IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


‘‘එජාප නායකත්වයේ වෙනසක් සිදු වන්නේ නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් තවදුරටත්  පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹදී පැවැසීය.

පක්ෂයේ ව්‍යවස්ථාවට  අනුව  පක්ෂ සම්මේලනයක් කැඳවා රනිල් වික්‍රමසිංහ මහතා නායකයා ලෙස තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තු කණ්ඩායමට රැස්වී  පක්ෂ නායකත්වය තීරණය කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (15) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

පක්ෂ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු  මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකත්වය මාරු කිරීමේ හෝ ඉවත් කිරීමේ හෝ කිසිඳු බලයක් නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා  මහමැතිවරණයෙන් පසු තේරී පත්ව එන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  සාමාජිකයන් පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාකළ යුතුව  ඇති බවත් සඳහන් කළේය.

එක්සත්  ජාතික පක්ෂයේ නායකත්වයේ කිසිඳු වෙනසක් මේ වෙලාවේ සිදු නොකිරීම  පක්ෂයේ අභිවෘද්ධිය සඳහා ගත යුතු ඉතාම වැදගත් තීරණයක් බවත් ඔහු කියා සිටියේය.

නායකත්වය සම්බන්ධයෙන් කුමන රැස්වීමක් තිබුණත්  අමුතු තීරණයක් නොලැබෙන බවත් කී මන්ත්‍රීවරයා පක්ෂයේ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන බලවේග සියල්ලක්ම  නියත වශයෙන්ම පරාජය කරන බවත් වැඩිදුරටත් පැවැසීය.



අදහස් (26)

‘‘එජාප නායකත්වයේ වෙනසක් සිදු වන්නේ නෑ‘‘

channa Wednesday, 15 January 2020 02:40 PM

සෙන්පතිගෙනුත් සල්ලි ගත්තා...

:       69       172

විනිවිදWednesday, 15 January 2020 05:33 PM

එජාප නායකත්වයේ වෙනසක් සිදුවන්නේ නැතිවා සේම ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ විනය කඩකළ සියලු දෙනාහට නාම යෝජනා නොදීමට කටයුතු කර අලුත් උගත්, බුද්ධිමත් විනයක් ඇති පිරිසකට නොමිනේෂන් ලබාදිය යුතුවේ. පක්ෂය සුදුසුකම් ඉදිරිපත් කර අාසනවල සිටින පාක්ෂිකයාට ඔවුන්ගේ තේරීම කිරීමට අවස්ථාවක් දිය යුතුය. උගත්, බුද්ධිමත් නීතිය පිළිබඳ දැනීමක් තිබෙන අපේක්ෂකයන් හට අවස්ථාව දීමටත් පාක්ෂිකයාට අපේක්ෂකයින් තේරීමට අවස්ථාව දුනහොත් වෙනත් ප්‍රදේශවල පුද්ගලයින්ගේ, ඔවුන්ගේ අාසනවලට පැමිණීමත්, විරෝධතාවය නොමැතිවනු ඇත.

:       40       74

Saman Ratnasiri Wednesday, 15 January 2020 03:09 PM

එ්ක හොඳයි ඉල්ලන ඉල්ලන හැමඑකම දෙන්න ගියාම අන්තිමට ඉරත්, හඳත් ඉල්ලයි

:       2205       1498

BuddikaThursday, 16 January 2020 12:40 AM

පක්ෂයේ නායකයා අලෙවි කිරීමේ වගකීම ඇත්තේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ටයි. නමුත් සිදුවෙමින් පවතින්නේ වෙනත් දෙයකි. ඉදිරි මැතිවරණයට පෙර පක්ෂයේ විනය කඩකර ඇති කණ්ඩායමට නාම යෝජනා නොදී අලුත්ම කණඩායමක් පත් කරන්න. එසේ නොමැතිව මෙම පක්ෂය ඉදිරියට ගෙනයාමට නොහැකිය. මැතිවරණයට පෙර මෙහි අවසානයක් තිබිය යුතුයි. නායකයින් සිටින්නේ අවශ්‍ය වෙලාවට නිවැරදි තීන්දු ගැනීමටයි. නිවැරදි තීන්දුව ගැනීමට දැන් කාලය පැමිණ ඇත. නායකයින් කඩෙන් මිලදී ගැනීමට නොහැකිය. සජිත්ට බැරිබව දැන් අපටත් පෙනෙන්නට තිබේ.

:       309       106

Gune Wednesday, 15 January 2020 03:31 PM

අපිට උගන්නලා තියෙනවා නායකයන් වර්ග 5කට බෙදන්න පුළුවන් කියලා. මෙයාව වැටෙන්නේ කොයි එකටද කියලා මට හිතාගන්න බැරි හැටි අම්මපා...

:       0       82

chandimaWednesday, 15 January 2020 04:37 PM

මෙයා ගාව ඒ පස්වර්ගයටම හරියන ඔලුබක්කෝ මුහුණු තියෙනවා. ඇත්ත මූණ බලන්න එව්වා ගලවන්න වෙනවා. හැබැයි ඉඳලා හිටලා මුණු මාරු කරන වෙලාවට ඇත්ත මුණයි වල්ගෙයි දෙකම පේනවා.

:       7       101

chandima Wednesday, 15 January 2020 04:19 PM

එ්ක හොඳයි. මාමණ්ඩිගේ කැමැත්ත තිබුනේ රටේ විධායක ජනාධිපති වෙලා ඉන්න. ඒ වුණත් එදා අර හාල් ගෝනි, කරවල, පරිප්පු, කාරයන් වැඩේ බකල් කළා. පස්සේ බෑණා අාවා. එයාගෙත් බලාපොරොත්තුව තිබුනේ මැරෙනකල් රටේ විධායක ජනාධිපති වෙන්න මොන යටිකුට්ටු ක්‍රමයකින් හරි. නමුත් දැන් ඒ බලාපොරොත්තු සුන්වෙලා. එළිපිටම නැතිවුණත් එ්කටත් අකුල් හෙලුවේ අර හාල් ගෝනි, කරවල, පරිප්පු, කාරයෝම තමයි. මෙය ඒ ගොල්ලන්ගේ අඟේ ඉඳන් කණ කන්න ගියා. ඊටකලින් ඒ ගොල්ලෝ මෙයාගේ අඟේ ඉඳන් කණ කෑවා. දැන් කරන්න තියෙන එකම දේ මැරෙනකල් ඔය නායකත්වයේවත් ඉන්න බලන එකතමයි. මොකද දීලා අයින් වෙන්න හරිහමන් තමන්ගේ කෙනෙකුත් නැහැ. පුරුදු කරලා ගන්න හදපු බෑණත් මහා නිදිමතයෙක්නේ.

:       12       78

Hafeel Wednesday, 15 January 2020 04:20 PM

මේ නායකයාව පරිස්සම් කරගන්න. කීයටවත්, කොහෙන්වත් ගන්න බැරි නායකයක්. මෙයා 2010 පරාජයි. 2015 ගයන්තගේ පිහිටෙන් ආවේ. මේ පාරත් හැලෙනවාමයි.

:       72       201

sheltonThursday, 16 January 2020 01:55 AM

එහෙනම් ඡන්ද ප්‍රතිඵලේ වෙනසක් වෙන එකකුත් නැහැ..!

:       8       27

Hafeel Thursday, 16 January 2020 09:46 AM

මේ වගේ මිනිස්සු ඉන්නකල් ඉතින් අහන්නම ඕනද?

:       0       0

chandima Wednesday, 15 January 2020 04:32 PM

ඕක අපි කලින්ම දන්නවා. අර මොකක්ද එකවගේ තමයි. වැනෙනවා විතරයි, වැටෙන්නේ නැහැ. අපරාදේ පාක්ෂිකයන් පස්සෙන් යනවා වැටෙනකල්...

:       18       170

Rohana Wednesday, 15 January 2020 04:46 PM

නායකත්වය වෙනස් කරන්න අකමැති නම් හැමදාම විපක්ෂයේ ඉන්නත් කැමති ඇති. තව ටික කලක් ගියාම විපක්ෂයත් නැතිව තෙවැනි පක්ෂයක් වෙන්නත් ඉඩ තිබෙනවා.

:       38       257

chamath Wednesday, 15 January 2020 04:51 PM

ඔබතුමාගේ කතාවට අපි එකඟයි. මොකද එක එක මිනිස්සු කියන විදියට නායකයා වෙනස් කරන්න බෑ.

:       1003       552

SL Wednesday, 15 January 2020 05:10 PM

එහෙනම් ඡන්ද ප්‍රතිඵලේ වෙනසක් වෙන එකකුත් නැහැ..!

:       23       318

sudath Wednesday, 15 January 2020 11:29 PM

කිසිම බලලෝභී කමක් නැති අවංක නායකයා මොකට මාරු කරනවද තව කල් තියෙනවා.

:       106       62

Devinda Uduwara Wednesday, 15 January 2020 11:51 PM

මහ මැතිවරණයකදීවත් අවම වශයෙන් ඔහු මූලිකත්වය ගත යුතුයි.

:       62       1

Kumara Thursday, 16 January 2020 12:06 AM

යන්තම් ඇති මම බයෙන් හිටියේ...

:       55       42

Kumara Thursday, 16 January 2020 12:24 AM

අදාල නැහැනේ. අපි එජාපයට කතිරෙ ගහන්නේ නැහැනේ.

:       23       16

සමන්ත Thursday, 16 January 2020 01:50 AM

එක්සත් ජාතික පක්ෂය බෙදන්න හෝ නායකත්වයේ වෙනසකට දැන් මහජනතාව ඉඩ නොදෙන බව ඔවුන්ට කිව යුතුයි. ඔය අඳබාල පිරිසට වහාම පක්ෂය අතහැර යන ලෙසට නියෝග කළ යුතුයි. සජිත් යනු තවත් එක වැඩ බැරි කයිවාරුකාරයෙක් පමණක් බව මිනිසුන් දැන් හොඳින් දනී.

:       716       427

hemanthaThursday, 16 January 2020 03:43 AM

රනිල් පක්ෂ නායකයා විදියට තියාගන්න දඟලන බහුතරයක් තමන්ගේ හොරකම් වසාගන්න අනිත් පැත්ත සමග ඩීල් දාන අය. වජිර කියන්නෙත් ඒ වගේ පුද්ගලයෙක්...

:       57       405

ගීත් Thursday, 16 January 2020 03:06 AM

මෙතුමා ගැන රන්ජන්ගෙ හඬපටවල තිබුන කතාව නං සහතික ඇත්ත කියලා හිතෙනවා.

:       0       42

nimal Thursday, 16 January 2020 04:37 AM

දැනට වඩා වෙනසක්... වෙනසකුත් ආයෙත් ඕකේ වෙන්නෙත් නැහැ..

:       104       0

sapumal Thursday, 16 January 2020 04:40 AM

රටත් කාලා පක්ෂයත් කාලා තවත් නායක කමේ ඉන්න බලනවා. හිතන් ඉන්නේ මහා මොළ කාරයා කියලා.

:       323       216

සපුමල් Thursday, 16 January 2020 05:51 AM

මේ මම නෙමේ. සජිත් සහ අපතයන් පන්නා පක්‍ෂය සහ නායකත්වය රැකගමු.

:       207       269

lalithm Thursday, 16 January 2020 07:03 AM

ඔහොම ඉන්න එකාම කාගෙන විනාශ කරගෙන ගියොත් ඉතින් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවලට ගියකලම තමයි එජාපෙ ටත්... "වයධම්මා සංඛාරා" තමයි ඉතින්...

:       0       0

Bamunuarachchi Thursday, 16 January 2020 01:37 PM

කිසිම වෙනසක් කරන්න එපා. ලොකු ප්‍රේමදාස, JRට දාපු ජාති පොඩි ප්‍රේමදාස රනිල්ට දානවා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

වීඩියෝ දර්ශන


අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ
2025 පෙබරවාරි මස 12 3327 14

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ


ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 11 3814 11

සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධ


බස් බස් ගැටී 4ක් මරු දකී
2025 පෙබරවාරි මස 10 3490 18

දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තෝරයාය ප‍්‍රදේශයේ අද උදෑසණ පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිව් දෙනකු මියගොස් තවත් 22 තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසි




මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 205 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 948 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site