(බිඟුන් මේනක ගමගේ )
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය විමසන අවස්ථාවේ එහි හිටපු සභාපතිවරයාට පහරදීමේ සිදුවීමේදී සභාවේ දේපලවලට සිදු වූ අලාභය ගැන තක්සේරු වාර්තාවක් සකසා අද (11) පේරාදෙණිය පොලිසියට ලබා දුන් බව සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා පැවසීය.
ප්‍රාදේශීය සභාවේ වැඩි අධිකාරිවරියා විසින් අලාභය ගැන සකස් කරන ලද තක්සේරු වාර්තාවක් මගින් මෙම ගණනය කිරීම කළේ යැයි ද පහරදීම හා දේපළවලට සිදු වූ අලාභය ගැන ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලට අදාළව මෙම තක්සේරු වාර්තාව ලබාදුන්නේ යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
එම පහරදීමේදී සභාවේ පොදු දේපලවලට රුපියල් ලක්ෂයක පමණ හානියක් වී ඇතැයි සභාපතිවරයා පැවසීය.
සිදුවීම ගැන පැමිණිලි තුනක් කළේ යැයි කී සභාපතිවරයා වීඩියෝ සාක්ෂි සියල්ල තිබියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දින හතරක් තිස්සේම පොලිසිය අසමත්වීම පුදුමයට කරුණක් යැයි අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
910
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අලාභය ගැන තක්සේරු වාර්තාවක්