IMG-LOGO

ඔට්ටමාවඩිහිදී අවසන් ගමන් ගිය සංඛ්‍යාව 3200ක් දක්වා ඉහළට

(සුජිත් හේවාජුලිගේ)

මඩකලපුව ඔට්ටමාවඩි කොවිඩ්  පොදු සුසාන භූමියේ  භූමිදානය කර ඇති කොවිඩ්  මෘතදේහ සංඛ්‍යාව  තුන් දහස්  දෙසීයක් (3200) දක්වා ඉහළ නැග ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

භූමිදානය කෙරුණු වැඩි පිරිසක්  ඉස්ලාම් භක්තිකයන්ය.

ඔට්ටමාවඩි  පොදු සුසාන භූමියේ  කොවිඩ්  මෘතදේහ භූමිදානය ඇරඹුවේ  පසුගිය මාර්තු මස 5 වැනිදාය.

මේ අනුව මාස නමයකට ආසන්න කාලයක් එහි කොවිඩ්  මෘතදේහ භූමිදානය කර ඇතැයි  හම්දානි  මහතා පැවසුවේය .

මේ අතර  කොවිඩ්  මෘතදේහ භූමිදානය සඳහා  තවත් ප්‍රදේශ දෙකක්  තෝරාගැනීමට  කටයුතු කරගෙන යන බවත් එම කටයුතු  ඉදිරි දිනවලදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

මඩකලපු ඔට්ටමාවඩි පොදු සුසාන භූමියේ කොවිඩ් භූමිදානය කෙරෙන්නේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද  කීපයක්ම අනුගමනය කරමින් යැයි  සෞඛ්‍ය අංශ පවසයි.



අදහස් (1)

ඔට්ටමාවඩිහිදී අවසන් ගමන් ගිය සංඛ්‍යාව 3200ක් දක්වා ඉහළට

ලංකෝනිස් Monday, 08 November 2021 11:28 AM

ඔය සොහොන් බිමේ දිගුකලක් පවතින පුවරුවක් සවිකරන්න. නැත්නම් කාලෙකදී කියාවි මිනිස් ඝාතනයක් කියලා... ලෝකෙටම කියාවි ලංකාවේ ඉඳලා තියෙන්නේ මිලේච්ඡ ජාතියක් කියලා...

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 234 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 579 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site