IMG-LOGO

එජනිසේ විශේෂ රැස්වීමක් හෙට පස්වරුවේ

නාලක සංජීව දහනායක

 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (7) පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාල අංක 1 දී පැවැත්වේ.

ජනතාව පීඩාවට පත්කරමින් රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙළට එරෙහිව පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මකවීම සහ විපක්‍ෂයේ අයිතිවාසිකම් දිනාගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විශේෂ සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගී වන ලෙසට විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලය මඟින් විපක්‍ෂයේ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දන්වා තිබේ.

නව වසර සඳහා පළමු පාර්ලිමේන්තු සැසිය අනිද්දා (8) වැනිදා ආරම්භ වීමට නියමිතය.     



අදහස් (3)

එජනිසේ විශේෂ රැස්වීමක් හෙට පස්වරුවේ

sirimal Sunday, 06 January 2019 11:54 AM

ඔය රැස්වීමට ඉල්ලුම් පත්තර දීලා උජාරුවට රූපවාහිනියේ කයිය ගැහුවට වැඩේ ගැස්සෙන්න එනකොට "අපොයි අපි නම් සාමාජිකත්වයක් ගත්තේ නැතැයි" කියන කණ්ඩායමත් සහභාගි වෙනවාද?

:       0       52

baratha Sunday, 06 January 2019 02:58 PM

රජයේ ප්‍රධානියා මෛත්‍රිපාල නේද? ඇමතිකම් දෙකක් දරනවා. ඉතිං කෙහොමද රජය ජනතාව පීඩාවට පත් කරමින් කරන වැඩවලට පළමුව වගකිව යුත්තේ සිරිසේන ජනාධිපති නේද?

:       0       1

athura Monday, 07 January 2019 03:40 AM

"ජනතාව පීඩාවට පත්කරමින් රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙළට එරෙහිව''මොකක්ද ඔය වැඩ පිලිවල. මෙයාලට කියලද පටන්ගන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site