IMG-LOGO

එක්නැළිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 7දෙනාට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)
 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 7 දෙනාට එරෙහි අධිචෝදනා පත් බාරදුන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඔවුන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළහ.
 
වසර නවයක කාලයකට පෙර සිදුවු මෙම අපරාධය සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇති අතර අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශගතවීම තහනම් කළ විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදීමටද නියම කළහ.
 
මෙම නඩුව විභාග කරන සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එලෙස නියම කළේය.
 
අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කනිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, ඩී.ජී. තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරීන්ය.

2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
 
මෙම අපරාධයන් සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත. මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 17 ක් යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
 
විත්තිකරුවන් විසින් සිදුකළ වරදවල බරපතල තත්වය, එම වරදවල් සම්බන්ධයෙන් ඇති අවස්ථානුගත කරුණු මෙන්ම එම සිද්ධීන් හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දෝලනාත්මක තත්වය හේතූවෙන් මෙවැනි සංකීර්ණ, තාක්‍ෂණික නඩුවක් ඇති කරුණු මෙන්ම එම කරුණු වල ඇති ගුණාත්මකභාවය කඩිනමින් අවබෝධ කරගත හැකි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය බව පෙන්වා දෙමින් නීතීපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පත් කරන ලදී.
 
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් කරන ලද නියෝගයකට අනුව නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. ඒ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර හා ඊට අදාළ ඇමණුම් හා ගොනු විත්තිකරුවන්ට වෙන වෙනම අධිකරණය විසින් බාරදෙන ලදී.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරුන් වන අනුජ ප්‍රේමරත්න, අනුර මැද්දේගොඩ යන මහත්වරු ඇතුළු නීතීඥ කණ්ඩායම කරුණු දක්වමින් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්‍ෂ 15 බැගින් මුදල් හා රුපියල් ලක්‍ෂ 30 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනා බැගින් වන ශරීර ඇප මත, තම සේවාදායකයින් මුදා හළ බව දැනුම් දුන්හ. එහෙයින් තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
 
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම විත්තිකරුවන්ට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කළ පසු ඔවුන් කිසිදු ඇප කොන්දේසියක් කඩ කොට නොමැති හෙයින් විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැතැයි පැවසීය.
 
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් කොන්දේසි සහිතව විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන දෙසැම්බර් 10 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න, අනුර මැද්දේගොඩ යන මහත්වරු ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.



අදහස් (4)

එක්නැළිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 7දෙනාට ඇප

FAIROOS Wednesday, 27 November 2019 11:47 AM

තවත් ඡන්ද ප්‍රතිඵලයක්..

:       0       0

sirimal Wednesday, 27 November 2019 12:28 PM

අර බෙල්ල හිර කරලා ඉන්න 704 දෙනා වගේද මේ ගොල්ලෝ. පෙරාපු රත්තරන් වගේ රණ විරුවන්නේ ඉතින්... ඇප දෙනවා කියලා නෙවේ, නිදහස් කරනවාමයි කියලනේ ඡන්දෙදී පොරොන්දු වුනේ...

:       1       156

sandy123 Wednesday, 27 November 2019 01:36 PM

හරි වැරැද්ද කෙසේ වෙතත් සන්ධ්‍යා එක්නැළිගොඩ දැන් අැතුළටද?

:       0       0

sandy123 Wednesday, 27 November 2019 05:33 PM

හරි වැරැද්ද කෙසේ වෙතත්, සන්ධ්‍යා එක්නැළිගොඩ දැන් අැතුළටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site