IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උපාධිධාරීන් 45,585 කට පත්වීම් ලිපි යවයි

( +++ සුජිත් හේවාජූලිගේ)

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් 45,585 කට රජයේ රැකියා පත්වීම් ලිපි තැපෑලෙන් යැවීම ඊයේ (02) ආරම්භ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

උපාධිධාරීන් 45,585 කට පිරිනමා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් තවත් මැතිවරණ පොරොන්දුවත් ඉටු කරමිනි.

පත්වීම් ලබන උපාධිධාරීන් පත්වීම් ලිපි ලැබී දින තුනක් ඇතුළත තමා අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කළ යුතුයි.

පත්වීම් ලිපිය ලැබීමෙන් පසුව දින හතකදී පුහුණුව සඳහා වාර්තා කළ යුතු වන අතර පුහුණුව සඳහා වාර්තා නොකළහොත් පත්වීම් අවලංගු වන බව සඳහන් කරන ජනාධිපති කාර්යාලය පුහුණුවෙන් පසුව සියලුදෙනා  විශ්‍රාම වැටුප ද සහිතව රජයේ ස්තීර සේවයේ පිහිටුවන බව  ද ප්‍රකාශ කරයි.

සියලු පත්වීම් දිස්ත්‍රික් පදනමින් සිදු කෙරෙන අතර සෑම අයෙකුම පත්වීම් ලබන දිස්ත්‍රික්කයේ වසර පහක් සේවය කිරීම අනිවාර්යය වෙයි.

පුහුණු කාලය වසරකි. ඒ පුහුණු කාලයේදී රුපියල් 20,000 ක දීමනාවක් හිමිවන බව ජනාධිපති කාර්යාලය  පවසයි.

රජය මේ රැකියා පිරිනමා ඇත්තේ විශ්වවිද්‍යාල කොමිසන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019 දෙසැම්බර්  31 වැනිදාට පෙර සම්පූර්ණ කර තිබූ උපාධිධාරීන් පිරිසකටය.

උපාධිධාරී රැකියා සඳහා ඉල්ලුම්පත් 70,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණි. මේවායින් ඉල්ලුම්පත් 56,000 ක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හා තවත් ආයතන කිහිපයක පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරුණු අතර නියමිත නිර්ණායක සම්පූර්ණ කළ අයදුම්පත් 45,585 ක් පත්වීම් පිරිනැමීමට නියමිතය.



අදහස් (16)

උපාධිධාරීන් 45,585 කට පත්වීම් ලිපි යවයි

senarath Tuesday, 03 March 2020 06:47 AM

හොඳයි...........

:       32       109

චම්පිකා විජේසුන්දර Tuesday, 03 March 2020 07:12 AM

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්තාවක මේ පත්වීම් ලබා දීම නීති විරෝධී වේ.

:       150       62

rosTuesday, 03 March 2020 10:22 AM

තාම ප්‍රකාශයට පත්කරලා නැහැ. ගැසට් කරන්න ඕන. ගිය පාර ජනාධිපති ඡන්දෙදි යහපාලන ආණ්ඩුව ඡන්දය ගැසට් කරාට පස්සේ පත්වීම් දීපු නිසයි ඒ පත්වීම් අවලංගු වුනේ.

:       1       0

ArisTuesday, 03 March 2020 10:24 AM

පත්වීම් ලිපි නිකුත් කරල තියෙන්නේ ආණ්ඩුව විසුරුවන්න කලින් නිසා නීති විරෝධී වෙන්නේ නැහැ. අපි මේ ගැන සන්තෝෂ වෙමු.

:       1       0

athuraWednesday, 04 March 2020 04:11 AM

මැතිවරණ කොමසමේ සභාපති ඊයේ කිව්වා මේ රැකියා දෙන්න පුළුවන් තව මාස දෙකකට පස්සෙ කියලා. අපේ රටේ අය ඉන්නකන් දේශ පාලුවන්ට රජ මගුල්.

:       0       1

Buddika Tuesday, 03 March 2020 07:22 AM

ඡන්දයකට දින දීලා තියෙද්දි මේක අල්ලසක් නොවෙන්නේ කොහොමද? ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිසිම පසුතැවීමක් විවෘත කිරිමක් කරන්නේ දුන්නේ නෑ නීති උල්ලංඝනය කිරීමක් කියලා. කෝ දැන් මේ මැතිවරණ නීතිය ?

:       1       2

ඊ.සී.යු.එරත්න Tuesday, 03 March 2020 07:24 AM

ඉතාම හොඳ වැඩකි ,මැතිවරණය වැනි කාරණා නිසා මෙම පුහුණුව අත් නොහැරිය යුතුය

:       1       0

lalithm Tuesday, 03 March 2020 07:30 AM

20,000 ක් වත් දෙන රස්සාවක් හොයාගන්න බැරි උපාධිධාරීන් ඉන්න ලෝකේ එකම රට මේ ශ්‍රී ලංකාව වෙන්න ඇති. මීට වැඩ හොඳ පඩියක් සනීපාරක්ෂක කම්කරුවෙකුත් ගන්නවා. මොනවද මොවුන් ඉගෙන ගෙන තියෙන්නේ අවුරුදු 24-25 වෙනකම්ම. දුක හිතෙන කතාවක්. ඵලක් නැති විෂයයන් දැන්වත් විෂය මාලාවෙන් ඉවත් කරන්න.

:       1       36

ISURU Tuesday, 03 March 2020 07:35 AM

රැකියා ලබාදීම ඉතා හොදයි නමුත් මේ මොහොතේම වීම මේක ඡන්ද අල්ලසක් විය හැකියි.

:       15       8

සුගතන් Tuesday, 03 March 2020 07:55 AM

මේ සඳහා අයදුම්පත් කැදවූවේ ගැසට් මගින් නොවේ නේද ?

:       1       2

Pathum Tuesday, 03 March 2020 08:19 AM

ඡන්දෙන් පස්සේ ඕවා අවලංගුයි.

:       0       3

dare Tuesday, 03 March 2020 09:18 AM

හැමෝම රජයේ රැකියා ලැබෙනකන් බලන් ඉන්න එක හේතුවක් තමා විශ්‍රාම වැටුප. එක අයින් කරලා දාන්න ඕනි. ගොඩක් ගම්වල අය තමා තාම මේ රජයේ රැකියාම බලාපොරොත්තු වෙන්නේ.

:       3       4

Hafeel Tuesday, 03 March 2020 10:21 AM

ඇයි වසරක පුහුණු කාලය? මේක ඔවුන්ව මුලාකරන එකද? කොහොම හරි අවුරුද්දෙන් පසු ඔවුන්ව පාරට බහින්න තියන්න එපා.

:       0       1

Jehaan Tuesday, 03 March 2020 10:30 AM

දැන් ඔය සමහර රාජ්‍ය අංශ වල කාර්යක්ෂමතාව කියලා දෙයක් නැති බව දැනගෙනද මේ පත්වීම් දෙන්නේ. පුද්ගලික අංශයේ මිනිස්සුන්ගේ බදු මුදලින් රජයේ සේවක අතිරික්තයක් සියලු පහසුකම් යටතේ නඩත්තු කරනවා. මෙහෙම බලනකොට , එක ලිපි ගොනුවක් තියෙන්නේ කොතනද සොයන්න එක්කෙනයි, එතන හරියටම මේ වෙලාවේ තිබේද බලන්න තව එක්කෙනයි, ඒක රාක්කයෙන් ගන්න එක්කෙනයි , උස්සාගෙන එන්න තව එක්කෙනයි , මේසේ උඩින් තියන්න තව එක්කෙනයි අත්‍යවශයි නේද .

:       0       7

Bamunuarachchi Wednesday, 04 March 2020 01:35 PM

ඇමතිගේ ලියුම් නැහැ පත්වීම් දීමේ සංදර්ශන නැහැ සුදුසු කම් තිබෙනවානම් ලැබුනා. රට 1950 ගණන්වලට ගියා. බොහොම අගෙයි.

:       0       0

H.m hrsha symali Monday, 17 August 2020 10:31 AM

මා උපාධිධාරිනියක් මගේ නම.?

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site