(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරන විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයා දෙන බවට පොරොන්දු වී මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක කල්ලියක ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
විශේෂයෙන් කොරියාවේ, ඊශ්‍රායලයේ හා ජපානයේ රැකියා දෙන බවට පොරොන්දු වී මෙම කල්ලිය මුදල් ලබා ගන්නා බව වාර්තා වී ඇතැයි විදේශ රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනිම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් ද ඊට අමතරව බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කෙරෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් එහි දී අය කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
මේ හැර අයදුම්කරුවන් බඳවා ගැනීමට කිසිඳු පුද්ගලයකු විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හෝ කාර්යාංශය විසින් පත් කර නැතැයි ද සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු කෙරෙන බව ද කී ජයරත්න මහතා මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.
මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැයේ තොරතුරු මධ්‍යස්ථානයේ අංකය වන 1989 ට දැනුම් දෙන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එතෙර රැකියා පෙන්නා මුදල් ගරන කල්ලියක්