
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, පක්ෂය තුළින්ම ගොඩනැගෙන තරුණ නායකයකුට පිරිනැමීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කළ එම පිරිස, පක්ෂයට අවශ්‍ය නායකත්වය අපේක්ෂා කරන සියල්ලන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදුන්හ. පක්ෂයේ තරුණ නායකයන්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සකස් කිරීමටද මෙහිදී කැමැත්ත පළකෙරිණි.
ඒ අනුව, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අය අතරින් ජාතික අපේක්ෂාවන් හඳුනාගත්, රටට සහ පක්ෂයට ගැළපෙන, තරුණ නායකත්වයක් තෝරාගැනීම සඳහා එහිදී එකඟතාව පළ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කවදාවත් ඔය පෝස්ට් එක කාටවත් දෙන්නේ නැහැ. මිනිහගේ තාත්තගේත් ලොකු කැමැත්තක් තිබුණලු කවදාහරි ලංකාවේ අගමැති වෙන්න. එයත් එක්කම ඒ සිහිනය මිය ගියත්... මේ පුත්තරයා අගමැතිවෙලා හිටියත් එජාපයේ නායකත්වය අතහරින්න කීයටවත් කැමති වෙන්නේ නැහැ. ඊයේ කීවා කරූ කැමතියි කියලා. අද කියනවා තරුණ නායකත්වයක් හදනවාලු. ඒ කියන්නේ කරූ නොවෙයි.. කරූ කියන්නේ වයස පුද්ගලයෙක්. මෙයා මේ ගේන්න යන්නේ සාගලද..?
ඕක ගසන ලද ගැටයක්.
රුවන් මහතා?
අනේ මෙහෙමත් පක්ෂයක්.
නටපු නැටුමකුත් නැත. බෙරේ පලුවකුත් නැත. කොළඹ පමණක් නොවේ මුලු රටෙේම එජාප සාමාජිකයින් සිය ඡන්දය මගින් ප්‍රකාශකරලා තියෙනවා තමන්ගේ නායකයා කවුද කියලා. මේ අය අන්ධ කයිප්පු කාලා වගේ විකාර කියවනවා.
රනිල් ඔතැනින් ඉවත් වුවහොත්, ඉර බටහිරින් පායනු ඇත.
රනිල් මැරෙනකම් නායකයා... කාටවත් දෙන්නේ නැහැ.
පක්ෂය වැටිලා තිබෙන ප්‍රපාතය හැටියට නම් ආයේ ආයේ ගොඩඑනවා බොරු... එකම විකල්පය තමයි සමගි ජනබලවේගය සමග එකතුවෙලා පුළුල් ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළක් හදාගැනීම...
සජිත් හැර වෙන කෙනෙකුට එජාප පාක්ෂිකයා ඡන්දෙ දෙන්නේ නැහැ. දුරකථනයට ලැබුණේ එජාප ඡන්ද...
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් කිරීමට හැකි කිසියම් ස්වාභාවික හේතුවකට පමණි. 1994 වසරේ සිට තමන්ව මෙම පක්ෂයේ නායකත්වයෙන් අයින් කළ නොහැකි බව ඔහු ඔප්පු කර ඇත. මේ කොළවල ලියා ඇති දේවල් වලට එච්චර කලබල නොවෙමු!
ඔය තටමන්නේ ජේ.ආර්. මාමා බෑණාට දීලා ගියාවගේ මෙයත් මෙයාගේ ඊළඟ පරම්පරාවට තෑගි දෙන්න.
ඒක ඉතා හොඳයි..
ඕකනේ ජේ.ආර්. ජයවර්ධන කිසි කෙනෙකුට පනින්න නොදී අස්වීමේ ලිපිය කලින්ම ගත්තේ... රනිල් ගෙදර ගිහින් ටික කලක් පාඩුවේ හිටියොත් හොඳ නැද්ද?
මෙයත් මාමණ්ඩි තරුණ සම්මේලනයට ගියා වගේ බෝ, ටයි බෙල්ලේ ගැටගහගෙන ආයෙත් එන්න වගේ යන්නේ.. එහෙම නැතිනම් කවුරු හරි ඉන්නවද තරුණ පහේ?
දැන් ඔය මොන බල්ටි ගැහුවත් එජාපෙ තව අවරුදු 10කට ගොඩ එන්නේ නැහැ. මක්නිසාද යත්, බහුතරයක් සිංහල බෞද්ධ ඡන්ද තවමත් දෝලනය වී තිබෙන්නේ රාජපක්ෂ කඳවුරටයි...
එජාපයේ, එක්සත් කමක් තියෙනවා නම් මේ තනතුර සජිත්ට ලබාදිය යුතුයි. එහෙම තමයි එක්සත් වෙන්නේ. එහෙම නැතිනම් මේක ගුටිකෙළගැනීමක් වගේ වෙයි.
තරුණ නායකයෙක් කිව්වාම කරූව මතක් වුණා.
කොහොම හරි කමක් නැහැ මලපෙරේතයින්, භූතයින්, පින්ගූත්තරයින් අතට නායකත්වය යන්න නොදී කල් අරගෙන හෝ මහත්මා ගතිගුණ ඇති යහපත් පුරවැසියෙක් අතට නායකත්වය ගියොත් නම් හරි...
රනිල් තමයි තරුණ නායකයා වෙන කව්ද?
කොණ්ඩෙ කලු කරලා ගත්තහම ඕනෑම වයසක කබරගොයෙක් තරුණ තලගොයෙක් කළ හැකි බව ලඟදීම ඔප්පුවෙනවා.
ඉස්සෙල්ලාම නින්දා, අපහාස එක්ක හොඳ ගුටි කෙළියක් දකින්න ලැබේවි..!! ඊට පස්සේ අලුත් අලියෙක් බිහිවේවි..!!!
ඔය පක්ෂය ගොඩගන්න නම්, පාක්ෂිකයාගේ ඡන්දයෙන් නායකයා තෝරන ක්‍රමයකට යන්න ඕනේ..