IMG-LOGO

‘උතුරේ නායකයන්ට ආරක්ෂාව දුන්නේ සිංහල පොලිස් නිලධාරීන්’

 

 

රොමේෂ් මධුෂංඛ

 

හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සිංහල පොලිස් නිලධාරීන් පළාතෙන් ඉවත් කර ඒ වෙනුවට දෙමළ ජාතික පොලිස් නිලධාරීන් යෙදවිය යුතු බව අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළත් අවසානයේ දී විග්නේෂ්වරන් මහතා ඇතුළු උතුරේ සියළුම දෙමළ දේශපාලන නායකයින්ට ආරාක්ෂාව සැලසුවේ සිංහල ජාතික පොලිස් නිලධාරීන් යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ කිලිනොච්චිය විවේකාන්නද විද්‍යාලයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත් වූ සිසුන් සඳහා පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය අමතමිනි.

එම විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන් විසින් ආණ්ඩුකාරවරයාව පිළිගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන එන ලද අතර එම අවස්ථාවට පළාතේ අධ්‍යාපන බලධාරීන් හා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද සිසුන්ගේ මව්පියෝ ද සහභාගී වූහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා පැවසුවේ උතුරේ දෙමළ දේශපාලානඥයින්ගෙන් වැඩි දෙනෙකුට  සිංහල භාෂාව කතා කළ නොහැකි නිසා සිංහල ජාතික පොලිස් නිලධාරීන්ගෙන් ආරක්ෂාව සැපයෙන අතරතුර භාෂා පරිවර්තන කටයුතු ද එම පොලිස් නිලධාරීන් විසින්ම සිදු කරන බවයි.

මේ නිසා මිනිසුන් භාෂා වශයෙන් බෙදා වෙන් නොකර සියළුම දෙනා මනුෂ්‍යයන් ලෙස ජීවත් වියයුතු බවත් කිලිනොච්චිය වැනි බහුතරයක් දෙමළ ජනතාව වෙසෙන පළාත්වල සිසුන් මනාව සිංහල හා ඉංග්‍රිසි යන භාෂාවන් ප්‍රගුණ කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා  වැඩිදුරටත් කියා සිටියේය.

            

 



අදහස් (3)

‘උතුරේ නායකයන්ට ආරක්ෂාව දුන්නේ සිංහල පොලිස් නිලධාරීන්’

Nuwan Thursday, 01 November 2018 06:52 AM

අන්න මසුරන් අදහස් ..කරුමෙ කියන්නේ මේවා අදාළ අයට නො අැසෙන එක.........

:       262       274

KANDEPOLA Thursday, 01 November 2018 07:35 AM

විග්නේශ්වරන් යුද හමුදාවේ ආරක්ෂාව ඉල්ලලා තියෙනවනේ... ඉතින් හමුදාවේ දෙමල සොල්දාදුවෝ නැහැනේ...

:       0       0

shan saudi Thursday, 01 November 2018 08:46 AM

අයි දැන් විග්නේස්වරම්ට දෙමල ජාතික ආරක්ෂකයන් ගැන සක හිතිලද ? නැත්නම් මහින්ද රාජපක්ෂ බලයට එම නිසා තැති ගෙනද ? සිංහලයන් බෞද්ධ සිද්ධස්ථාන උතුරින් නැගෙනහිරින් පලවා හරිය යුතුයි හමුදාව උතුරෙන් පන්න දැමිය යුතුයි කීව මිනිහ දැන් මොකද සලිතවෙලා දැන් තම හරි ට්‍රක් එකට වැටිලා තියෙන්නේ ඔහොම යන්

:       69       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site