IMG-LOGO

එල්.එන්.ජී. ගිවිසුම අස්සන් කළ අය බකමූණන්ද?

(යොහාන් භාසුර)

ආන්දෝලනාත්මක තත්වයකට පත්ව තිබෙන කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරය සම්බන්ධ ගිවිසුම පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ අස්සන් කර ඇති බවත් එම ගිවිසුම අස්සන් කළ අය බකමූණන් දැයි ජනාතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි.

එම ගිවිසුම සම්බන්ධයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.

‘කෙරවලපිටිය බලාගාරය 2025 වන විට අපේ ලංකාවේ ගොඩනැගෙන විශාලතම බලශක්ති බලාගාරයයි. මේ බලාගාරය දැනට ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් ගෑස් බලාගාරයක් බවට පරිවර්ථනය කරන්න පු`ඵවන්. අපිට ගෑස් ගෙනඒම සඳහා නළ පද්ධතියක් එළාගෙන නෑ. ගෑස් ගබඩා කිරීම සඳහා ගබඩා පද්ධතියක් අපි ඉදිරිකරලා නෑ.

ඒ සඳහා ලංසු කැඳවීමේ යෝජනාවට පසුගිය පෙබරවාරි මස 18 වැනිදා ඛනිජ තෙල් අමාත්‍යංශය පුවත්පත් දැක්වීම් ප්‍රකාශකළා. නමුත් මේ ඉදිකිරීම් ටෙන්ඩරයට කිසිසේත්ම සම්බන්ධ නොවූ ඇමරිකානු ‘නිව් ෆෝට්රෙස් එනර්ජි’ කියන සමාගමට පවරනවා, මෙය පිරිසිඳු ගණුදෙනුවක් නොවෙයි.

ඒ විතරක් නොවෙයි. මේක ගෑස් බවට පරිවර්ථනය කරන්න අපිට ගෑස් ඕනේ. අවුරුදු පහක් යනකන් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එම සමාගමටම දීලා. ටෙන්ඩරයකින් තොරව මෙම බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු ‘නිව් ෆෝට්රෙස් එනර්ජි’ කියන සමාගමට පවරලා තියෙනවා.

මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරන කොට කිසි ඇමතිවරයෙක් ගාව මේ කැබිනට් පත්‍රිකාව නෑ. දැකලා නෑ. මෙය අනුමත කිරීමට අමාත්‍යවරුන් කීපදෙනෙක් විරුද්ධ වූ බවත් මා දන්නවා. දැන් මොකක්ද වුණේ. මේ රටේ ඓතිහාසික ගිවිසුමක් කියටද අස්සන් කළේ. 17 වැනිදා රෑ 12 පසුවී විනාඩි 6 ට. රෑ 12 ට ගිවිසුම් අස්සන් කරනවා රට ගැන. අස්සන් කරන්න ආපු සුද්දා පාන්දර 2 ට තියෙන ෆ්ලයිට් එකේ ඇමරිකාවට යනවා. මේ රටේ රෑ 12.06 ට ගිවිසුම් අස්සන් කරනවාද? බකමූණොද මේගොල්ලෝ”



අදහස් (22)

එල්.එන්.ජී. ගිවිසුම අස්සන් කළ අය බකමූණන්ද?

Weerawansa Monday, 20 September 2021 01:57 PM

මෙයාගෙත් විසිල් විතරයි, බල්ටි නැහැ...

:       144       21

sisilMonday, 20 September 2021 04:32 PM

රට දියුණු කරන්නේ කොහොමද ඉතින්

:       4       8

Nuwan MadurangaTuesday, 21 September 2021 09:41 AM

දැන් එයාලා මොකක්ද කරන්න ඕනේ මහත්තයෝ.. තියෙන ආසන තුනෙන් මොනවාද කරන්න පුලුවන්..? නිකන් ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන්න එපා...

:       0       2

සුමාල් Monday, 20 September 2021 02:11 PM

නැත. එහෙත් එකල රාත්‍රී කාලයේ මිනිසුන්ට මහත් හිරිහැර කරමින් ජාතික හැඳුනුම්පත් එකතු කළේ බකමූණන් විසින්ය.

:       82       25

RaveendraMonday, 20 September 2021 03:12 PM

බකමූණන් ලෙස අපි රෑපානේ ගියානේ... හැඳුනුම්පත්ද එකතු කෙරුවා මතකයිනේ... මහජන දෙපළත් ගිනි තිබ්බා මතකයිනේ... ප්‍රේමදාස ටයර් කොම්පැණියත් මතකයිනේ...

:       52       13

Nuwan maduranga Tuesday, 21 September 2021 09:44 AM

හැබැයි රාජපක්ෂලා රටට කරන විනාශය පේන්නේ නැහැ නේද..? ඕක තමයි රෙදි හෝදනවා කියන්නේ...

:       0       2

විමල් Monday, 20 September 2021 02:20 PM

උලමා බකමූණාට කොහොමත් විරුද්ධයි!

:       20       22

RaveendraMonday, 20 September 2021 03:00 PM

සැමදාම දවස ආරම්භ කරන්නේ ඉතාම වැදගත් වචනයන් වන දියව්... දියව්... කියන මේ ගොයියාට ඔබ විසින් උලමා ලෙස පරිභව කර ඇත. ඇත්තෙන්ම ඔබ උලමාට මේ කොහෙවත් යන තිරිසනෙකුව සමාන කිරීම පිළිබඳව අපගේ ශෝකය ප්‍රකාශ කරන්නෙමු...

:       102       14

Raveendra Monday, 20 September 2021 02:42 PM

අපේ මේ කළුකුමාර මලයාගෙන් මීට පෙර පැනයන් කීපයක්ම විමසුවා.. ඒ එක පැනයකටවත් කළුකුමාර ගොයියා පිළිතුරු දුන්නේ නැත්තේ බකමුහුණු කුලේ කළු කුමාරයෙක් හින්දා වෙන්න ඇති නේද? දියව් දියව් කුමාර මල්ලියේ...

:       129       15

SUNIL MILANO Monday, 20 September 2021 03:27 PM

එලොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පොනේ.. බකමූණු කතා. කවදාවත්ම මේ අපතයින්ගෙන් හොඳක් අසා තිබේද?

:       87       12

fairoos Monday, 20 September 2021 03:29 PM

බයියන්ට මේවා කියලා වැඩක් නෑ. අපි තමයි හොඳටම කරන්නේ කියලා කියාගෙනම ඉන්න...

:       13       115

BamunuarachchiThursday, 23 September 2021 11:44 AM

ඕගොල්ලොයි ඒ ගොල්ලොයි හොඳට කරපු නිසයි ජනතාව ඇප නැතුව එලෙව්වේ. ඒ ගොල්ලෝ නම් ඕගොල්ලන්ට හොඳට කළා, මේගොල්ලොත් හොඳට කරන නිසයි ඕගොල්ලන්ගේ කෙනෙක් දැන් හිරේ ඉන්න.

:       0       0

swene Monday, 20 September 2021 03:46 PM

මේ ගොල්ලත් නැත්නම් මොනවා වෙනවද කියලා දැනගන්නවත් නෑ. පාර්ලිමේන්තුවේත් වැඩකට ඇති යමක් කතා කරන්නෙත් මේ ගොල්ලන් විතරයි..

:       12       24

Brayan Monday, 20 September 2021 03:50 PM

වැඩ බැරි ආණ්ඩුවට ඡන්දේ දීලා...

:       13       10

Praba Monday, 20 September 2021 03:54 PM

ජනතාවගෙ සල්ලි දේශපාලකයො ගසාකාල අපිව පාරට ඇදල දැම්මට කමක් නෑ. රට වික්කට කමක් නෑ. අපේ ළමයිට රටක් නැතිවුනත් කමක් නෑ. මගේ හද බැඳ ගත් මගේ වීරයන් විවේචනය කරන්න එපා.

:       7       21

ajith Monday, 20 September 2021 06:24 PM

88/89 සමයේදී මොහුගේ පාක්ෂිකයින්ගේ ක්‍රියාකලාපය එතරම් සතුටුදායක නොවුණත්, මේ අවස්ථාවේදී විනිවිද භාවයකින් තොරව, ටෙන්ඩර ක්‍රියා පටිපාටියෙන් පිටත මෙම කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳව මෙතුමා කරන ප්‍රකාශයේ යම් සත්‍යතාවයක් තිබෙන බව ඇත්ත...

:       7       9

SUNIL MILANO Monday, 20 September 2021 07:00 PM

ප්‍රභාගේ වීරයින් නම් නියමයි. කටවල් ඇරියොත් ඉවරයි. මෙයා කතා කරන්නේ හරියට මන්ද බුද්ධිකයෙක් වගේනේ... !

:       8       5

සෙනෙවිරත්න Monday, 20 September 2021 07:50 PM

මේකෙන් ප්‍රකාශ වන්නේ එම බලාගාර ඇමරිකාවට විකිණිම යහපතක් ක්‍රියාවක් බවයි. සියල්ල පවරා ගන්නවා යැයි කියා බලයට පත් ගෝඨාභය විවේචනය නොකර මෙම වරද පෙන්වා දෙන, හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන, අය විවේචනය කරන වහලුන් තවමත් සිට බවත් දැන් ජනතාවගේ ඇඳිවත පමණක් ඉතිරි කිරීමට පවුල් ආණ්ඩුව කටයුත්ත කර ඇතත් තවමත් 88/89අරම කලා මෙහෙම කළා යයි හිත හදාගෙන තමන්ගේ සහ දූදරුවන්ට මේ රටෙහි කිසිම අනාගතයක් නැති බවත් දැන දැනම බඩගින්නේ හූල්ලා නිදාගන්නා කරුමක්කාරයින් තවමත් සිටී.

:       7       6

sugathMonday, 20 September 2021 08:54 PM

මෙවැනි විශාල ව්‍යාපෘති සඳහා රටේ ප්‍රාග්ධනය නොමැති නම්, එය විදේශ ආයෝජන ලෙස ලබා ගැනීමේ වරදක් තිබේද? එසේත් නැති නම්, අනාගතයේදී රටට අවශ්‍ය වන බල ශක්තිය සපයා ගන්නට ඔබ යෝජනා කරන්නේ කෙසේද?

:       0       1

SUNIL MILANO Monday, 20 September 2021 08:45 PM

ජෙප්පෝ කතා කරනකොටම .ලයික් දාන්න විරුද්ධනම් අන් ලයික් කරන ඇම්බැට්ටයෝ ටිකක් එකතු වී සිටී .

:       1       1

Bamunuarachchi Tuesday, 21 September 2021 07:31 AM

මේ මොන විකාර කතාවක්ද? වැඩකරන මිනිස්සුන්ට රෑ දවල් කියා වෙනසක් නැහැ. ඕගොල්ලෝ තමයි දවල් මිගෙල් රා දනියෙල් රඟපාන්නේ.

:       1       1

BamunuarachchiWednesday, 22 September 2021 08:45 AM

මෙහාට රෑ උනාට ඇමරිකාවට මහා දවල්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site