IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘එක්ස්ප්‍රස් පර්ල්’වලින් සිදු වූ හානියට මිලියන 420 ක් ධීවරයින්ට දුන්නා ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි හානිය සඳහා ලැබුණු වන්දි මුදලින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවරයන් 14400කට වැඩි පිරිසකට සෘජුවම ලබාදී ඇතැයි බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය  කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානියට දැනට වන්දි දී ඇත්තේ දින පහක කොටසකට පමණයි.අපට ලැබුණු වෙනත් වන්දි වලින් වැඩි කොටසක් ධීවරයන්ට දෙන ලෙස ජනපති උපදෙස් දී තිබෙනවා .ඒ අනුව ලැබුණු රුපියල් මිලියන 720 ක මුදලකින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවර ජනතාව සඳහා මූලික වන්දියක් ලෙස ගෙවා තිබෙනවා.

එම මුදලින් ගම්පහ කොළඹ කළුතර තහනම් කලාප කොටසේ 14400කට වැඩි ජනතාවකට සෘජුවම ඔවුන්ගේ ගිණුම් වලට වන්දි මුදල් බැර කර තිබෙනවා. ඉතිරි වන්දිය අපට ලැබෙන පරිදි  තැන්පත් කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා(සජබ) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (6)

‘එක්ස්ප්‍රස් පර්ල්’වලින් සිදු වූ හානියට මිලියන 420 ක් ධීවරයින්ට දුන්නා ‘

sharm warn Monday, 08 November 2021 12:39 PM

ඉතිරි මිලියන 300 පිල්ලි ගහයි දෝ කියලා අපිට තියෙන ප්‍රශ්නය

:       2       8

පියල් Monday, 08 November 2021 01:08 PM

වන්දි ගෙවූ පුද්ගලයන්ගෙ නම් ලයිස්තුව අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රසිද්ද කරන්න බැරිද දන්නෙ නැහැ. ධීවරයොන්ට දුන්නා කියලා දේශපාලන හිතවතුන්ගෙ එකවුන්ට් වලට දාලද දන්නෙ නැහැනෙ. එහෙම කට්ටිය මේගොල්ලො.

:       0       14

MalikaMonday, 08 November 2021 02:59 PM

ඉතා හොඳ අදහසකි. මොකද දන්නා තරමට කාටවත් ලැබී නැත...

:       0       2

ජන හඩMonday, 08 November 2021 05:42 PM

වන්දි ලැබුනේ නැතිනම් ප්‍රශ්න කිරීම බුද්ධිමත් ජනතාව කල යුතුයි. පසුගිය වකවානුවෙ පක්ෂ විපක්ෂ ඇමතිගොල්ලන්ට එල්ලවූ චෝදනා දෙස බලන කළ මේ අපි බලන්නේ ‘අලි බබා සහ හොරු හතලිහ’ නාට්‍යයද කියල හිතෙනවා. මේ ගොල්ලන්ට ලැජ්ජා නැතිවුනත් මුළු රටම මේ අය ගැන ලැජ්ජා වෙනවා. එක් අතකට නිදා සිටින පුරවැසියන් ඉන්න රටකට විය නොහැක්කක් නොමැතියි නේද?

:       0       0

Lalith M Monday, 08 November 2021 03:13 PM

ඩොලර් මිලියන දෙකක්... කළ හානිය එපමණද? අපේ ඇමැතිවරුන්ගේ ජාත්‍යන්තර කටයුතුවල නොහැකියාව නිසා අහිමිවන වන්දි... කොහේ හරි බේරුම් කරන ආයතනයක් ඕකෙන් අඩුම තරමින් ඩොලර් බිලියනයක්වත් නැව් සමාගමට ගෙවලා ඇති...

:       0       2

ගමේ එකාලා Monday, 08 November 2021 05:39 PM

වන්දි ලැබිච්චි බව කෙසෙ වෙතත් සුනාමි ආදාර වගේ ගිණුම් වලට බැර උනාද කවුද දන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site