IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ඒකක 90ට අඩු විදුලි බිල්පත්වල ගාස්තුවෙන් සියයට 25ක් අඩුකරයි

 

 

(ඩයනා උදයංගනී)

ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා 25% ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 

ඔවුන්ට එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටත්, ප්‍රමාදය වෙනුවෙන් දඩ පොලී මුදල් අය නොකිරීමට හා විදුලි විසන්ධි කිරීම් නොකිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

විදුලි පාරිභෝගිකයන්ගේ ඉහළ ගිය විදුලිබිල සම්බන්ධයෙන් දිය හැකි තවත් සහන පිළිබඳ ලබන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා කීවේය.



අදහස් (19)

ඒකක 90ට අඩු විදුලි බිල්පත්වල ගාස්තුවෙන් සියයට 25ක් අඩුකරයි

rana Thursday, 09 July 2020 06:18 AM

බොරුවේ දිගුවක් ! මෙයගේ සියල්ලම කටින් බතල තමයි.

:       18       259

wedage Thursday, 09 July 2020 06:21 AM

අශ්වයා ගියාට පසුව ඉස්ථාලය වැසීම නේද මේ...?

:       31       185

BamunuarachchiFriday, 10 July 2020 12:45 PM

බදුගෙවන ජනතාවගේ මුදලින් පිනට කන්න බොන්න ලැජ්ජා නැද්ද හලෝ...?

:       12       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 06:32 AM

ඒකක 90ට වැඩි වූ විට විදුලි බිල දෙගුණ වෙනවා. මෙය විදුලි බල මණ්ඩලය මගින් කරනා අසාධාරණ වැඩක්. විදුලි පරිභෝජනය වැඩිවෙන විට බිල වැඩිවීම සිදුවිය යුතු වුවත් ඒකක 90 පැන්න විට එම බිල දෙගුණ වීම ඉතාම අසාධාරණ වැඩක්. මෙහිදීත් සැමටම විදුලිබිල අඩුවීම සිදුවිය යුතු වූවත් එසේ අඩුවී ඇත්තේ ඒකක 90ට අඩු අයට පමණි. මෙය අසාධාරණයකි. අඩු ආදායම් ලබන්නන්ට මෙයින් වාසි සැලසෙනවා යැයි කීවත්, මධ්‍යම පාන්තිකයන්ට මෙයින් අසාධාරණයක් සිදුවෙයි. මේවා පුදුම තීන්දු, තීරණ...

:       50       1416

Malin Thursday, 09 July 2020 06:35 AM

අනේ ඕක ඔයාලම තියාගන්න. ඒකක 90 අඩු බිල් තියෙන්නෙ කියෙන් කීදෙනාටද?

:       0       0

bandara Thursday, 09 July 2020 06:35 AM

සහන දෙන්න මෙච්චර කල් ගන්න ඕනද.?

:       0       0

aaa Thursday, 09 July 2020 07:13 AM

මේ බිල්නම් දැනටමත් ගෙවා අවසන් අයට ලැබෙන සහනය කුමක්ද?

:       0       86

Rohana Thursday, 09 July 2020 07:59 AM

මුලින් කිව්වේ සැමටම සහනය දෙනවා කියලා. දැන් කියනවා ඒකක 90ට අඩු අයට පමණයි කියලා. මේකත් දෙයිද දන්නේ නැහැ. මැතිවරණ ඉලක්ක කරගෙන කරන වැඩක් ලෙසයි මට නම් කියන්න තියෙන්නේ...

:       0       58

indika Thursday, 09 July 2020 08:11 AM

බිල වැඩිවීමේ ආවේ ඒකක වැඩි ගාණක් පාවිච්චි කරපු අයට... නැතිව ඒකක 90ට අඩු අයට නොවේ. ඒකක 90ට අඩු අයට කොහොමත් රුපියල් 1000 ට වඩා බිල වැඩි වෙන්නේ නැහැ. ප්‍රශ්නෙ කොහේවත්, උත්තරේ දීලා තියෙන්නේ වෙන කොහේවත්...

:       0       113

සනත් ඉතාලිය Thursday, 09 July 2020 08:12 AM

පෙබරවාරි 29 සිට මැයි 5 දක්වා දින 66 කට බිලක් ආව ඒකක 534:ක රු 15267 ක. අහලා වැඩකුත් නැහැ. නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේ නිසා යකා කියන තරම් කලුනැති නිසා ගෙවලා දැම්මා. නැත්නම් කොහොමද අර කට්ටිය නඩත්තු කරන්නේ..?

:       0       33

කල්පනාFriday, 10 July 2020 12:48 AM

ඇමති මොනවා කිව්වත් පසුගිය වසරේ බිල්පත් අනුව බලනවිට මේ වසරේ බිල්පත්වල ගාස්තු වැඩිවීමක් තියෙනබව ඉතාම පැහැදිලියි. ලෝක තෙල්මිල අන්තයට බැසතිබූ කාලයේ එහි වාසිය ජනතාවට නොදුන් රජය විදුලි බිලත් නොදන්වාම වැඩිකර තිබේ. මෙය අනාගත මොවුන්ගේ රජය යටතේ ජනතාවට ලබාදෙන සහනයන් බව නුවණැත්තෝ සිටියි නම් සිතත්වා..

:       0       16

කල්පනාFriday, 10 July 2020 12:54 AM

මෙය අනාගතයේ මෙම අයගේ සිහින රජයේ ජනතා අශ්‍යතා සෑම දෙයක්ම වැඩිකරන බව දැන් සිටම පෙන්වාදීමක් බව සිතීමට ජනතාවට නුවණැස පහළවේවා..!!!

:       1       24

සනත් ඉතාලිය Thursday, 09 July 2020 08:20 AM

මේ ඊයෙ පුවත "ඉහළ ගිය විදුලි බිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි" අද පුවත "ඒකක 90ට අඩුවෙන් අයට 25% සහ " ප්‍රීති පුරෝහිත ප්‍රීති මෙරට මධ්‍යම පාන්තිකයා ආඩු ආදායම් ලාභීන්ටත් වඩා අන්ත අසරණයි.

:       0       36

මහසෙන් Thursday, 09 July 2020 08:37 AM

ඒකක 90ට වඩා වැඩියෙන් භාවිතයට ගත් අය පසුගිය කාලසීමාවේ පීඩාවට පත් නොවූ අයද?

:       0       114

Anura Thursday, 09 July 2020 09:22 AM

අන්තර්ජාලය මගින් බිල්පත් ගෙවීමට හැකියි කියලා බිල්පතේ "ලෙකෝ" කියල සයිට් එකක් ගැන මහා ලොකුවට සඳහන් කරලා තියනවා. හැබැයි කිසිම තැනක එම සයිට් එකෙන් බිල ගෙවන්න බැහැ. ඇහුවම කියනවා එම සේවාව අක්‍රීයයි කියලා.., විදුලිබල මණ්ඩලේ කිසිම වැඩක් හරියට නොවෙන බවයි පෙනෙන්නේ..

:       0       44

H.M.J.P Thursday, 09 July 2020 12:36 PM

ඒකක 90 අඩු වුණොත් කොහොමත් එන්නේ රු 800ක බිලක්.. 25% ක් කියන්නේ අඩුවෙන්නේ 200යි.. අපේ ගමේ නම් ඒකක 90ට අඩුවෙන් බිල එන්නේ ගමේම මැගලින් ආච්චිලාගේ විතරයි..

:       0       109

SHANAKA Friday, 10 July 2020 04:17 AM

අනේ බෙරගහලා බොරු කරනවා. මේ ආණ්ඩුව දෙනවා කිව්ව සහන සේරම අද වෙනකොට බොරු කියලා තේරෙනවා.

:       0       7

Magrat Friday, 10 July 2020 05:13 AM

සර්ගේ තවත් මෝඩ තීරණයක්... ආපු දවසේ ඉඳලා ගත්තු තීරණ ඔක්කොම හබක්. හමුදාවේ හිටපු අය රාජ්‍යතාන්ත්‍රිකව දැම්මාම ඔහොම තමයි. එළහරකයි, මීහරකයි වගේ...

:       1       100

MK Friday, 10 July 2020 08:54 AM

ඒකක 90ට අඩු අය ඇත්තේ බොහෝම සුලු පිරිසක්... අනිවාර්යයෙන්ම කොරෝනා නිසා නිරෝධායන මධ්‍යස්ථානවලට ගියා. ගෙවල් වලටනම් ඒකක 90ට අඩු ඇති. අපට සාමාන්‍යයෙන් 100ට අඩුවෙන් එනඑක.. කොරෝනා කාලේ 160ට වඩා වැඩිවුණා.. හරිනම් ඒකක අඩු අයට නෙමෙයි... ඒකක ගාණ වැඩි අයටනේ සහන දෙන්න ඕනේ.. වෙන්න ඕනේ කොරෝනාවලට කලින් බිල් 6ක ඇවරේජ් එක අරගෙන ඒකක 100 හෝ 90ට අඩුවෙන් ඉන්න අයට.., දැන් ඔය 25% ඩිස්කවුන්ට් එක දෙන්න ඕනේ...

:       0       22

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මෛත්‍රී රෝද තුනෙන් යයි
2024 ජුලි මස 26 4788 11

නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජ


රනිල් ඇප තියයි
2024 ජුලි මස 26 6638 41

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්ප


ජනපතිවරණය සැප්තැම්බර් 21
2024 ජුලි මස 26 3248 15

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


ජනපති පුටුවට දැනට 12ක් සටනට
2024 ජුලි මස 26 6653 8

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.


’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’
2024 ජුලි මස 25 16698 23

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබ


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 24 8651 12

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site