(තරිඳු ජයවර්ධන)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පැවරීමට පොලිස් කොමිෂන් සභාව අද (14) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි.
මීට පෙර එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාය. විශ්‍රාම ගැනීමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත සිටි ඒ මහතාගේ සේවා කාලය පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් කරනු ලැබීය.
ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතටම පැවරීමට පොලිස් කොමිසම තීන්දු කළේය.
මීට පෙර රවී වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම ගොස් යළි කොන්ත්‍රාත් පදනම මත සේවයට එක්වන තෙක් කෙටි කාලයක් රවී සෙනවිරත්න මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරව කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එෆ්සීඅයිඩියත් සීඅයිඩී ප්‍රධානියාටම
Mahee Thursday, 14 March 2019 05:18 PM
ශානි අබේසේකර මහතාට දුන්නා නම් යමක් කෙරෙනු නිසැකයි.