(නිමල කොඩිතුවක්කු)
මහමැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීම ජනවාරි මස මුල් සතියේදී සිදුකෙරේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බිහිවන පුළුල් පෙරමුණට සම්බන්ධවන දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘතීයවේදීන්ගේ සංගම්, මාධ්‍ය සංගම් ඇතුලු පාර්ශ්ව සමඟ මේ වනවිට සාකච්ඡා ආරම්භ වී පවතී.
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් මහමැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පුළුල් බලවේගයක් බිහිකිරීම ඉහත සන්ධානය පිහිටුවීමේ අරමුණ බවත් හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම පුළුල් සන්ධානයට ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් සඳහා කැමැත්ත පළ කරන සියලුම සංවිධාන සහ පක්ෂ වලට ආරාධනා කර සිටින බවත් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
එක්සත් ජාතික පක්ෂයට උපනායක හෝ නියෝජ්‍ය තනතුරක් සඳහා උගත්, බුද්ධිමත් කාන්තාවක් පත් කරන්න කාන්තාවන්ට සම අයිතීන් ලබාදීමට පක්ෂය තුළින්ම පෙන්වීමට කටයුතු කරමු.
වෙස්මූණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ...
බලල බලලා අපට එපා වෙච්ච පක්ෂ නායකත්වයක් විසින් කරන කියන හැමදෙයක් ගැනම දැන් හිටන්ම අනුමාන කරන්න පුළුවන්...
ඔක්කොමට කලින් ලොක්කට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්දැයි කියලා උගන්නන්න.
රටට විනකරන පිරිස එළවලාම දමමු.
සොරිම තමයි. මොනවා කළත් වැඩක් වෙන්නේ නෑ..!