IMG-LOGO

එජාපයේ ජනපති අපේක්ෂකයා අගමැති බව ජොන් කියයි

(නිමල කොඩිතුවක්කු)
 
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය  ජෝන් අමරතුංග මහතා කොළඹදී පැවැසීය.

වෙනත් පක්ෂ වලින් අපේක්ෂකයන් වැඩි වන තරමට එක්සත් ජාතික පක්ෂයට වාසිදායක බවත් සඳහන් කළ අමරතුංග මහතා කිසිදු අභියෝගකින් තොරව ජනාධිපතිවරණය ජය ගැනීමේ අවස්ථාව තම පක්ෂය සතු බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ අද (14) පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය  ජෝන් අමරතුංග මහතා මෙසේ ද කීවේය.

 ‘‘නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ  අදහස් මතු වෙනවා.  කොයි විදියේ කෙටුම්පතක් ද  ඉදිරිපත් වී යුත්තේ කියලා දේශපාලන පක්ෂ අධ්‍යයනය කරලා යෝජනා කරලා තමයි තීරණය කරන්නේ.

පොලිස් බලතල ඉඩම් බලතල ගැන කථා වෙනවා. ඒ මොනවා කියලා තිබුණත් සියලූම දේශපාලන පක්ෂවල එකඟත්වයකින් තමයි තීරණය වන්නේ මොන විදියේ ව්‍යවස්ථාවක්ද ඉදිරිපත් විය යුත්තේ කියලා.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ යෝජනාත් ඉදිරියේදී ඉදිරිපත්  කිරීමට නියමිතය. කෘත්‍යාධිකාරී මන්ඩළය මේ ගැන තීරණයක් ගැනීමට නියමිතයි. අනිකුත්  දේශපාලන පක්ෂ සිය අදහස් ලබාදෙන අතරවාරයේදි මේ යෝජනාවල් අධ්‍යයනය කිරීමට අපේ පක්ෂයත් කණ්ඩායමක් පත් කරනවා. එහි නිර්දේශ අනුව  අනුව අපි කටයුතු කරනවා.

ඡායාරූප - චතුර එස් කොඩිකාර

 



අදහස් (0)

එජාපයේ ජනපති අපේක්ෂකයා අගමැති බව ජොන් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site