ඒටීඑම් යන්ත්‍ර භාවිතා කරමින් සිදුකරන ගනුදෙනු වලදී සුපරික්ෂාකාරී වන්නැයි ඉල්ලා සිටින බව මුල්‍ය අංශයේ පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෑත කාලයේ දී බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවීම පිළිබඳව ලැබුණු පැමිණිලි කිහිපයක් හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරිණි.
පසුගිය මාස දෙක ඇතුළත දිවයිනේ විවිධ ප්‍රදේශවල ඒටීඑම් කාඩ්පත් හරහා සිදුකරන මුදල් වංචා කිහිපයක් වාර්තා විය.
සීසීටිවී කැමරා පද්ධතිවලට හසුනොවන ඒටීඑම් යන්ත්‍ර ආශ්‍රිතව සැරිසන පුද්ගලයන් සම්බන්ධයෙන් ද මේ දිනවල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.
හඳුනාගත නොහැකි අනවසර ගනුදෙනුවක් හෝ ඒටීඑම් කාඩ්පත් අස්ථානගත වීමක් සිදුවී ඇත්නම් වහාම ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුව දැනුවත් කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්වයංක්‍රීය ට්‍රෙලර් කාඩ්පත් භාවිතා කරන්නන් හට ජංගම බැංකුකරණය යොදා ගන්නැයි ඉල්ලා සිටින බව තොරතුරු ආරක්ෂණ කළමනාකරු ලොෂාන් වික්‍රමසේකර මහතා ඉල්ලා සිටියි.
එමගින් ඔබේ ගිණුමෙන් මුදල් ආපසු ගැනීමේ දී හා තැන්පත් කිරිමේ දී කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත.
(28535)
COMMENTS
කාර්ඩ් එකට සිම් එකක් ඇතුළත් කලානම් ගොඩක් දුරට හොරකම් අඩු කර ගත හැකි . බැංකු මගින් කෙටි පණිවුඩ ක්‍රමය නොමිලේ ලබා දෙන එක කලෝචිත ක්‍රියාවලියකි '
මේ උපකරණය බොහෝ බැංකු වල ඒ ටී එම් යන්ත්‍රවල සවිකර තිබෙනු මා දැක ඇත මෙය මගින් මෙවැනි අක්‍රමික තවන් සිදුවන්නේ නම් ඒ ටී එම් යන්ත්‍රවල මෙවැනි උපකරණ සවිකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බැංකු වලට හැකියාව තිබිය යුතුය..... මන්ද බොහෝ ඒ ටී එම් යන්ත්‍රවල පිහිටුවා තිබෙන්නේ බැංකු සංකීර්ණ බැවින් සී සී ටී වී කැමරා සවිකර ඇති මේ ස්ථාන හා ආරක්ෂක නිලධාරීන්ද යොදවා ඇත හොදම විසදුම යන්ත්‍රයේ භාවිතයට ඇගිලි සලකුණ බාවිතා කිරීමයි එසේ නැතිනම් තමන්ගේ ජංගම දුරකතනයට රහස් අංකයක් (වන් ටයිම් පාස්වර්ඩ් ) එකක් ලබා දී එය ඇතුලත් කර ගනුදෙනු කිරීමට සැලැස්වීමයි
මගේ කාඩ් එක නැතිවෙලා කියලා පසුද දැනගන්නකොට විශාල මුදලක බඩු අරගෙන .මුළු ලෝකෙම සාප්පුවලින් බඩු ගන්නකොට හැදුනුම්පත චෙක් කරන්නේ හොරකම නිසයි .අපේ රටේ හොරකමටත් සහය දෙන අමුතුම රටක්.
බැංකු වලින් රහස් අංකය කිසිවෙකුට නොදෙන්නැයි කිව්වත් සමහර බැංකුවල ATM යන්ත්‍රවලින් ගනුදෙණු කරන විට ආවරණයක් නැති නිසා පිටුපස සිටින අයට අංකය බලාගැනීමට හැකිවෙනවාද කියල සැක හිතෙනවා.
ජපානය සහ බටහිර ජනයා රහස් අංකය යොදන්නේ වම් අතින් ඉලක්කම් පුවරුව වසාගෙන නිසා කාටවත් එය පෙන්නේ නැ .
වසර කීපයකට උඩදි කටාර් හීදී, ක්‍රෙඩිට් පතෙන් මුදල් අන්තර්ජාලය ඔස්සෙ ලබාගෙන තිබුනා. ක්ෂණයෙන් ඔ.ටි.පි. අංකය ලද විට බැංකුවට දැනුම් දුන්නා. පසුව එම මුදල ලබා දීමට කටයුතු කලා.