IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


එස්අයිගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි

(ප්‍රසන්න පත්මසිරි)

 
කුරුවිට තරුණියක් ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය 06 දින රාත්‍රි 10ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කෙරිණි.
 
බඩල්කුඹුර බුත්තල පාරේ 5 කණුව ප්‍රදේශයේ පදිංචි බුත්තල පොලිසියට අනුයුත්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක ඒ.එම් ප්‍රේමසිරි අධිකාරි (52) නැමති පුද්ගලයෙකි.
 
කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි එල්.කේ දිලිනි යශෝදා වයස අවුරුදු 30ක අවිවාහක තරුණියක සමග මිය ගිය අය අනියම් සබදතාවයක් පවත්වාගෙන යන අතරතුර ඝාතනය සිදුව තිබේ.
 
තරුණිය ඝාතනය කිරීමෙන් පසු  පසුගිය 02 දින රාත්‍රි නිවසට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයා  රාත්‍රියේම නිවස අසළ තිබෙන රබර් වත්තකට ගොස් සියදිවි නසාගෙන සිටියදි පොලිසීය සොයාගනු ලැබීය.
 
මිය ගිය අය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය එහිදි පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මොණරාගල සිරිගල රෝහලට ඉදිරිපත් කළ මළ සිරුර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු 06 දින රාත්‍රි ඥතීන්ට බාරදී තිබේ.
 
පවුලේ ඥතීන් කිහිපදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර බඩල්කුඹූර 5 කණුව ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.30ට පමණ ගෙනවිත් නිවස තුලට නොගෙන  ආලින්දයේ පැය භාගයත් තබා කිසිදු ගෞරවයක් නොකර ආගමික වතාවත් සිදුකිරීමෙන්
අනතුරුව පොදු සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණ.
 
මෙම අවස්ථාවට කිසිදු පොලිස් නිළධාරියෙකු සහභාගි නොවුන අතර මිය ගිය අයගේ බිරිද හා දරුවන් තිදෙනා ජනමාධ්‍යයට මුහුණ නොදි‍ නිවසට වී සිටියේය.

පසුව පවුලේ ළගම ඥතීන් කිහිපදෙනෙකු පමණක් සිරුර සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණි.



අදහස් (10)

එස්අයිගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි

සිරිබිරි Sunday, 07 March 2021 05:52 AM

පැය භාගයකටවත්, ගෙදර පිළිකන්නයටවත් ගන්න තිබ්බේ නැහැ. මල් ශාලාවෙන්ම ගෙනියන්න තිබ්බේ අවමංගල කටයුතුවත් නොකර...

:       0       0

Ravi Sunday, 07 March 2021 06:09 AM

තව කොච්චර කාලයක් මේ කුණු අවුස්සන්නද හදන්නේ?

:       0       0

දිපාක් කරුනාරත්න Sunday, 07 March 2021 09:27 AM

මොකට ආගමික වතාවත් කළාද?

:       0       0

අසන්ක Sunday, 07 March 2021 09:59 AM

ජනමාධ්‍යයට මුහුණ දීම හෝ නොදීම ඒ පවුලේ අයට අයත් දෙයක් මිස අනවශ්‍ය කුණු හාරන දෙයක් නොවේ.

:       0       0

Prabha Sunday, 07 March 2021 10:48 AM

ඒ මිනිස්සු මාධ්‍යයට මොනවා කියන්නද? අනුන්ගේ කුණු හොයන්නේ නැතිව දැන්වත් ඒ පවුලේ අයට නිදහසේ ජීවත්වෙන්න ඉඩදෙන්න.

:       0       0

Wipula anandasiri Sunday, 07 March 2021 12:26 PM

ඕවා ඔහොම තමයි...

:       0       0

කපුරු හාමි Sunday, 07 March 2021 03:22 PM

පොලිස් කියන වචනේ තේරුමවත් නොදන්න කෙනෙක්. පොලිසියේ අය ඔහොම නම්, අනික් එවුන් ගැන මොන කතාද. මේවා කාටත් හොන්ද පාඩම්.

:       0       1

sampath Sunday, 07 March 2021 05:37 PM

මේ මනුස්සයා ගෙදර අයට කන්න බොන්න දුන්නා නේද අන්තිමේ ඒ මනුස්සයාගේ මරණේවත් ගෙට ගත්තේ නැත්තේ ගුණමකු කමටද? නැත්නම් බයටද?

:       1       1

jayantha Monday, 08 March 2021 04:25 AM

අපරාදෙ හාමුදුරුවෝ ආවේ බණ කියන්න?

:       0       0

Deepal Nirosh Monday, 08 March 2021 04:48 AM

මේ වගේ ම්ලේච්ඡ මිනී මරුවෙකුට මොන අවසන් ගෞරවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31105 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site