(මනෝජ් හර්ෂික)
රජයේ පත්වීම් ලබා දීමේ වැඩ සටහන යටතේ සරසවි උපාධිධාරීන් 16,800 සඳහා පත්වීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව පළමු අදියර යටතේ උපාධිධාරීන් 3,800ක් සඳහා පත්වීම් ලබා දීම අරලියගහ මන්දිරයේ දී හෙට (30) අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරේ.
මෙහිදී කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් සියලු උපාධිධාරීන්ටද, කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් 200 දෙනකුටද සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි සෙසු දිස්ත්‍රික්ක 22 න් එක් දිස්ත්‍රික්කයෙන් 40 දෙනකු බැගින් උපාධිධාරීන් 880 දෙනකුට සහ බාහිර උපාධිධාරීන් 880 කට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.
සෙසු තෝරාගත් සියලුම උපාධිධාරීන් ජූලි 31 සහ අගෝස්තු 01 සහ 02 දිනයන්හි අදාළ සියලු පත්වීම් ලබා දෙන ලෙස හා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය මගින් මෙම පත්වීම් ලබා දීම සිදුකෙරේ.
COMMENTS
උපාධිධාරීන්ට රැකියා ලබාදීම හොඳයි.. හැබැයි එයින් රටටත් වැඩක් සිදුකරන්න වගකීමක් සහිත වැඩපිළිවෙළක් තිබියයුතුයි. දැනට ග්‍රාමීය මට්ටමේ උපාධිධාරී තනතුරක් තියනවා... ඊට පහළ අධ්‍යාපන මට්ටමේ නිලධාරීන් 3 කුත් ඉන්නවා... ඉහත කී උපාධිධාරීන්ට ඉහළ වැටුපක් ගෙවනවා. අනෙක් අයට වඩා... ඒත් ඵලදායිකත්වය ගත්තම අනෙක් තිදෙනෙකු කරන වැඩවලින්ම තමයි.. සමහරවිට උපාධිධාරීන් යැපෙන්නේ.. ඉහතකී නිලධාරීන්ගෙන්ම ඉටුකර ගතහැකි වැඩප්‍රමාණයක කොටසක් තමයි... එම අයට දීලා තියෙන්නේ... රාජ්‍ය ආයතනවලට පත්කර ඇති අයත් ලිපිකරු වැඩේ තමයි කරන්නේ...
හොඳයි...!!!
සාධාරණ දෙයක් වෙනවාද? මෙහේ...
මොනවා වුණත් මේවා ඉතා හොඳ රට ඉදිරියට ගමන් කළහැකි වැඩපිළිවෙලක් සතුටුයි...