(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 14කට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව, කපිතාන්වරයාගෙන් පැය 14ක්, ප‍්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 13ක් සහ නියෝජ්‍ය ප‍්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 12ක් වශයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි
මෙම ප‍්‍රකාශවල උදෘත නිතිපතිවරයා වෙත යොමු කර ඉදිරි නෛතික උපදෙස් ලබා ගැනීමට නියමිතව ඇති බවත්, මෙම ගිනි ගැනීමට අදාළ විශේෂඥ මතයන් ද ලබා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටින බවත් හෙතෙම පැවසීය.

COMMENTS
ඒක පුච්චන් කාපන් කොල්ලෝ...
ඒ අය නාවික ක්ෂේත්‍රයේ ලබපු අත්දැකීම් සියල්ලම කියන්න ඇති... දින ගණනක් බලන් හිටියා.. ගින්න නිවුනේ නැහැ කියලා කියන්න ඇති. ඒ මිනිස්සු නෙවෙයි සී.අයි.ඩී. එකට කැඳවන්න ඕනේ. නැවත ඇතුල් වෙන්න අවසර දුන්නු අය... ඒ වගේම ගින්න නිවාගන්න බැරි වූ අය ඒ සඳහා තමන්ට බැරිනම් වැඩිදුර උපදෙස් නොපැතූ අය විදේශයකින් හෝ ගිනි නිවීමේ ආධාරක නොගෙනාපු අය මෙතන හිතාමතා නොකර හැරීම් වගේම වගකීම් පැහැර හැරීම්වලට ආයතන ගණනාවක් සම්බන්ධයි. මේ සඳහා වගකිව යුතු සියලු දෙනා තනතුරු වලින් පහකළ යුතුයි.