IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


‘‘උද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයි‘‘

(යොහාන් භාසුර)

පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (24) පැවසීය.

පඩි වැඩිකිරීම වැනි නීතිවිරෝධී ඉල්ලීම්වලට ඉදිරියට ඒමට ඉඩ නොතැබිය යුතු බව කී එස්. බී. දිසානායක මහතා කිසිවක් නොතකා එවැනි ඉල්ලීම් ඉදිරියට එනවා නම් වාහාම නැවැත්වීම ඉතාම යෝග්‍යය බව ද සඳහන් කළේය.

බි්‍රතාන්‍ය සහ ඇමරිකාව සේවකයන් මාරුවෙන් මාරුවට කැඳවීම් කරමින් සේවයට වාර්තා නොකරන සේවකයන්ට වැටුපෙන් සියයට 40 ක් පමණක් ගෙවුවද ශ්‍රී ලංකාවේ කවදාවත් වැටුප් අඩු නොකළ බවත් බි්‍රතාන්‍ය සහ ඇමරිකාව වැටුප් කප්පාදු කළ ද සේවකයන් උද්ඝෝෂණය නොකළ බවත් දිසානායක මහතා සඳහන් කළේය.

සමස්ත ලෝකයේම භාණ්ඩ මිල සහ ජීවයන වියදම ඉහළ යෑම පිළිබඳ ප්‍රශ්නය ලබන වසරේදීත් ඉතාම නරක ආකාරයට බලපාන බව තේරුම් ගෙන ප්‍රශ්නයට සාමූහිකව මුහුණ දියයුතු බවත් ඩොලර් අර්බුදයට 2002 වසරේ මැතිණිය ද, 2009 වසරේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද මුහුණ දීම නිසා එයට භිය නොවිය යුතු බවත් මන්ත්‍රීවරයා කීය.

ජාත්‍යන්තර බැංකු ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට දැමීම ජාත්‍යන්තර මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් වියහැකි බව කී මන්ත්‍රීවරයා පැවසුවේ වර්තමානයේ විදේශ ආයෝජන අත්‍යවශ්‍ය වීම නිසා ‘අදානි’ වැනි ව්‍යාපාර වරායේ බටහිර පර්යන්ථය බාරගැනීම වඩාත් හොඳ බවත්ය.

කාබනික පොහොර ව්‍යාපෘතියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ කෘෂි විශේෂඥායන්ගෙන් ලැබුණු සහාය පිළිබඳව විශාල ගැටලු ඇති බවත් එම ව්‍යාපෘතිය පිළිබඳ එළඹි තීරණ, ක්‍රියාමාර්ග, හැසිරුණු ආකාරය සහ වාදවිවාදවල විකෘතියක් තිබූ බවත් හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවේදී නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා එසේ පැවසීය.

 



අදහස් (25)

‘‘උද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයි‘‘

Narada Friday, 24 December 2021 10:39 PM

සුපිරිම ඇත්ත...ගොඩක් අය මේකට කැමති නෑ...පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පඩියත් අඩුකරන්න ඕන

:       2       27

Bandara Friday, 24 December 2021 11:01 PM

මට මේ මිනිහව පෙන්නන්න බැහැ.ඒත් කියන දේ ඇත්ත.ලංකාවේ මිනිස්සු බහුතරය කොහොමත් කල දුටු කල වල ඉහා ගන්නෝ වෙති

:       21       13

කරුණාවතී - මහනුවර Saturday, 25 December 2021 12:17 AM

මොලේ අමාරුකාරයන් දියවන්නාවට යැවුවහම ඔහොම කියවනවා .තමන්ට අසූචි කවන නායකයන් ආරක්ෂා කරන්න. රටේ මිනිස්සු ආයෙත් ඕවට රැවටෙන්නේ නැහැ. සුදුබන්ඩෝ , හඟුරන්කෙත පැත්තේ ආයෙත් ආවොත් තමුසෙගෙ කලිසම ගලවලා ඔලුවේ ඔතනවා.

:       6       44

kumaa Saturday, 25 December 2021 12:38 AM

මුගේ මිනී පෙට්ටියේ ගාන හදාගෙන මැරිලාම පලයන්

:       5       32

nihal Saturday, 25 December 2021 02:15 AM

ගෑස් ගොනා බයිලා කියන්න එපා ඕයි.හොරුන්ට කත අදින්නේ නැතිව ජනතාවගේ යහපතට වැඩ කරපන් .බැරිනම් පලයන් එලියට

:       3       45

Demuni Uduwara Saturday, 25 December 2021 04:18 AM

මුලින්ම ඔබ ජනතාවට වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න.

:       1       38

Sam Saturday, 25 December 2021 05:28 AM

මෙන්න මෙයාට ඇමති කමක් ඕන වෙලා කොමිස් කුට්ටියක් ගන්න

:       2       42

Sunil Saturday, 25 December 2021 06:46 AM

ඇත්ත තමයි.ඒ මුදලත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාධ වැඩි කිරීමට යොදවන්න

:       2       35

Dayan Saturday, 25 December 2021 08:14 AM

මේ ගොනා බැඳලා දාන්න ඕනේ.

:       2       33

මැක්ස් Saturday, 25 December 2021 08:43 AM

ඇත්ත. තම යුතුකම් ගැන වගේ වගක් නැතු වුවත් අයිතිවාසිකම් ගැන රැකියාවට එන පළමු දිනයේ සිටම කල්පනා කරන, ඉල්ලීම් කරන, ඒ අනුව මිස ආයතනයේ දියුණවට වැඩ නොකරන ආකල්ප සහිත පිරිසක් බවට රටේ වැඩි පිරිසක් පත් කිරීමට වගකිව යුත්තේ පැරැණි වාම දේශපාලන පක්ශයි. දැන් එය වඩාත් සාර්ථකව සිදු කරමින් යන්නේ ජවිපෙ හා පෙරෙට්ටන් වැනි පක්ශ ය. එස්. බී. මහතා වුවත් දැන් ඔය ඇත්ත කතා කළාට, දේශපාලන වශයෙන් බලපුලුවන්කාර කාලේ කටයුතු කළේ ජනතාවගේ ඉහත කී මෝඩ ආකල්පවලට උඩගෙඩි දෙන විලාසයෙනි. කෙසේ වුවත්, සරසවිවල දරදවු සිසුන්ට නම් එස්. බී මහතා ආමැති කාලේ තකට තක සේ සිටිමින් ඔවුන් මට්ටු කළා මතකයි.

:       6       17

ravin Saturday, 25 December 2021 08:53 AM

මොකෝ කැබිනට් සංශෝදනයෙදී රජගෙදර කේවට්ටයා ඇමතිකමක්වත් ගන්න බලාගෙනද බුරන්න පටන්ගත්තේ?

:       2       30

සිල්වා Saturday, 25 December 2021 09:05 AM

ගෑස් පෝලිම් නැති කිරීමට පිපිරීම් ඇති කලා. උද්ඝෝෂණ නැති කිරීමට නම් ඔබතුමන්ලා අස්වෙලා ගමරට ඛලා කටුනායකෙන් පිටත් වෙන්න.

:       1       27

Rohana Saturday, 25 December 2021 09:19 AM

ඔය මොන කතා කිව්වත් ඇමති කටුවක් නම් ලැබෙන එකක් නෑ.

:       2       22

Harsha Saturday, 25 December 2021 09:20 AM

ගෑනිගෙන් කාලා ඉන්න ගමන් දෙන ටෝක්ස්... පලයන් මල පෙරේතය යන්න.. මිනිස්සු උඹලව හොදින් අදුරනවා.... මිනිස්සුන්ගේ කටවල් වහන්න කලින් උබේ ලැට් කට වහගනින් වසලයා.... දේශපාලුවන් හොරකම් කල ධනය බෙදල දීල හිටපන් මුලින්ම..

:       2       28

ලමය Saturday, 25 December 2021 09:31 AM

රට කාපු ගොන් මොලෝ ,උඹලට වැඩි කලක් ඔය හැකර කට පාව්ච්චි කරල මිනිසුන්ට බනින්න ලැබෙන්නෙ නෑ

:       2       27

lakvidu Saturday, 25 December 2021 11:14 AM

සර් ගෙන් සැලකිල්ලක් ලැබෙයි මෙයාටත්

:       0       21

සුරලොව ඇල්මන්Saturday, 25 December 2021 12:54 PM

මූ මේ කරන්නෙ පෙරෙහැරේ කස පිපිරවීම. පෙරහැර එන්නෙ කියපුවා දෙන්න

:       2       16

ana Saturday, 25 December 2021 11:24 AM

ඇමෙරිකාවෙවත් ,එංගලන්තෙවත් දේශපාලකයෝ උඹලා වගේ හැසිරෙන්නේ නැහැ.

:       2       25

sujeewa Saturday, 25 December 2021 11:37 AM

අපි නම් ඕක කිව්වෙ ගුරු වර්ජනය කාලෙමයි. පවතින සෙෘඛ්‍ය හා ආර්ථික තත්වය හමුවේ මොන වෘතිතීය සමිති අයිතිවාසිකම්ද. ඒ්ත් සෘජු තීරණ නොගැනීමෙන් නරක පූර්වාදර්ශයක් සැපයුනා.

:       16       10

nihal Saturday, 25 December 2021 11:44 AM

මුළු යුරෝපයේ ආර්ථිකය කඩා වැටිලා

:       27       9

බණ්ඩා Saturday, 25 December 2021 11:46 AM

මේ ජනතා ද්‍රෝහියා කියන්නේ පට්ට පල් බොරුය. බ්‍රිතානයේ සහ ඇමෙරිකාවේ තබා ඉන්දියාවේ වත් දැන් එහෙම කරන්නේ නැත. මිනිසුන්ගේ පිළිකුලට භාජනය වූ මේ අමන හොර දෙටුවා මිනිසුන් කෙරෙහි ඉන්නේ දැඩි වෛරයකින්ය. මොවුන්ට නිසි පාඩම් ඉගැන්විය යුතුය.

:       4       35

Shan Saturday, 25 December 2021 01:59 PM

මෙයාගේ කට කොහේද තිබුණේ... කබ්‍රාල් පඩිය සහ විශ්‍රාම වැටුප් වැඩිකරනකොට? ඒ වගේම ජයසුන්දර විශ්‍රාම වැටුප් දෙක, තුන ගන්න ඒවා මේ අයට පේන්නේ නැද්ද?

:       0       2

අරුණ Saturday, 25 December 2021 07:15 PM

පිස්සු තමයි. වලිප්පුවට දෙන බෙහෙත් දෙන්නයි තියෙන්නේ...

:       0       1

jayath Saturday, 25 December 2021 09:18 PM

ඔයාලා වගේ ජනතාව එලවලා දමපු දේශපාලකයෙක් තමන්ගේ රැලේ නැතිවුණු තැන ලබාගන්න කරන උඩුබුරලෑම් අපි ගාණකටවත් ගන්නේ නැහැ. පුළුවන් නම් මර්දනය කරලා බලන්න, ඔය මර්දනය කරපු මෝඩ දේශපාලකයින්ට ඉතිහාසයේ වුණුදේ දන්නවා නොවැ.. අනික ඔයාට කරන්න පුළුවන් කැකිරි ගෙඩියක් නැහැ මේ ආණ්ඩුවේ...!

:       0       1

LGPJ Saturday, 25 December 2021 11:51 PM

තවත් සකලබුජං නාටකයක්...!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ USAID තහනමට අධිකරණය හරස් වෙයි
2025 පෙබරවාරි මස 09 119 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයන් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීම සඳහා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් විධායක නියෝගයට ඇමෙරිකන් අධි


සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා
2025 පෙබරවාරි මස 08 2414 0

මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලු‍ම වියදම් සහ ආදායම් ප


විදේශ සේවයේ පත් කිරීම් ගැන විදේශ සේවා සංගමය කනස්සල්ලෙන්
2025 පෙබරවාරි මස 08 1144 0

දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග


අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333
2025 පෙබරවාරි මස 08 1866 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ’’2025 අයවැය’’ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර


නිල සංචිත ඩොලර් මිලියන 57 කින් පහළ යයි
2025 පෙබරවාරි මස 08 2720 0

පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මි


මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 1338 2

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 850 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site