IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


‘උන්මන්තකයන්ට දිනුම දෙන්න එපා’

 (ජේ. කේ. එල්. චාමින්ද සහ සුමතිපාල දියගහගේ)


පාස්කු ඉරිදා(21) සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් පසු ශ්‍රී ලංකාවේ සිටි විදේශීය සංචාරකයන් නැවත සිය රටවල් කරා පිටත්වූ බවත්, සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඉන් සිදුව ඇති බවත් ඉකුත් දිනවලදී වාර්තා විය. එහෙත් ලංකාවේ රැඳී සිටින ඇතැම් විදේශිකයෝ මෙරට  ආරක්ෂාව පිළිබඳ ඉතා සුභවාදී අදහස් දරති. 

ඇතැම් සංචාරක  පිරිස් ගමන් බිමන්වලින් වැළකී ලැගුම්ගෙන සිටි හෝටල්වලට වී  සිටියහ. ඇතැම් විදේශිකයන් සැහැල්ලුවෙන් දකුණු වෙරළ තීරය සහ මග දෙපස ගමන් කරනු දැකගත හැකිවිය.

මෙවැනි ත්‍රස්තප්‍රහාර ලංකාවේ පමණක් නොව  ලෝකයේ වෙනත් රටවලත් සිදුවන බව  සඳහන් කළ ඇතැම් සංචාරකයෝ යළිත් මෙරටට පැමිණෙන බව සඳහන් කළහ. කොග්ගල ලෝන්ග් බීච් හෝටලයේ  ලැගුම්ගෙන සිටි විදේශීය සංචාරකයෝ පිරිසක් ලංකාදීපය සමඟ මෙසේ පැවසූහ.

“මේ ත්‍රස්තප්‍රහාරය ඉතා සුළු, උමතු මිනිසුන් පිරිසකගේ වැඩක්. ඒ ගැන අපි කනගාටු වෙනවා. ලංකාව දිගු ඉතිහාසයක් තියෙන රටක්. උමතු මිනිසුන් පිරිසක් කරන වැඩ  නිසා  ලංකාවේ  මිනිසුන්ට දුක්විඳින්න වෙනවා. අපි කැමති නැහැ මේ උමතු මිනිසුන් දිනනවාට. සංචාරකයින් විදියට අපි යළි මෙරටට නොපැමිණියොත් මේ උමතු මිනිසුන්  ජයග්‍රහණය කරනවා.  මේ අයට ජාතියක්, ආගමක් නැහැ.  අපේ ආරක්ෂාව   තහවුරු කරලා තිබුණා. මොන ප්‍රශ්න තිබුණත් අපි නැවත වතාවක් අනිවාර්යෙන්ම ලංකාවට එනවා.

ප්‍රහාරයෙන් මෙරට සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇතිවී තිබෙනවා. මිනිසුන්ට ආදායම් මාර්ග නැතිවෙනවා.  නමුත් මේ රටට  අපි ගොඩක් ආදරෙයි. ලංකාව පාරාදීසයක්. අපි  පළමුවතාවට තමයි ලංකාවට ආවේ. මේ සිද්ධිය වන අවස්ථාවේ අපි  මහනුවර   දළදා මාළිගාවේ හිටියේ. ඒ අවස්ථාවේ පොඩි තිගැස්මක් ඇතිවුණා. ඇතැම් ගමන් බිමන් අවලංගු කළා” යැයි  වැන්ඩ්‍රා   (25)  සහ  ජේසන් බේල් (60) නමැති නෙදර්ලන්ත ජාතික මවක් හා දියණියක් පැවසූහ. 

ජර්මානු කාන්තාවක වන මරියානා අර්න්ට්  76 වන වරටත් මෙරටට පැමිණ තිබේ. ඇය මෙසේ කීවාය.
 
 “මම මුල්වතාවට 1980දීයි  ලංකාවට ආවේ. වසර 39ක් තුළ 76 වතාවක් ශ්‍රී ලංකාවට ඇවිත් තියෙනවා. කොග්ගල වෙරළ තීරයට මම බොහොම ප්‍රියයි. කොග්ගල ලෝන්ග් බීච් හෝටලය විවෘත කළ මුල් කාලයේදි තමයි ඒ හෝටලයට ආවේ. මේ වතාවේ ආවේ මගේ මුණුපුරා  සමග. යුද්ධය පැවති කාලයේත් අපි මෙරටට පැමිණියා.  ලංකාවට එල්ල කළ ප්‍රහාරය ගැන අපි කනගාටුවෙනවා. දකුණු වෙරළ තීරයේ නම් ආරක්ෂාව  තහවුරු වී තිබෙනවා. මගේ දෙවැනි නිවහන තමයි ලංකාව. ලංකාවේ මිනිසුන්ගේ හිනාව,  කාරුණික බව සහ ආගන්තුක සත්කාර නිසා  ලංකාව ගැන මගේ හදවත බැඳිලා තියෙන්නේ. ජර්මනියේත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ජර්මනිය  මේ රට ගැන අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා මුල්වතාවට  මෙරටට පැමිණෙන සංචාරකයින්  පැමිණේවි කියලා හිතන්න අපහසුයි. මම නම් නැවත අනිවාර්යෙන්ම ලංකාවට එනවා” යයිද මරියානා පැවසුවාය.
 
ජර්මානු ජාතික කාන්තාවක වන 78 හැවිරිදි රෝස්මරි නමැති කාන්තාව මෙරට සංචාරය සඳහා පැමිණියේ 25 වැනි වරට බව පැවසුවාය.

“76 තමයි මුල් වරට මම ලංකාවට ආවේ. සමහර වසරවලට දෙවතාවක් මෙරටට  ඇවිත් තියෙනවා. වෙනත් රටවලත්  අපි සංචාරය කරලා තියෙනවා. ලංකාව ඉතා ලස්සන රටක්. යුද්ධය පැවති කාලයේත් මා මෙරටට ආවා. අපේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ කටයුතුකළා. ඒ නිසා ලංකාවට එන්න බිය වෙන්න එපා කියලා මම සහෝදර සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ඇය පැවසුවාය.

ජර්මානු ජාතික පෙම්වතුන් යුවළක වන 39 හැවිරිදි ඩේවිඩ් සහ 31 හැවිරිදි සනී මෙසේ පැවසූහ.

 “ලංකාව සංචාරය කරන්න ඉතා හොඳ රටක්. දින දහයකට තමයි අපි මෙරටට අවේ. බොම්බ ප්‍රහාරය නිසා අපි මාලදිවයිනට යන්න හිටියේ. නමුත් අපේ අල්ලපු කාමරයේ සිටි රෝස්මරි අපට කිව්වා බයවෙන්න එපා, ආරක්ෂක අංශ අපේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා, ඒ නිසා දින 10ම ගත කරලා යන්න කියලා. ඉන්පස්සේ අපේ බය නැතිවුණා. ලංකාවේ විතරක් නෙවෙයි ත්‍රස්තවාදී ප්‍රශ්න ලෝකයේ හැම තැනම තියෙනවා. ”

කොග්ගල වෙරළ තීරයේ වැලි මත  ශ්‍රී ලංකාවක්  නිර්මාණය කර එහි සාමය යන වචනය ඉංග්‍රීසියෙන් සටහන් කළ මෙම පෙම්වතුන් යුවළ ශ්‍රී ලංකාවට සාමය උදාවේවා යි ප්‍රාර්ථනා කළහ.

කොග්ගල ලොන් බීච් හෝටලයේ  සාමාන්‍යධිකාරි පත්මසිරි ලියනගේ මහතා ලංකාදීපයට මෙසේ කීවේය.

“අපේ හෝටලයේ කාමර වෙන්කරවාගෙන සිටි විදේශීය සංචාරකයින් බොහොමයක් දෙනා ඒවා අවලංගු කරගෙන තියෙනවා. අපි හිතපු නැති විදියට ඔවුන් කලින් වෙන්කරගත් කාමර සහ සෙසු සැලසුම්  අවලංගු වුණා. ජර්මනිය, නෙදර්ලන්තය  වැනි රටවලින්  කණ්ඩායම්  වශයෙනුයි කාමර වෙන්කරවාගෙන තිබුණේ.  නමුත් සංචාරක නියෝජිතායතන මගින් ඒවා අවලංගු කරවාගත්තා.   බොහෝ රටවල්   ලංකාව ගැන අනතුරු ඇඟවීම් නිකුත් කළා. නමුත් දකුණු වෙරළ තීරයේ ගැටළුවක් නැහැ. හොඳ  ආරක්ෂාවක් තියෙනවා. රටේ ම  ආරක්ෂාව තහවුරු කළ යුතුයි. හිතපු නැති දෙයක් සිද්ධවුණේ. මෙය සංචාරක කර්මාන්තයට බලවත් ප්‍රහාරයක්.”

(වැන්ඩ්‍රා  සහ  ජේසන් බේල්)

(ඩේවිඩ් සහ සනී)



අදහස් (4)

‘උන්මන්තකයන්ට දිනුම දෙන්න එපා’

Anuradha Sunday, 28 April 2019 09:20 AM

අප රටටත්, අපටත් ආදරය කරන ගරු කරන ඔබට අපගේ ආදරණීය සහ ගෞරවනීය ස්තුතිය

:       0       246

චමින්ද Sunday, 28 April 2019 09:22 AM

ලංකාවේ හිඟන දේශපාලකයන්ට වඩා කොච්චර හොඳ මිනිස්සුද?

:       1       449

Ranjan Sunday, 28 April 2019 10:09 AM

හොඳ මිනිස්සු...

:       0       117

sandy123 Sunday, 28 April 2019 01:14 PM

හදවත ලස්සන උතුම් මිනිසුන්..

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1240 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site