් ප්‍රශ්නයක් නැත්තේ.
රෝහල්වල දොස්තරලා අයින් කරලා මෙතන පණ්ඩිත කතා දෙන සෙට් එක යැව්වා නම් හරි. තමන්ගේ ඇස්වල තියන පාට කණ්ණාඩි ගලවලා ලෝකය දිහා බලන්න.
මෙතුමාගේ අදහස හරි. මම නම් අත්දැකීම් ලබලා තියෙන්නේ. මම මගේ දරුවාට මෙවැනි දෙයක් වෙලා දොස්තර කෙනෙක් හමුවුණා. උන්දෑ කිව්වා කණ්ණාඩියක් ගන්න කියලා. නිකමටවත් උපදෙසක් දුන්නේ නෑ.. දොස්තරලා කරන්නේ හම්බකිරීම නිසා මම දැන් හිතන්නේ සිංහල බෙහෙත් කරන්න කියලා...