හර්ෂණ තුෂාර සිල්වා
නීතියේ ආධිපත්‍යයට සහ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර ද ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබූ අතර මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දුරකතන ඇමතුමක් දෙමින් වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා ද කළේය.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරමින් 2019 වසරේ ජනවාරි 5 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබිණි.
නීතියේ ආධිපත්‍යයට සහ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් පෙන්වා දිය යුතුයි.
සාමය සුරක්ෂිත කරන අතරවාරයේදීම ශ්‍රී ලංකාව ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. එමෙන්ම මානව හිමිකම්, යුක්තිය හා සාධාරණත්වය සහ ප්‍රතිසන්ධානය පවත්වාගෙන යා යුතුය. එම කරුණු වෙනුවෙන් කළ කැපවීම් හා ප්‍රතිඥා ද දිගටම පවත්වාගෙන යා යුතුයි”.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එ.ජා. මහලේකම් නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යළිත් සිහිපත් කරයි
Bamunuarachchi Sunday, 11 November 2018 01:17 PM
රටේ ප්‍රශ්නය තමයි රටේ ජනතාවට ඉදිරිපත් කරලයි තිබෙන්නේ. එමනිසා එය ඔවුන්ට විසඳගන්න ඉඩදීලා ඔයගොල්ලෝ පැත්තකට යන්න. රනිල් කියන පුද්ගලයාට ඉතිහාසයේ කවමදාකවත් අවුරුදු 5ක් රට පාලනය කරන්න බැරිවුණා.
Deepal Nirosh Monday, 12 November 2018 05:52 AM
මේ රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ගැනීමට ඉහළම පරමාධිපත්‍යය සතු රටේ ජනතාවට භාර දීලයි තියෙන්නෙ. ඒ තීරණය ලැබෙන තෙක් පොඩියක් ඉවසමු.
සමන් - ඕමානයMonday, 12 November 2018 08:00 AM
සහතික ඇත්ත. පාර්ලිමේන්තුවේ සිටී නියෝජිතයෝ එහාට මෙහාට පැන්නහැටි දැක්ක ඕනෑ කෙනෙකුට වැටහෙනවා, ඔවුන් තමන් පත්කරපු මහජනතාවගේ අදහස් නියෝජනය කරන්නේ නෑ කියලා. පාර්ලිමේන්තුවේදී වැදගත් තීරණ ගැනීමේදී නියෝජිතයෙකුගේ වගකීම, ඒ පැත්තට මේ පැත්තට පැනලා තමා පත්කළ ජනතාව අතරමං කිරීම නොවේ. එහෙම එකේ කලයුත්තේ, එම වැදගත් කරුණ පිළිබඳව කෙලින්ම මහා ජනතාවගේ අදහස් ලබාගැනීමයි. මොලයක් ඇති ඕනෑම කෙනෙකුට ඒක තේරෙනවා. ඒකයි නියම ප්‍රජාතන්ත්‍රවාදය
smith Monday, 12 November 2018 09:48 AM
ඡන්ද මුකුත් තියන්නේ නැතිව සුද්දන්ට කඩේයන රනිල් අගමැතිකමේ හැමදාටම තියාගෙන හිටියානම් ඔය ජාත්‍යන්තරේ කියන බූරුවන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.