IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උඩරට මාර්ග භාවිතයේදී අවධානයෙන් කටයුතු කරන්නැයි උපදෙස්

(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකරයේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යතු බව උඩරට පොලීසි රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
 
මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාවත්, වරින්වර හමන සුලං තත්ත්වය මෙන්ම  පවතින මීදුම් තත්ත්වයත්  හේතුවෙන් මාර්ගවලට පස් කඳු  කඩා වැටීම්, ගල් පෙරළීම්, මාර්ග ලිස්සායාම්, මාර්ග අවට ගිලා බැසීම්, විදුලි  හා දුරකතන කණු හා රැහැන් කඩා වැටීම්, මාර්ගය නිසි ලෙස දර්ශණය නොවීම් ආදිය සිදුවිය හැකි බැවින් රියදුරන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය සිදු කල යුතුව ඇතැයිද පොලීසිය පවසයි.
 
 නුවරඑළිය-බදුල්ල, නුවරඑළිය-හැටන්, තලවකැලේ- නාවලපිටිය, හැටන්- අවිස්සාවේල්ල, නුවරඑළිය- මහනූවර ආදී මාර්ග ඇතුළු උඩරට වතුකරයේ බොහෝ මාර්ගවල එක්වරම දැඩි මීදුම් තත්ත්වයන් හට ගැනීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිඳවත් රියදුරන් අවධානය යොමු කරන ලෙස පොලීසිය ඉල්ලයි.
 
 දැඩි මීදුම් හා අධික වර්ෂාව පවතින අවස්ථාවන්වලදී රථ වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන රථ වාහන ධාවනය කරන ලෙස  පොලීසිය එම මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන්  වැඩිදුරටත් ඉල්ලා සිටී.



අදහස් (0)

උඩරට මාර්ග භාවිතයේදී අවධානයෙන් කටයුතු කරන්නැයි උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site