IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


උත්සවසමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

(ඩයනා උදයංගනී)

ඉදිරි උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට පියවර ගෙන ඇතැයි ජීවන වියදම් කමිටුව පවසයි.

ඒ අනුව දැනට රුපියල් 450-500ත් අතර පවතින වියළි මිරිස් කිලෝවක මිල අඩු කිරීම උදෙසා ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 05 දක්වා රුපියල් 20 කින් දල ආනයනික මාළු කිලෝවක් සඳහා වන රුපියල් 100ක බද්ද රුපියල් 25 දක්වා රුපියල් 75කින් ද අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේදී තීරණය කළ බව එහි සභාපති අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

ඊට අමතරව කුකුළු මස් හා බිත්තර මිල පාලනය සඳහා ඒවා ආනයනයට කිරීමටද මෙහිදී අනුමැතිය හිමිව ඇත.

රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්‍රික් ටොන් 48.000ක ප්‍රමාණය සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන්ට ලබාදී ඉතා ඉක්මනින් සහල් කර සතොස හරහා නාඩු කිලෝවක් රුපියල් 80ක හා සම්බා කිලෝවක් රුපියල් 85ක මිලට අලෙවි කිරීමට ද තීරණය කළ බව අමත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (22)

උත්සවසමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

අමා Monday, 21 October 2019 02:18 PM

මේ සැරේ උත්සව සමය වේලාසනින් මතක්වෙලා තියෙන්නේ...

:       3       416

MaheeMonday, 21 October 2019 02:29 PM

අම්මපා ඔව්, මේ දවස්වල තියෙන්නේ අපි නොදන්න මොන උත්සවයද?

:       0       151

nuwanMonday, 21 October 2019 05:05 PM

මේ අය මෙතන පිස්සු නටනවා. හකීම් සහරාන් විතරක් නෙමෙයි, මරාගෙන මැරුණු මස්සිනා බෝම්බ හදන්න ගිහින් තුවාලවෙලා ඉස්පිරිතාලේ ඉන්න කොට බලන්නත් ගිහින්...

:       2       68

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 22 October 2019 05:01 AM

ලංකාවේ ජීවත්වන්නේ ගොන්නුන් පමණි. උගත් කට්ටිය 225 දෙනෙක් ඉන්නේ පාර්ලිමේන්තුවේ පමණි. ඕනෑම දවසක උත්සව සමය කිව්වම රටේ ඉන්න මීහරක් ටික රැවටෙනවා කියා උගත් 225 දෙනාම දන්නවා.

:       0       65

අබිලින්Tuesday, 22 October 2019 11:30 AM

උත්සව තියෙන්නේ දෙසැම්බර් මාසෙ.දැන් තියෙන්නේ මැතිවරණයක්.මැතිවරණය ඉලක්කකර බඩුමිළ පහල දැමීම මැතිවරණ නීති උල්ලන්ඝනය කිරීමක් නොවේද

:       0       0

mihira Monday, 21 October 2019 02:23 PM

ඕවා තමයි ඡන්ද ගුණ්ඩු කියන්නේ.. ඕවා අපිත් කනවා..

:       3       83

මවුබිමේ අනාතයා Monday, 21 October 2019 04:52 PM

අවුරුදු 5කට සැරයක් එන උත්සවයක් ඕක... ඕන් දැන් තමයි මතක් වුනේ ජනතාව කියලා බත්කන සත්තු ජාතියකුත් මේකේ ඉන්න බව... අපි බත්කන හරක් බොලව් !!!

:       0       115

සනත් ඉතාලිය Monday, 21 October 2019 02:42 PM

නොදන්න කමට අහන්නේ ... මේ දවස්වල තියන උත්සවය මොකක්ද? නත්තල් උත්සවයට තව මාස 02ක් තියනවනේ...

:       0       197

රජින්ද Monday, 21 October 2019 02:58 PM

උත්සව සමය ඇරඹෙන්නේ දෙසැම්බර් මුල හෝදාපාළුවට ලක්වෙච්ච වත්මන් රජයේ මංගල සමරවීර ඔහුගේ අපේක්‍ෂක සජිත්ව දිනවීම පිණිස දේශපාලන අල්ලස් දෙන්නේ ඔක්තෝබර් මැද නොවැම්බර් ඡන්දය අල්ලලා දාන්න පුළුවන් හැම ගැලවිජ්ජාවක්ම දානවා ඡන්ද කොල්ලකන්න...

:       11       69

අමිල ජය Monday, 21 October 2019 03:09 PM

අම්මෝ උත්සව සමය කවද්ද ඔක්තෝබර් මාසේ ඉඳලා ආවේ? කමක් නැහැ. තව අඩු කරන්න. මොකෝ කොච්චර අඩු කළත් අපි ඔයාලට ආපහු ඡන්දය දෙනවද? නෑනේ නෑනේ...

:       111       173

sandy123 Monday, 21 October 2019 03:11 PM

ඡන්දයක් එන කොට කැරට් අල විකිනෙනවා.

:       17       34

කපිල Monday, 21 October 2019 04:05 PM

උඩ කමෙන්ට් දාපු අය අඩු කළ මිලට බඩුගන්න එපා හොඳේ. අපි අරයට කියලා පරන ගාණටම ඉල්ලන්න.

:       5362       50

wishwaMonday, 21 October 2019 05:40 PM

කපිල, නුඹ දන්නා දෙයක් නෑ රටේ වෙන දේවල් දන්නේ නෑ.

:       14       67

kapilaTuesday, 22 October 2019 05:59 AM

දන්නවා වැඩි.කට වහගෙන ඉන්න.

:       0       1

mihira Monday, 21 October 2019 06:47 PM

අඩු කරයි 16 වෙනකම් බලන් ඉන්න අඩුවට කන්න

:       12       23

Kumar Tuesday, 22 October 2019 02:09 AM

ඇමෙරිකාවේ කිසිම වෙළඳ ද්‍රව්‍යක් රජය විකුනනෙත් නැහැ පාලනය කරන්නෙත් නැහැ. මත්පැන් සහ දුම්වැටි වර්ග අවුරුදු 21න් අඩු අයට විකිණීම තහනම්. උත්සව සමයට මෙරටේ සෑම දෙයක්ම ලාභ වෙනවා. ලබන මස 29 වෙනි දිනයට කියන්නේ කළු සිකුරාදා කියල. එසේ කියන්නේ එදිනලු රතු බැංකු ගිණුම් කළු පාටට හැරෙන්නෙ. සෑම තැනම සේල්. මෙරට ආහාරයට ගන්න දේ සැමදාම ලංකාවට වැඩිය මිලෙන් අඩුයි.

:       0       10

bw dayarathne Tuesday, 22 October 2019 03:19 AM

මොන ගුණ්ඩුවෙන්හරි බඩු මිල අඩු වෙනවානම් අපිනම් කැමති

:       0       1

ajith Tuesday, 22 October 2019 03:41 AM

බදු මිල අඩු කරන එක නම් හොඳයි. පසුගිය ජනාධිපතිවරනයේදී මහින්ද මහත්තයගේ පැත්තෙන් බෙදුව වගේ සිල් රෙදි, දින දර්ශන. ලිත් ගැස් ලිප්, බ්ලොක් ගල් මැෂින් ,ඉඳි අප්පා තට්ටු, වංගෙඩි, මෝල්ගස් බෙදන්නේ නැතුව.

:       0       4

Soma dubayi Tuesday, 22 October 2019 04:09 AM

අපි නම් හොඳට කන්න ඕන නිසා සජිත් මහතාට ඡන්දේ දෙනවා.

:       5       74

bandara Tuesday, 22 October 2019 04:33 AM

කපිල… ඔයාලගේ ආණ්ඩුවේ අඩු කරන බඩු අනික් අයට ගන්න එපානම්. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරත් ඔයාලම කන්න. ඔයාලගේ ආණ්ඩුවේනේ. මට දුක මමත් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු එක.

:       0       49

mama Tuesday, 22 October 2019 05:13 AM

මේ කියන්නේ ලෝක ළමා දින උත්සවයද ?

:       0       34

nimal Tuesday, 22 October 2019 08:37 AM

උත්සව කාලෙට විතරද බඩු මිල අඩුකරන්න ඕන? අනිත් කාලෙට වැඩි මිලටද? නාඩගම් ඡන්ද ගුණ්ඩු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25965 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18155 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10863 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 600 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 176 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site