







(රොමේෂ් මධුෂංඛ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, ජනහිතකාමී සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් උතුරේ පොලිස් නිලධාරීහු ද නගර පිරිසිදු කිරීමට දායක වී සිටිති.
වව්නියාව, මන්නාරම හා යාපනය පොලිස් නිලධාරීහු නගරයේ කසළ එක්රැස්වන ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගත්හ.
නගර අලංකරණය සඳහා පිරිසිදු කිරීමේ කටයුත්තට යාපනය මහනගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් මහතාද සහය දැක්වීය.
පොලිස් නිලධාරීන් නගරයේ වෙළෙන්ඳන්ටද තම ව්‍යාපාරික ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබුණි.
නගරය පිරිසිදුව තබාගැනීම සඳහා සහය ලබාදෙන මෙන් පොලීසිය උතුරේ වැසියන්ගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
උතුර දකුණ කියලා නෑ. ඔක්කොම එකට ඉන්න ඕනේ. ලංකාවම පිරිසිදුව තියන්න ඕනෑ..
පොලිසියේ රාජකාරිය මේකද? රටේ දැන් වෙන කිසිම අපරාධයක් වෙන්නේ නැතිවා ඇති එහෙනම්... නැවත වතාවක් හමුදාවත් කානු කපන්න, වැලි ගෝනි පටවන්න, එළවලු විකුණන්න එහෙම යොදා ගත්තා නම් නියමයි. මොකද දැන් යුද්ධයකුත් නැහැනේ...?
ඔය නගර සභාවේ දැනට ඉන්න පවිත්‍රතා කම්කරුවන්ට ඒ අයගේ වැඩ අධීක්ෂණය කරන පිරිසට මාස්පතා පඩි ගෙවන්නේ මොනවා කරනවාටද? ඔය වැඩ ටික කරවා ගන්න තිබුණේ ඒ වෙනුවෙන් මාසිකව වැටුප් ලබන පවිත්‍රතා කම්කරුවන්ගෙන් සහ ඒ අයගේ වැඩ අධීක්ෂණය කරන පිරිසගෙන් නේද?
මේවා කරන්න ඕනෑ තමයි... එ්ත් ගෝඨා කිව්වම විතරද පුළුවන්. මේ අය වහල්ලුනේ...
ඔය වාදීන් රටේ ලෙඩ රෝග අඩුවුණාම බෙහෙත් කොම්පැනිකාරයින්ට තමයි වදින්නේ...
මේ වැඩේ ඉතාමත් හොද වැඩක්. මේ සදහා පොලීසිය යොදවන්නේ නැතිව සුළු දඩ ගෙවාගන්න බැරිව ප්‍රජා සේවය ඉල්ලා සිටින අය ඉන්නවා. ඒ අයගෙන් මේ වැඩේ කරගන්නවානම් ඉතා හොදයි. අනෙක නගර සභාවේ කම්කරුවන් නිකම් ඉදන් පඩි ගන්නවා. තව සමාගම් වලටත් පිරිසිදු කිරීම් දීලා තියෙනවා. මේ ගැන ටිකක් හිතලා බැලුවොත් හොදයි.
ඔව්, සම්පත් මට මතකයි හාල්පොත් තිබුණු කාලේ, සමහර කම්කරුවන් රට ගිහින්. ඒත් නගර සභාවේ නම තියෙනවා. කවුරු හරි පඩිය ගන්නවා.
මුලින්ම කට්ටිය එකතුවෙලා සුද්ද කරලා පසුව ඒ අයට ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට ඉඩහැරිය යුතුයි.
මේක නම් හරි සවුත්තු වැඩක්, අපි මොකටද ඒ අයගේ කුණු අදින්නේ!