
(යොහාන් භාසුර)
පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (24) පැවසීය.
පඩි වැඩිකිරීම වැනි නීතිවිරෝධී ඉල්ලීම්වලට ඉදිරියට ඒමට ඉඩ නොතැබිය යුතු බව කී එස්. බී. දිසානායක මහතා කිසිවක් නොතකා එවැනි ඉල්ලීම් ඉදිරියට එනවා නම් වාහාම නැවැත්වීම ඉතාම යෝග්‍යය බව ද සඳහන් කළේය.
බි්‍රතාන්‍ය සහ ඇමරිකාව සේවකයන් මාරුවෙන් මාරුවට කැඳවීම් කරමින් සේවයට වාර්තා නොකරන සේවකයන්ට වැටුපෙන් සියයට 40 ක් පමණක් ගෙවුවද ශ්‍රී ලංකාවේ කවදාවත් වැටුප් අඩු නොකළ බවත් බි්‍රතාන්‍ය සහ ඇමරිකාව වැටුප් කප්පාදු කළ ද සේවකයන් උද්ඝෝෂණය නොකළ බවත් දිසානායක මහතා සඳහන් කළේය.
සමස්ත ලෝකයේම භාණ්ඩ මිල සහ ජීවයන වියදම ඉහළ යෑම පිළිබඳ ප්‍රශ්නය ලබන වසරේදීත් ඉතාම නරක ආකාරයට බලපාන බව තේරුම් ගෙන ප්‍රශ්නයට සාමූහිකව මුහුණ දියයුතු බවත් ඩොලර් අර්බුදයට 2002 වසරේ මැතිණිය ද, 2009 වසරේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද මුහුණ දීම නිසා එයට භිය නොවිය යුතු බවත් මන්ත්‍රීවරයා කීය.
ජාත්‍යන්තර බැංකු ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට දැමීම ජාත්‍යන්තර මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් වියහැකි බව කී මන්ත්‍රීවරයා පැවසුවේ වර්තමානයේ විදේශ ආයෝජන අත්‍යවශ්‍ය වීම නිසා ‘අදානි’ වැනි ව්‍යාපාර වරායේ බටහිර පර්යන්ථය බාරගැනීම වඩාත් හොඳ බවත්ය.
කාබනික පොහොර ව්‍යාපෘතියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ කෘෂි විශේෂඥායන්ගෙන් ලැබුණු සහාය පිළිබඳව විශාල ගැටලු ඇති බවත් එම ව්‍යාපෘතිය පිළිබඳ එළඹි තීරණ, ක්‍රියාමාර්ග, හැසිරුණු ආකාරය සහ වාදවිවාදවල විකෘතියක් තිබූ බවත් හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවේදී නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරිම ඇත්ත...ගොඩක් අය මේකට කැමති නෑ...පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පඩියත් අඩුකරන්න ඕන
මට මේ මිනිහව පෙන්නන්න බැහැ.ඒත් කියන දේ ඇත්ත.ලංකාවේ මිනිස්සු බහුතරය කොහොමත් කල දුටු කල වල ඉහා ගන්නෝ වෙති
මොලේ අමාරුකාරයන් දියවන්නාවට යැවුවහම ඔහොම කියවනවා .තමන්ට අසූචි කවන නායකයන් ආරක්ෂා කරන්න. රටේ මිනිස්සු ආයෙත් ඕවට රැවටෙන්නේ නැහැ. සුදුබන්ඩෝ , හඟුරන්කෙත පැත්තේ ආයෙත් ආවොත් තමුසෙගෙ කලිසම ගලවලා ඔලුවේ ඔතනවා.
මුගේ මිනී පෙට්ටියේ ගාන හදාගෙන මැරිලාම පලයන්
ගෑස් ගොනා බයිලා කියන්න එපා ඕයි.හොරුන්ට කත අදින්නේ නැතිව ජනතාවගේ යහපතට වැඩ කරපන් .බැරිනම් පලයන් එලියට
මුලින්ම ඔබ ජනතාවට වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න.
මෙන්න මෙයාට ඇමති කමක් ඕන වෙලා කොමිස් කුට්ටියක් ගන්න
ඇත්ත තමයි.ඒ මුදලත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාධ වැඩි කිරීමට යොදවන්න
මේ ගොනා බැඳලා දාන්න ඕනේ.
ඇත්ත. තම යුතුකම් ගැන වගේ වගක් නැතු වුවත් අයිතිවාසිකම් ගැන රැකියාවට එන පළමු දිනයේ සිටම කල්පනා කරන, ඉල්ලීම් කරන, ඒ අනුව මිස ආයතනයේ දියුණවට වැඩ නොකරන ආකල්ප සහිත පිරිසක් බවට රටේ වැඩි පිරිසක් පත් කිරීමට වගකිව යුත්තේ පැරැණි වාම දේශපාලන පක්ශයි. දැන් එය වඩාත් සාර්ථකව සිදු කරමින් යන්නේ ජවිපෙ හා පෙරෙට්ටන් වැනි පක්ශ ය. එස්. බී. මහතා වුවත් දැන් ඔය ඇත්ත කතා කළාට, දේශපාලන වශයෙන් බලපුලුවන්කාර කාලේ කටයුතු කළේ ජනතාවගේ ඉහත කී මෝඩ ආකල්පවලට උඩගෙඩි දෙන විලාසයෙනි. කෙසේ වුවත්, සරසවිවල දරදවු සිසුන්ට නම් එස්. බී මහතා ආමැති කාලේ තකට තක සේ සිටිමින් ඔවුන් මට්ටු කළා මතකයි.
මොකෝ කැබිනට් සංශෝදනයෙදී රජගෙදර කේවට්ටයා ඇමතිකමක්වත් ගන්න බලාගෙනද බුරන්න පටන්ගත්තේ?
ගෑස් පෝලිම් නැති කිරීමට පිපිරීම් ඇති කලා. උද්ඝෝෂණ නැති කිරීමට නම් ඔබතුමන්ලා අස්වෙලා ගමරට ඛලා කටුනායකෙන් පිටත් වෙන්න.
ඔය මොන කතා කිව්වත් ඇමති කටුවක් නම් ලැබෙන එකක් නෑ.
ගෑනිගෙන් කාලා ඉන්න ගමන් දෙන ටෝක්ස්... පලයන් මල පෙරේතය යන්න.. මිනිස්සු උඹලව හොදින් අදුරනවා.... මිනිස්සුන්ගේ කටවල් වහන්න කලින් උබේ ලැට් කට වහගනින් වසලයා.... දේශපාලුවන් හොරකම් කල ධනය බෙදල දීල හිටපන් මුලින්ම..
රට කාපු ගොන් මොලෝ ,උඹලට වැඩි කලක් ඔය හැකර කට පාව්ච්චි කරල මිනිසුන්ට බනින්න ලැබෙන්නෙ නෑ
සර් ගෙන් සැලකිල්ලක් ලැබෙයි මෙයාටත්
ඇමෙරිකාවෙවත් ,එංගලන්තෙවත් දේශපාලකයෝ උඹලා වගේ හැසිරෙන්නේ නැහැ.
අපි නම් ඕක කිව්වෙ ගුරු වර්ජනය කාලෙමයි. පවතින සෙෘඛ්‍ය හා ආර්ථික තත්වය හමුවේ මොන වෘතිතීය සමිති අයිතිවාසිකම්ද. ඒ්ත් සෘජු තීරණ නොගැනීමෙන් නරක පූර්වාදර්ශයක් සැපයුනා.
මුළු යුරෝපයේ ආර්ථිකය කඩා වැටිලා
මේ ජනතා ද්‍රෝහියා කියන්නේ පට්ට පල් බොරුය. බ්‍රිතානයේ සහ ඇමෙරිකාවේ තබා ඉන්දියාවේ වත් දැන් එහෙම කරන්නේ නැත. මිනිසුන්ගේ පිළිකුලට භාජනය වූ මේ අමන හොර දෙටුවා මිනිසුන් කෙරෙහි ඉන්නේ දැඩි වෛරයකින්ය. මොවුන්ට නිසි පාඩම් ඉගැන්විය යුතුය.
මෙයාගේ කට කොහේද තිබුණේ... කබ්‍රාල් පඩිය සහ විශ්‍රාම වැටුප් වැඩිකරනකොට? ඒ වගේම ජයසුන්දර විශ්‍රාම වැටුප් දෙක, තුන ගන්න ඒවා මේ අයට පේන්නේ නැද්ද?
පිස්සු තමයි. වලිප්පුවට දෙන බෙහෙත් දෙන්නයි තියෙන්නේ...
ඔයාලා වගේ ජනතාව එලවලා දමපු දේශපාලකයෙක් තමන්ගේ රැලේ නැතිවුණු තැන ලබාගන්න කරන උඩුබුරලෑම් අපි ගාණකටවත් ගන්නේ නැහැ. පුළුවන් නම් මර්දනය කරලා බලන්න, ඔය මර්දනය කරපු මෝඩ දේශපාලකයින්ට ඉතිහාසයේ වුණුදේ දන්නවා නොවැ.. අනික ඔයාට කරන්න පුළුවන් කැකිරි ගෙඩියක් නැහැ මේ ආණ්ඩුවේ...!
තවත් සකලබුජං නාටකයක්...!!!