(රන්ජන් කස්තුරි)
යාපනය විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය සඳහා නිසි බලධරයින් පත්කර තිබේ.
ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය කදිර්කොමනාදන් කන්දසාමී, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස විශ්‍රාමික මේජර් ජනාරාල් හේරත් මුදියන්සේලාගේ උදය බණ්ඩාර හේරත් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත කුමාර් තිරුණාවුකරසු යන මහත්වරුන් නිසි බලධාරීන් ලෙස පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලවලට විශ්‍රාමික හමුදා නිලධාරීන්? උගත් අය සමාජයේ වැඩිවෙන තරමට දේශපාලකයන් ගොනාට ඇන්දවීමේ කාර්යය අමාරුයිනේ... මැට්ටන් ටිකක් සමාජයේ ඉන්නකම් දේශපාලකයන්ට රජ මගුල්. අර රජගෙදර කවටයා ගෙනාවේ ඔක්කොම විශ්වවිද්‍යාල සිසුන්ට හමුදා පුහුණුව..
විනයක් ඇති මිනිසුන් බිහි කිරීමට ගත් ඉතාමත් හොඳ පියවරක්.
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයට හමුදාවේ විශ්‍රාමිකයෙක් පත්කිරීමෙන් ආයුර්වේදයට තිබෙන සැලකිල්ල පේනවා. මෙයට සුදුසු ආයුර්වේද වෛද්‍ය තුමෙකු හෝ තුමියක ඇත්තෙම නැද්ද?