IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


“එගොඩහයන්නෝ මොගොඩහ යන්නනෝ තව කවුරුද එන්නේ”

70 දශකයේ ගුවන් විදුලියේ ප්‍රබුද්ධ ගීත අතරේ නැසීගිය සංගිතඥයකුවූ ෂෙල්ටන් පෙරේරා ගයන ජනප්‍රිය ගීතයක් නිතර අසන්නට ලැබුණි. එම ගීතයේ පද වැල් වූයේ “එගොඩහයන්නෝ මොගොඩහ යන්නනෝ තව කවුරුද එන්නේ” යන ගීතයයි. මේ ගීතය අපේ සංසාරගමනට හොඳම පෙරවදනක්. අපේ ජීවිතය නිතර එගොඩහ මෙගොඩහ යන ස්වභාවයක් ගන්නා බව බුදු දහමේ නිර්මල සත්‍යයයි. එයට තවත් ඌනපූර්ණයක් එක් කරමින් පසුගිය 29 වැනිදා අප අතරින් අප සමග උරෙන් උර ගැටී එකටම ජීවත්වූ අපේ සහෘදයෙක් අප අතරින් වියෝවිය.

ඔහු අඹේපුස්ස ලියනගේ කුලරත්න පෙරේරා හෙවත් ඒ.එල්.කේ. පෙරේරාය. අපි ඔහු හැදින්වූයේ ඒ.එල්.කේ. යනුවෙනි. පෙරේරා මහතා මුලින්ම දැන හැඳින ගත්තේ 90 දශකයේ දිනපතා ලංකාදීපයේදීය. අපි එකල සේවය කළේ දෙමහල් පැරැණි ගොඩනැගිල්ලකය. එම ගොඩනැගිල්ල තුල ඒ.එල්.කේ. පෙරේරා මහතා මට හමුවුයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ වරයකු ලෙසය. බොහෝ දිනවල කල් ඇතිව මා ළඟට විත් ගමගේ හෙට හොඳ කතාවක් හොයාගෙන තියා ගන්න ලීඩ් කරන්න. ඒ ඔහුගේ පුරුද්දය. මමත් ඔහුට අවනතවී කෙසේ හෝ හොද කථා දෙක තුනක් සොයාගෙන ඉන් එක් කතාවක් ඔහුට විස්තර කළ විට ඒකමරු ටක් ගාලා ලියල ගන්න යයි කියමින් ඔහු මා ළඟට විත් ලියන ලියන පිටුව ගෙන වැරැදි සකස් කර සැකැස්ම අමුතුවෙන් ලියා ප්‍රධාන පුවත ලෙස සකස්කර ගනියි. එසේ වැඩ අවසන් කර මා ළඟට විත් නියමයි කියා සිනහවක් දමා අද මඩ මොකුත් නැද්ද? යි අසන්නේ සැහැල්ලුවෙනි. බොහෝ විට අපි මඩ හදන්නේ ඇබාටය. එවැනි මඩ ඔහුට කියන විට ඔහුට ඉවසාගත නොහැකි සිනහවක් ඇතිවෙන අයුරු මට දැනුත් මැවී පෙනෙයි.

ඒ.එල්.කේ. පෙරේරා මහතා යනු අපි වචනයේ පරිසමාප්ථර්ථයෙන්ම අතිශය සරල සුන්දර මිනිසෙක් විය. මා ඉහතින් දැක්වූයේ ඔහුගේ රාජකාරි ජිවිතයේ ඔහු ප්‍රවෘත්තිවලට පෙම් බැඳි ආකාරයයි. ඔහු නිරහංකාර අනුන්ට හිංසා නොකළ තමන්ගේ දිවි පැවැත්ම හොඳින් ගෙනගිය පුද්ගලයෙක් විය. කෙනකුගේ දුකේදිත් දුකටපත් පුද්ගලයාට ඔහු කිට්ටුවී ඔහුට උත්තේජනයක් වන්නට වෙර දැරූ පුද්ගලයෙකි. ඔහු දිනපතා ලංකාදීපයේ සිට ඉරිදා ලංකාදීපයට මාරුවී ගිය පසු ඒ.එල්.කේ. පෙරේරා මහතා ඉන්පසු අප සොයා අවේ ප්‍රහස්පතින්දා දිනවලය. ඒ ඉරිදා ලංකාදීපයට අවශ්‍ය ප්‍රවෘත්ති සකස්කර ගැනීමටය. අපි පුළුවන් අයුරින් ඒ සඳහා අවශ්‍ය ප්‍රවෘත්ති සපයා දුන්නෙමු. ඔහු ඊට ස්තුතිය පළ කිරීම නොවලහා සිදු කරන්නේ ඔහුගේ රාජකාරියටත් එහා යමිනි.

ඔහු නිතරම විනෝදයට පුදුමාකාර ඇල්මක් දැක්වූ පුද්ගලයෙක් විය. විවේකයක් ලැබුණු විට අප හා සමීපවී යෙදෙන අල්ලාප සල්ලාපයන් වලින් අපමණ සතුටක් විඳින පුද්ගලයකු ඇත්නම් ඒ ඒ.එල්.කේය. ඔහු තරම් ඒවායින් ප්‍රිතිවූ තවත් පුද්ගලයෙකු නැති තරම්ය.

ඔහු පසු කාලයේදී හදිසියේ රෝගාතුරවිය. එසේ රෝගාතුර නොවන්නට ඔහු අදටත් ජීවතුන් අතර යයි මට සිතේ. එත් මිනිසුන්ට වැළඳෙන රෝගාබාධ මිනිසුන්ගේ ජීවිතය කෙටි කරවන සුළුය. ඒ.එල්.කේ. ගොදුරු වූයේත් එවැන්නකටය. ඒ අපේ ජීවිතවල ස්වභාවයයි.

මෙලොවට ආවොත් මොලොවින් නික්ම යා යුතුමය. මේක සොබාදහමයි. සොබාදහමට අපි අනිවාර්යෙන්ම අවනත විය යුතුය. ඒ.එල්.කේ. පෙරේරා පුවත්පත් කලා ජීවිතයේ බෙහෙවින්ම හොඳ බීජයක් වපුරා හොඳ අස්වැන්නක් නෙළා ගත් මාධ්‍යවේදියෙක් විය. හොඳ මාධ්‍යවේදියෙක් යනු කලාන්තරයක් මතකයේ රැඳෙන පුද්ගලයකු විය යුතු වෙයි. ඒ.එල්.කේ. එවැනි පුද්ගලයෙක් විය. ඔහු බොහෝ කාලයකට අප අතරින් අමතක නොවේ. ඒ.එල්.කේ. පෙරේරා මහතාණෙනි.

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය



අදහස් (0)

“එගොඩහයන්නෝ මොගොඩහ යන්නනෝ තව කවුරුද එන්නේ”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site