IMG-LOGO

උතුරේ සන්නද්ධ කල්ලි ජනතාවගේ හිත් දිනාගනිමින් යති

විනීතා එම් ගමගේ

තිස් වසරක කුරිරු යුද්ධය රටට කළ සෙතක් නැත. සිදුවූයේ ශ්‍රී ලාංකික ජීවිත දස දහස් ගණනක් අකාලයේ ජීවිතයෙන් සමුගැනීමය. එපමණක් නොව රටේ සම්පත්, දේපල ගිනිය නොහැකි තරම් ප‍්‍රමාණයක් විනාශ වීමය. හමුදාවේ තරුණ සොල්දාදුවෝ පමණක් 30000 කට ආසන්න පිරිසක් මිය ගියහ. තවත් 20,000 ක් දෑත් දෙපා දෑස් ඇතුළු අවයව අහිමිව ආබාධිතයෝ වූහ.

මේ ත‍්‍රස්තවාදය පැතිරවූ එල් ටී ටී ඊ සංවිධානය බිහිවූයේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙසින් නොවේ. 70 දශකයේ යාපනයේ සංවිධානය වූ කුඩා කල්ලියක් මෙසේ ත‍්‍රස්තවාදී සංවිධානයක් දක්වා ව්‍යාප්ත වූ බව විශ්ලේෂකයන් ගේ මතයයි.

රටේ  නීතිය ගැන යාපනයේ තරුණ පිරිස්වලට තවමත් යම් කිසි ආකාරයකට දැනුම ලැබී නැත. එල් ටී ටී ඊය වටා තිබු නීති කැඞීමේ මානසිකත්වය තවම තිබේ. ආයුධ අත පත ගෑමේ මානසිකත්වය ඔවුන්ට  තිබේ.

දකුනේ වුවත් 1988 1989 දී ක්‍රියාත්මක නාඳුනන තුවක්කු-කරුවා තවමත් ක‍්‍රියාත්මක යැයි පැවසුවොත් කෙනෙකුට පුදුම සිතෙනු ඇත. එහෙත් පාතාලය දක්වා දිගු වූයේ ඒ සංකල්පය යැයි  කීම කිසිවෙකුටත් බැහැර කළ හැකිද?

දැන් යුද්ධය අවසන් වී වසර 9 ක් ද ගත වී තිබේ. එහෙත් ඉකුත් වසර කිහිපයේ දී යාපනයේ යලිත් කල්ලි ඇති වෙමින් තිබේ. ඒවා ද කල් ගත වෙද්දී ත‍්‍රස්ත කල්ලි බවට පත් නොවේ යැයි කිසිවෙකුටත් කිව නොහැකි ය.

චීන මහා විප්ලවය ඇරඹුනේ පස්දෙනෙකුගේ කල්ලියකිනි. ලොව පුරා සනාතන දහමක්  ප‍්‍රචාරය කළ බුදු දහම ව්‍යාප්තිය ඇරුඹුණේ ද පස්දෙනෙකුගෙනි.

මේ  ඕනැම කල්ලියක් කුඩා අවස්ථාවේ සිට මහා සංවිධානයක් දක්වා යාමේ ප‍්‍රවණතාව ඔවුන් ගේ පරිසරය හා ක‍්‍රියාකාරකම් මෙන්ම ඔවුන් වෙත ජාත්‍යන්තරයෙන් ලැබෙන සහය මත තීරණය වනු ඇත.

මේ මොහොත වනවිට යාපන අර්ධද්වීපයේ පමණක් කුඩා කල්ලි රාශියක් ඇති වෙමින් ඇති බව ආරක්ෂක අංශ වාර්තා කර තිබේ. ඔත්තු සේවා පවසන පරිදි මේ කල්ලි කිසිවක් ත‍්‍රස්තවාදි කල්ලි නොවේ. එහෙත් ඒවා අනාගතයේ රටට පමණක් නොව ලොවටම භීතිය ගෙන දෙන මිනීමරු ත‍්‍රස්තවාදී සංවිධාන නොවන බවට සහතිකයක් දිය හැක්කේ කාටද?

ආවා කල්ලිය, දනුරොක් කල්ලිය, වික්ටර් කල්ලිය, මේ කල්ලි වලින් කිහිපයකි. මේවා ත‍්‍රස්ත කල්ලි නොවුනත් අනාගතයේ ත‍්‍රස්තවාදය පැත්තට යොමුවෙමින්  පවතින ඒවා බවට ද බුද්ධි අංශ අනතුරු හඟවා තිබේ.

මේ වනවිට අක්කරායම් කුලම් ප‍්‍රදේශයේ ක`දවුරක් කරගෙන යන මෙවැනි කල්ලියක් ඇත. ඔවුහු ජනතාව දිනාගැනීමේ විවිධ දේ කරති. උදාහරණයක් ලෙස ඔව්හු අක්කරායන්කුලම් හි නීති විරෝධී ලෙස මත්පැන් පෙරන ස්ථානයක් ගැන දැනගත්තොත් එහි ගොස් ඔවුන්ට තර්ජනය කර මත් පැන් පෙරීමට භාවිතා කරන උපකරණ සියල්ල අත් අඩංගුවට ගෙන විනාශ කරති.

එවිට මේ මත් පැන් වලින් පීඩාවට පත් වන පවුල්වල සාමාජිකයෝ මෙම  සංවිධානයට ප‍්‍රසංශා කරති. ඒ වටා රොක් වෙති. යම් තැන ගණිකා නිවාසයක් ඇත්නම් එහි පැන එය විනාශ කරති. යලි පැවැත්වුව හොත් ද`ඩුවම් කරන බවට තර්ජනය කරති.

සූදු පොළවල් වලට මොවුන් ගෙන් ඉඩක් නැත. මේ නිසා බහුතර ජනතාවගේ සහය මේ සංවිධානවලට ලැබේ.

පොලිසියෙන් හෝ නීතියෙන් සහනයක් නොලැබෙන මේ පිරිස් සිතන්නේ මොවුන් ගැන දේවත්වයෙනි. එයින් බලය තහවුරු කර ගනිමින් සිටින කල්ලි තව තවත් ජනතා ආකර්ශනය ස`දහා කි‍්‍රයාකාරි වෙති. මේ බොහෝ කල්ලි කල් යද්දී සිදුකරන්නේ සමාජය අස්ථාවර කිරීමය. එහිදී නීතිය රකින ආයතන කිසිවක් නොකර විග‍්‍රහ පමණක් ඉදිරිපත් කරමින් සිටිනු දැකිය හැකිය. 

එල් ටී ටී ඊය ද මුල් කාලයේ ජනතාව දිනාගත්තේ මෙවැනි කි‍්‍රයාදාමයන්ගෙනි. ඔවුන් ජනතාව අතර ජනප‍්‍රිය සංවිධානයක් බවට පත් වූයේ එමඟිනි.

මේ කල්ලි දෙස බලද්දී  ඒවා රටේ නීතිය හා එය කි‍්‍රයාත්මක වීම පිළිබඳ දර්ශකයකි. මේ හා සමානව දකුණේ කි‍්‍රයාත්මක වන්නේ දේශපාලන පාතාලයයි. සමහර අවස්ථාවල දී පොලිසිය පවා ක‍්‍රියාත්මක වන්නේ දේශපාලනයේ අවශ්‍යතාවය මත වන විට සාධාරණය ඉටු නොවීම හේතුවෙන් දකුණේ ද කල්ලි ඇති විය නොහැකි ද?

  පොලිසියේ මතය නම් උතුරේ පවතින්නේත් දකුණේ පවතින තත්ත්වයම බවයි. මේ මනෝ තත්ත්වයේම දිගුවක් ලෙස නීතියට අවනත නොවන සංවිධාන ඇති වනු ඇත. දේශපාලන මුහුණුවරකින් හෝ ජනතාව බිය කර මුදල් ගන්නා සංවිධානයක් ලෙස හෝ ව්‍යාපාර මුහුණුවරකින් හෝ නොඑසේ නම් ඉහත කී අන්දමේ ජනතාව දිනාගෙන ඒ තුළින් මතුවන සංවිධානයක් ලෙස හෝ මොවුහු මතුවෙති.

එල් ටී ටී ඊ ක‍්‍රියාකාරකම් හේතුවෙන් දේශපාලන රැකවරණ පතා විදේශ රටවලට ගිය බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකාවේ මේ වනවිට පදිංචිය සඳහා සාමය පවතින බැවින් මව් රටට යන ලෙස ඒ ඒ රටවලින් බලපෑම්  තිබේ. මොවුන් බොහෝ දෙනෙක් යළි මව් රටට එන්නට කැමති නැත. එහෙත් විදේගතව සිටීමට නම් ලංකාවේ ආරක්ෂාව නැතැයි ඔප්පු කළ යුතුය.

ඒ සඳහා ඔවුහු මේ කල්ලි යොදා ගනිති. මේ කල්ලියකට මුදල් ටිකක් දී නිවසට පහර දීමක් සිදුකරවා ගත් විට එහි ඡායාරූප අදාල රටේ බලධාරින්ට ඉදිරිපත් කිරීමෙන් පහසුවෙන්ම තවත් කළක් එහි ම ජීවත් විය හැක.  විශේෂයෙන් මෙවැනි කටයුතුවලට ඩයස්ෆෝරාව මේ කල්ලි යොදා ගන්නා බව පැවසේ.

නීතිය රකින ආයතන වලින් මේ තත්ත්වය මැඞීමට කළ යුතු දේ සිදු නොවෙන බව පෙනේ. සිදුවිය යුත්තේ එවැනි කල්ලියක් නැත්තටම නැති වන තැනට කටයුතු කිරීම වුවත් එවැනි කල්ලි ගණන් නොගෙන ආරක්ෂක අංශ කටයුතු කරයි. මෙය භයානක තත්ත්වයක් වන්නේ ඉහත කී අන්දමේ ව්‍යාපතියක් වෙනුවෙන් ජාත්‍යන්තර සහය මේ කල්ලියකට ලැබීමෙනි. දැනට මත් ආවා කල්ලිය එවැනි ලක්ෂණ පෙන්වා තිබේ.

 කළ යුතු දේ හෙටට කල් දැමීම අනතුරට අතවැනීමකි. නියපොත්තෙන් කඩන්නට හැකි දේ පොරවෙන් කපන්නට වන තෙක් තබනවා දැයි සිතා බැලීම වටී.

 



අදහස් (2)

උතුරේ සන්නද්ධ කල්ලි ජනතාවගේ හිත් දිනාගනිමින් යති

සම්පත් Sunday, 11 November 2018 05:25 PM

ආවා, දනුරොක්, වික්ටර්, ඒ ඉස්සර, ජනවාරි 05 න් පස්සේ ආවාට වඩා වෙගෙන් යන්න තමයි වෙන්නේ...

:       0       0

රවින් Monday, 12 November 2018 12:27 AM

ඔය හැම කල්ලියක්ම පිටුපස දේශපාලුවෝ වැජඹෙති. වෙන්දේසි වන්නේ එවුන් තමයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2152 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 665 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 742 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site