IMG-LOGO

එයාර් බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම වහාම තහනම් කළ යුතුයි

( +++ අංජුල මහික වීරරත්න)

එයාර් බස් සමාගමෙන් සිදු කෙරුණු වංචාව සැලකිල්ලට ගෙන එම සමාගමෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානා මිලදී ගැනීම සහ බදු පදනම මත ගැනීම වහා තහනම් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකන් සමාගමටද විශාල අලාභයක් විඳින්නට සිදුවූ බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සමාගමෙන් වන්දි මුදල් අයකර ගැනීම සඳහා රජය වහා කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළේය. මෙලෙස වූ අලාභයට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ ශ්‍රී ලාංකික ජනතාවට බවත් එයාර් බස්  සමාගමට විරුද්ධව නඩු පවරා වන්දියක් ලබා ගැනීම සඳහා විශේෂ දැනුමක් ඇති විදේශ නීතිඥ සමාගම් සමග සාකච්ඡා කොට පියවර ගතයුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අදාළ සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් සම්මත කර ගැනීමට හැකියාව තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තම රජය පැවැති සමයේ මෙවැනි සිද්ධියක් හෙළිදරව් වූයේ නම් අදාළ සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම මෙන්ම බදු පදනම මත ගැනීමද වහාම තහනම් කරන බවද ඔහු කීය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවැසුවේ පෙරේදා (08) මරදානේදී පැවැති පොත් බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.



අදහස් (20)

එයාර් බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම වහාම තහනම් කළ යුතුයි

ගගන Monday, 10 February 2020 04:47 AM

ගින්දර වගේ කොහොමද ටෝක් එක..?

:       217       219

RaveendraMonday, 10 February 2020 07:51 AM

ඔව් ගින්දරවගේ ටෝක් දුන්න උනාට බටහිර පැත්තේ ලොක්කෙක් උගුර පෑදුවත් ඇති මේ අපේ සත්ගුණවත් උගතා හොයාගන්න බැහැ එතකොට.

:       2       73

Perera Monday, 10 February 2020 05:08 AM

මේ කතා වලට කොහෙන් හිනාවෙන්නද මන්දා...................

:       33       253

Sampath Monday, 10 February 2020 05:37 AM

අපේ රටේ සියලුම ගුවන්යානා එයාර් බස් ආයතනයෙන් ලබාගත් ඒවා. අපි boing වලට මාරු වෙනවානම් කර්මිකකයාගේ සිට ගුවන් නියමුවන් දක්වා සියල්ල වෙනස් විය යුතුයි.

:       1       118

Rohana Monday, 10 February 2020 05:51 AM

ඔබතුමා මේ කියන්නේ විහිලු කතාවක් නේද? හිනා වෙන්න ගිහින් ඒක නවත්ත ගන්න බැරිවුණා.

:       25       111

saliya Monday, 10 February 2020 06:22 AM

ගිවිසුම් අවලංගු කිරීමේදී පසුගිය රජය විශාල වන්දි මුදලක් ගෙවූ බව පැවසේ. අල්ලස් නීති විරෝධී බැවින් ගිවිසුම්ද නීති විරෝධීය.. එබැවින් වන්දි ගෙවීම නොකළ යුත්තකි. පාර්ලිමේන්තු බහුතරය හිමි එජාපය, වහාම ජනාධිපතිතුමා සමග එක්වී, මේ වන්දි මුදල නැවත අයකර ගත යුතුව ඇත.

:       0       70

Bandara Monday, 10 February 2020 06:33 AM

අපිව හිනස්සලා මරන්නද හදන්නේ ?

:       1       147

Wasantha Monday, 10 February 2020 06:43 AM

මෙයාලා රට කාලා විනාශ කරලා දාලා තව බොරු කියා කියා ඒවා වචන හදනවා. අනික් ඔක්කොගෙම රෙදි ගළවගෙන ඉවරයි.

:       1       114

Nuwan Monday, 10 February 2020 06:57 AM

පක්ෂයේ බලය රැකගන්න පගාව ලෙස කෝටි සිය ගණනක්ම සැප වාහන ඇමතිවරුන්ට අරන් දුන්නු හැටි ඔන්න එළිවෙනවා රටම ණය වෙලා තියෙද්දි.

:       12       142

පිටිගල මිලානෝ Monday, 10 February 2020 07:02 AM

මෙන්න කවුද නින්දෙන් නැගිටලා කෑගහනවෝ...

:       1       3

Narada Monday, 10 February 2020 07:11 AM

එයාර් බස් ඒ 350 ගිවිසුම අවලංගු කරලා බිළියන ගානක් නැති කරගත්තු අය දැන් කියන කතා. ඔය ලොකු කම ඒ කාලෙ කොහෙද දන්නෙ නෑ තිබුනෙ. මිනිස්සු හිනස්සන්න එපා.

:       25       170

de silva Monday, 10 February 2020 07:12 AM

කරන්න පුළුවන් හොඳම දෙය අර ඉස්සර තිබුණා වගේ ශ්‍රී ලන්කන් එකේ කළමනාකරණය එමිරේට්ස් වැනි ජාත්‍යන්තර කීර්ති නාමයක් අත්කරගෙන තිබෙන පුද්ගලික ආයතනයකට නැවත බාර දෙන එකයි. එමිරේට්ස් මගින් පාලනය කරනකොට ශ්‍රී ලන්කන් ලාභ ලැබුවා. ආණ්ඩුව බාරගත්තට පස්සේ මුල් වසර කිහිපය තුළ අවුරුද්දකට රුපියල් කෝටි 1000ක් පමණ පාඩුවක් ලැබුවා. දැන් වසරකට රුපියල් කෝටි 2000ට වැඩි පාඩුවක් ලබනවා මේවා රටේ බදුගෙවන ජනතාවගේ සල්ලි, මෙම පාඩු ලැබීමට හේතුව පසුගිය කාලේ පත්වුණා. හැම ආණ්ඩුවක්ම තම හිතවතුන් වන සජින් වාස්, නිශාන්ත වික්‍රමසිංහ, කපිල චන්ද්‍රසේන වැනි පුද්ගලයින්ට තනතුරු දීම සහ ඔවුන් සහ දේශපාලකයින් ශ්‍රී ලන්කන් එකේ මුදල් අයථාලෙස පරිහරණය කිරීම... දේශපාලකයන් බොරු දේශප්‍රේමයක් ඉදිරියට දමාගෙන රජයේ ව්‍යාපාර විකුණන්නේ නැහැ කියමින් ශ්‍රී ලන්කන් එක හරහා අපේ ධනය සූරාකනවා. කරුණාකර ඕක පුද්ගලික අංශයට පවරන්න..

:       4       129

chandima Monday, 10 February 2020 07:47 AM

වෙන කොම්පැනියක් එක්කලා ඩීල් එකක් දාගන්න වගේ යන්නේ...

:       1       8

Raveendra Monday, 10 February 2020 07:58 AM

"තම රජය පැවැති සමයේ මෙවැනි සිද්ධියක් හෙළිදරව් වූයේ නම් අදාළ සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම මෙන්ම බදු පදනම මත ගැනීමද වහාම තහනම් කරන බවද ඔහු කීය." මේ කිව්වේ අපේ සූත්තර පුංචනේ.. එතකොට "එවකට සිටි අගමැතිවරයා තමන් කැඳවා සයින් හෝ රිසයින් යනුවෙන් තර්ජනය කළ බවද " කිව්වේ ලයනල් බෝපගේ කියන හිටපු අමාත්‍යංශ ලේකම් කෙනෙක්. එතකොට මේ අපේ සත්ගුණවත් සූත්තරය කියන විදියට මේ මුදල් මහජනමුදල් නොවේ...

:       1       108

lalithm Monday, 10 February 2020 08:23 AM

පිස්සු ඩබල් වෙලා... බල්ලෙක් කකුල හපාකෑවට බල්ලෝ නොහදා ඉන්නද? ඉන්න කෙනා මරන්නද? දෙකම බැහැ... ඌව හීලෑ කරගන්නවා මිසක්. ඊළඟට තියෙන්නේ බෝයිං සමාගම. ඒකත් එහෙම කරොත්. දෙකෙන්ම නොගෙන රුසියාවෙන් ගන්නවා. එහෙමද? එහෙම නැතිනම් ගුවන් සේවය වහලා දමනවා. විකාර නොකියා ඉන්න එක වඩාහොඳයි...

:       0       53

beau Monday, 10 February 2020 08:55 AM

බොරුවට දොඩවනවා.. හොරකමට මුල්වෙලා ඉඳලා...

:       7       5

beau Monday, 10 February 2020 08:57 AM

මෙයා කතාකරන්නේ මහා කෙරුමෙක් කියලා හිතාගෙන... මෙයාට පුලුවන්ද එයා බස් කොම්පැනිය වහලා දාන්න...

:       0       54

කපුරුහාමි Monday, 10 February 2020 09:00 AM

ඉස්සර නම් මෙතුමාගෙන් අපේ පැහැදීමක් තිබුණා. දැන් දැන් කියන කරන දේවල් දිහා බැලුවම අනේ මන්දා මොලේ කචල් වෙලාවත්ද?

:       11       1

ajith Monday, 10 February 2020 09:16 AM

ප්‍රංශ ආණ්ඩුව තරහ කරගන්න වැඩක්... නැත්නම් ඇමෙරිකාවට එ් ඇනවුම් බාරදෙන්න කරන මගෝඩියක්...

:       0       0

Sanaa Monday, 10 February 2020 10:47 AM

සුබ උදෑසනක්... කවද්ද ඇහැරුණේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site